වැලිවේරිය රතුපස්වල නැදුන්ගමුව සභාව පන්සලේ ඊයේ මහ රෑ පුජාවක් කරමින් සිටියදී එහි ඇතුළුවු පන්සලේ දායකයෝ කට්ටඩියා සමග ගැටුමක් ඇති කර ගත්හ.
කහපාට රෙද්දක් ඇදගත් පුද්ගලෙයකු දපනය දමා සුදු ෙ ෙරෙද්දකින් වසාගෙන සිටියදී දායකයන් පිරිසක් පැමිණ මේ කුමක් දැවි විමසා ඇතත් නිසි පිළිතුරක් ලැබී නැති බැවින් මේ ගැටුම ඇතිවු බව ගැමියෝ කියති.
කුකුලන් දෙදෙනකුද පෙරේත තටු ඇතුළු පුජා ද්‍රවයද එහි තිබු බවත් ඔවුහු කියති.
එක්තරා ආයතනයක පිරිසක්ද වාහන කිහිපයකින් එහි පැමිණ තිබු බවත් දායකයෝ එම පිරිස පැමිණි වාහනවල රෝදවල හුලං ඇර ඇති බවත් වාර්ථා වෙයි.
පොලිසිය පවසන්නේ සභාව පන්සලේ ස්වාමීන් වහන්සේ නමකට අසනීපයක් ඇති බැවින් යන්ත්‍රයක් දැමීමට යද්දී රාත්‍රී එකොලහට පමණ පන්සලට කඩා වැදුනු පිරිසක් ගැටුම ඇති කළ බවයි.
වාහන දෙකකට අලාභ හානි සිදු වී ඇති බවද මේ සම්බන්ධයෙන් ගැමියෝ 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදු ධර්මය රැකගන්නේ කොහොමද බුදුහාමුදුරුවනේ!!(දිල්)
අපේ මර්වින් සිල්වා ඇමති දන්නේ නැද්ද ඒයා දන්නවනම් ඔතන් කුකුළු බිලි පූජා තියනවනම් සොරි තමි... (දිල්)
රතු පස්වලට දේව කෝපයක් කියලා හිතාගෙන කට්ටඩියා සමග තව බිලි පුජාවක් කරන්න පන්සල සුදානම් කරගත්තද දන්නේ නැහැ. (නි)
[මම දන්නා එකම දේ නම් මම මේ ලෝකයේ කොහේ හිටියත් මගේ රට ,මගේ කියන දේ මගේමයි. මම ඒ තරම් මගේ රටට ආදරෙයි ] මේ රටේ සිදුවන දේවල් දුටුවම ඇසුවාම මට නම් මේ රට පැත්තට හැරී නිදාගන්නවත් හිතෙන්නේ නැත. (නි)
පන්සලක තොයිලයක් කරනවා කියලා ඇහුවමයි .බුදු දහමට නිගරු කරන්න එපා (දිල්)
නිධානයක්වත් තියෙනවද දන්නෑ පන්සලේ (දිල්)
බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි (දිල්)
දැන් ඔය රතුපස්වල ස්වයන් රාජ්‍යයේ ජනාධිපති වෙන්නේ කවුද? (අ)
මේවට නම් හොදක් වෙන්න එපා (නි)
ගැමියන්ට සහයෝගය දක්වමු, මේ දේවල්වලට වගකිව යුත්තන් මැදිහත් වියයුතු.(අ)
තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? (නි)
ගමේ පන්සලට ඇතුළු වී කරන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පන්සලේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා සහ සියළුම දායකයින් දැනුවත් වී සිටිය යුතුය (නි)
කුකුල්ලු බිලිදීලා හොයන විමුක්තිය මොකද්ද හාමුදුරුවනේ? (නි)
මම දන්නා එකම දේ නම් මම මේ ලෝකයේ කොහේ හිටියත් මගේ රට ,මගේ කියන දේ මගේමයි. මම ඒ තරම් මගේ රටට ආදරෙයි (නි)
පන්සලේත් මෙවැනි දේවලට තැනක් ලැබේද? (නි)
අසනීපයට නුල් දැමීමට කුකුළන් ගෙනවිත් සිටියේ මැරීමට නම්, එම ස්ථානයේ අයිතිකරු බුද්ධ පුත්‍රයාණන් කෙනෙක් වීමට කෙසේවත් නොහැකිය. බුදුන් ලේ ඉල්ලන්නේ නැත. (නි)
සත්ව ඝාතනය හෙළා දකිමු. (නදී)
