ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පාප් පදවියට වසරක් පිරීම නිමිති කොටගෙන එතුමන්ගේ උඩුකයේ රුව ඇතුලත් පදක්කමක් පසුගිය ඔක්තෝබර් 7 වැනි දා වාතිකානුවේ දී එළි දැක්විණි.
ඉතාලි රජය නිකුත් කළ මෙම පදක්කම රන්, රිදී සහ ලෝකඩෙන් නිම කර ඇත.
පදක්කමෙහි එක් පසෙක ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ උඩු කයේ රුවක් සහ පදක්කම නිර්මාණය කළ මේරි ඇන්ජෙලා ක්‍රිසියොට්ටි යන අයගේ අත්සන සලකුණු කර තිබේ.
එය වටා “Franciscus Pont. Max. An. I.” ලෙස ද සලකුණු කර ඇත.
පදක්කමේ පිටුපස තරුණ ජෝර්ජ් මාරියෝ (පාප්තුමාගේ පෙර නම) දේව කැඳවීමට අවනත වීම ආවර්ජනය කිරීම සදහා සිතුවමක් සලකුණු කර ඇත.
වතිකාන නිවේදනයට අනුව රන් පදක්කම් 200 ක් ද , රිදී සහ ලෝකඩ පදක්කම් 3000 බැගින් ද අලෙවිය සදහා නිකුත් කර ඇත.
සියලු පදක්කම් වතිකාන රාජ්‍ය ලේකම්ගේ සහතිකයෙන් යුතුව අංක කර අලෙවිය සදහා නිකුත් කැරෙයි.
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාප් තුමාගේ පදක්කමක් එයි
අචිනි Friday, 11 October 2013 10:47 AM
අහවල් රටේ රජතුමාටත් මෙහෙම හිතෙයිද දන්නේ නෑ....... (ස)
සම්පත් Thursday, 10 October 2013 09:57 PM
අය අපේ සමහරුන්ගේත් රුව තිබෙන කාසි තිබෙන්නේ. (නි)
ජ. තිසර Saturday, 12 October 2013 02:50 AM
මා හට නොවරදී... කියන අය හට නිතර වරදී... (නි)
සමන් Friday, 11 October 2013 12:47 PM
අපේ රටේ අයත් මේවා අනුගමනය කරවී (අ)