අපවත්වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය අද (12) පස්වරු එකට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විශේෂ ආගමික වතාවත්වලින් පසු ස්වාමීන්වහන්සේලාගේ කර මතින් රන්සිවිගේ සහිත විශේෂ රියකට වැඩමවා තැන්පත් කැරිණි.
එම රිය සහිත අවමංගල්‍ය පෙරහර මහ නුවර නගරයේ සියලු වීදි වටා ගමන් ගත්තේය. ප්‍රදේශවාසීහු ද, විදේශිකයෝ ද මඟ දෙපස සිට ශ්‍රී දේහයට උපහාර දැක්වූහ.
දළදා මාලිගාව අසල මද වේලාවක් රන්සිවි ගෙය සහිත රිය නතර කැර තිබූ අතර අවට සිටියෝ පිච්චමල් ඉස මහානාහිමිට අවසන් ගෞරව පුද කළහ.
පස්වරු 03ට පමණ දේහය රැගෙන් අවමංගල පෙරහර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට ළඟා විය.
බෞද්ධ, කිතුනු, ස්ලාම්, හින්දු ආගමික නායකයෝ ද, මෛත්‍රීපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති ඇතුළු දේශපාලන නායකයෝ රැසක් ද අවමංගල උත්සවයට සහභාගී වී සිටිති.
පාප් වහන්සේ ද වතිකානයේ සිට විශේෂ ශෝක පණිවුඩයක් එවූහ.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාප් තුමාත් සොව පළ කරති
සංජීව කුමාර Monday, 13 April 2015 05:27 AM
අපේ නාහිමියන්ට නිවන් සුව එක සිතින් ප්‍රාර්ථනා කරමු (නදී)
වසන්ත Monday, 13 April 2015 10:43 AM
අස්ගිරි නා හිමියන් සසර දුකින් මිදෙත්වා! (නි)
ශාෆි Sunday, 12 April 2015 11:13 AM
අපේ නාහිමියන්ට නිවන් සුව එක සිතින් ප්‍රාර්ථනා කරමු (නදී)