දිසා, මම හිතුවා ඔයා දන්නේ ඔච්චර තමයි කියලා.මොකද දන්නවද? තමන්ටම කියලා අබ ඇටයක්වත් නැති අය තමයි මේ වගේ හිතන්නේ. (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, ඔයා රතුපද්වල සිද්දිය ගැන එක පැත්තකින් විතරක් බලන්න එපා. ඔය සභාව පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්. එයාට කියන්නේ මන්ත්‍රී හාමුදුරුවෝ කියලා. ජල ප්‍රශ්ණය උග්‍රව තිබුන කර්මාන්ත ශාලාවට කිට්ටුම පන්සලත් ඕක. මුලින්ම ගම්මු ගියේ පිහිටක් ඉල්ලගෙන ඔය පන්සලට. ඔය හාමුදුරුවෝ කර්මාන්ත ශාලාවේ පැත්ත අරගෙන මිනිස්සුන්ගේ පැත්ත ගත්තේ නැහැ. පස්සේ වුනත් කළේ කර්මාන්ත ශාලාවට සෙත් පතලා ඉක්මනින් වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙන්න කියලා බෝදි පුජා කරපු එකයි ශාන්ති කර්ම කරපු එකයි. මිනිස්සුන් කුපිත කරන වැඩ කලේ. හමුදාවෙන් වෙඩි තියපු පාසැල් දරුවන්ට සෙත් පතලා බෝදි පුජා තියන්න ගමේ අය ආවම හාමුදුරුවෝ ඒ බෝදි පුජා වට සහභාගි වුනේ නැහැ මග ඇරලා වෙන ගමන් වැඩියා. තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට තැනක් ආවේ ඒ නිසයි. දැන් ඒ හිමියනුත් කුට්ටයක් අනුභව කරලා වත්ද දැන් අතරුදහන්වෙලා ඉන්නේ. ලගදිම ඉන්දියාවේ යනවා කයලත් ආරංචියි. (නදී)
දිසා, යන්නෙ කොහෙද මල්ලෙ පොල්. (නි)
ඕකත් විපක්ෂයේ වැඩක් කියන්න. රජයට කිසිම දෝෂාරෝපණයක් කරන්න අපේ ඡන්දදයකින් කැමති නැහැ.හාමුදුරුවෝ අත්රුදහන් වුණු එකටත් විපක්ෂය නැතම් ෆොන්සේකා මහත්තයා අල්ලාගනිවිද දන්නෙ නැහැ (නි)
රුවන් මිල නොදත් අනුවන දන වෙළද ......\\ ලොබින් කාද මැටි මිනීයයි රැගත් ලෙද ........\\ පසන් මුනිවරුන් හැර අන් සුරන් වැද .........\\ නිවන් පතා අනුවන දන කරති පුද.....\\( සුභා සිතය )(නදී)
සමහර බොදු ස්වාමීන්ලා රූපවාහීනි දැන්වීම් දාලා මේවා කරන්නේ, තව සමහරු මේවා ගිනිතියනවා. බැලුවම පේන්නේ නිකන් අතරමං වෙලා කළුවරේ අතගානවා වගේ කුමාර්.(දිල්)
බුදුනේ බුදු පියාණනේ,අනේ මේ පන්සලක්ද,(දිල්)
එහෙනම් උතුම් තෙරුවන් සරණයට වඩා, කට්ටන්ඩියන් සරණං ගච්චාමි ලොකු වුන; අපේ හාමුදුරුවරුන්ටත්..(දිල්)
එක එක වෙස් මුහුණු වලින් හැමදාම රතුපස්වල ප්‍රවෘත්තියක් දැන් තියෙනවාමයි. (නි)
බන්දුල පෙරේරා මහතා වෙත. ඔබතුමා දන්නේ නැද්ද මිනිස්සුන්ව අවුසන්නේ කවුද කියලා? (නි)
තෙරිපැහැ සිරිදම්ම හිමියන් ඉන්නකම් රතුපස්වල මිනිස්සු කෝලාහල කළේ නැහැ. (නි)
දිසා, නුඹට මම මගේ එක කුස උපන් සොහොයුරෙක් වගේ ආදරෙයි. මේකෙම හැදිලා මේකෙම කාලා ඒ පිහිටෙන් රටකට පැනපු සමහර අයත්,කොළඹට ඇවිත් අන්තර්ජාලයෙන් හරි චිත්‍රපටියක හරි පිටරට දැකපු නිසා හරි මගේ රත්තරන් රටට ගරහමින් පහත්කර සළකමින් ඉන්න පිරිසක් බිහිවෙලා.කවුරුහරි රටට ආදරෙයි කියපු ගමන් ඔවුන් කලබල වෙනවා.ඒ විතරක් නම් කමක් නැහැ.වෙන රටක කෙනෙක් එයාගෙ රටට ආදරෙයි කිවුවොත් මෙන්න තරහා යනවා. රටේ අවාසනාවට බිහිවුණ අය. (නි)
චන්දි, රතුපස්වල ගම්වැසියෙක් විදියට මේ ප්‍රශ්නය දෙස ඔයාලා බලන විදියට මං දොස් කියන්නේ නැහැ. ගමේ මිනිස්සුන්ගේ දුක කියන්න තිබෙන පන්සලත් ගමේ අහිංසකයෝ ගැන බලන්නේ නැත්නම් පිටස්තරව ඉන්න ඔයාලා මොනවා කරන්නද? මේ සිද්ධියේ ඇත්ත එළියට ගන්න බැරිවෙන්නම යටපත් කරලා තියෙද්දී, එලනවයි කියපු ජලනල අතරමග නතර කරලා තියෙද්දී, සල්ලි වලට සමහරු යටවෙද්දී, එදා වේල හොයාගන්න මහන්සි වෙන ගමේ බහුතර මිනිස්සුන්ගේ දුක් ගී කාට නම් කියන්නද බුදු හාමුදුරුවනේ....!!!! (නි)
මේකටත් වතුර සම්බන්ධද? (නි)
එකම විසදුම තමයි ලබන පාරත් පෝලිමේ ගිහිල්ලා දෝත බැඳලා ඡන්ද දාන එක. (නි)
බුදුදහම හරියට අවබෝධ කරගන්න නොහැකි වෙලා වගේ හින්දු ආගමේ ඇති අන්ධ විශ්වාස අපි ඇදගන්න ඕනෑ නැහැ (නි)
ඉතින් චන්දි ඔයා කියන්නේ හැම මිනිහම මේ ප්‍රස්නේ එක විදියටම දකින්න ඕන කියලද..සිරිදම්ම හැමදුරුවෝ එක විදියකට දකිනවා..මේ පන්සලේ හැමදුරුවෝ තව විදියකට දකිනවා..මම තව විදියකට දකිනවා..ඔය ගමේම ඔය ප්‍රස්නේ වෙනස් කෝණවලින් දකින ඕන තරම් අය ඇති..කම්හල නිසා මේ ප්‍රස්නේ සිදු නොවානවා කියන අයත් මිනිසුන්ගේ මේ හැසිරීම අනුමත නොකරන අයත් ඔය අතර ඕන තරම් ඇති..ඔය මොකක්ද සුරකීමේ කැදවුම්කරුත් ප්‍රාදේශීය සබා යු අන් පී මන්ත්‍රී කෙනෙක් නේද? ඔය සති අන්ත පත්තර වල මේ ගිවිසුම ගැහුවට පස්සේ හමුදුරුවෝ කියල තියෙන දෙවලුයි මේ කැදවුම්කරු කියන දෙවලුයි ගලපලා බලන්න..මෙයාල යන ගමන පැහැදිලි වේවි හොදටම.(අ).
කුඹුරෙහි දිය ගලා බහින්නෙ පහත් තැනින්ලුනේ.....!!! (නි)
චන්දරතන හාමුදුරුවනේ, බුදු දහම හරියට අවබෝධ කර ගත් ජීවත්ව සිටින කෙනෙක් හොයා ගන්න බැරුව අතරමං වෙලයි අපි ඉන්නෙ. ඔබ වහන්සේවත් පෙන්නන්න අපට ආර්ය මාර්ගය! (අ)
පෙරේත තටු ගිනි තැබූ දායකයන් හරි. පන්සල කියන්නේ පුජනිය ස්ථානයක් මිස පෙරේතයන් ගෙන්න කුකුල් බිලි හෝ කුකුල් ලේ හලන තැනක් නෙවෙයිනෙ..අපේ ගමේ කල නම් මම කට්ටදියටත් පහර දෙනවා එසේ කල හැකි පිරිසක් අපේ ගමේ ඉන්නවා. අපේ පන්සලේ දෙවියන්ට පඳුරු දාන්න කට තියලත් නැහැ. (අ)
පන්සල්වලත් බුදුන් සරණ පැත්තක තියලා කට්ටඩි සරණ යනවා කියලා දැනගත්තේ අදනේ.කොහොම වුණත් දැන් දැන් රතුපස්වල කට්ටිය අධිවේගී ගමනක් යන බව පෙනෙනවා.දැන් රතුපස්වල තියෙන්නේ රටේ නීතිය අදාල නොවන වෙනම පාලනයක් වගේ පෙනෙන්නේ.තවත් මුදා නොගත් ප්‍රදේශයක් වගේ. (නි)
ඔන්න බන්දුල ඔබට දැන් යමක් තෙරීගෙන එනවා..මේ හාමුදුරුවෝ මුල ඉඳල හිටියේ කම්හල පැත්තේ..දැන් මේ සිද්දියත් කම්හලේ පිරිසක් එක්ක එකතුවෙලා පන්සල ඇතුලේ බුදුන් සරණ පැත්තක තියලා කට්ටඩි සරණ යනකොට තමයි වෙලා තියෙන්නේ.. දැන්වත් තේරෙනවද ගමේ මිනිස්සුන්ව ,මේ හැමෝම අතරමන් කරලා ප්‍රස්නේ මග අරින්න හදනවා කියල..((අ)
අද ලංකාවේ බොහෝ චීවරධාරීන් නියම බෞද්ධ ධර්මය දන්නේ නැහැ . බුදු දහමට වෙනත් ඉන්දියානු දර්ශනයන් සහ ආගම ආදේශ කරගෙන . සමහර පන්සල් අද හින්දු කෝවිල් වගේ . මේවා වෙළඳ ව්‍යාපාර දක්වා කළමනාකරණය වෙති (දිල්)
සිංහල පන්සලත් අද ඉන්දියානු හින්දු ආක්‍රමණයන්ට ගොදුරු වෙලා. බුදු දහමට හින්දු පිළිවෙත් ඇතුළු කරලා. (නි)