පේරාදෙණිය, ගැටඹේ විහාරය වැඳපුදාගැනිමට කෑගල්ලේ සිට පැමිණි විශ්‍රාමික ගුරුමතාවකගේ රුපියල් දහතුන්දාස් නමසියක් ද ජංගම දුරකථනය සමග බෑගය සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කටුගස්තොට කහල්ල පදිංචි අඹහේනේගෙදර මල්ලිකා (55) නමැත්තිය ලබන 15 තෙක් රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් මොහොමඩ් ජමීල් මහතා නියෝග කළේය.
අශෝකා වනසේකර (57) විශ්‍රාමික ගුරුමතාව තම නැදෑ කාන්තාවන් දෙදෙනකු සමග ගැටඹේ පන්සලට පැමිණ බුදු මැදුර වැඳ එළියට පැමිණෙන විට බෑගයේ තිබු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය නොමැති බව දැන පේරාදෙණිය පොලිස්ථානයට පැමිණිලි කර ඇත.
සි.සී.ටී.වී රුපරාමු පරික්ෂා කිරීමෙන් පසු මුදල් පසුම්බිය සොරකම් කළ කාන්තාව හඳුනාගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd