එංගලන්තයේශ්‍රී ලාංකික විහාරස්ථාන ස්ථාපිත කර නැති නගරවල පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකිකයින්ගේ දු දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා බ්‍රිස්ටල් බෞද්ධ විහාරස්ථානයේ මුලිකත්වයෙන් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙල යටතේ පසුගිය වසරක කාලය පුරාවටම බ්‍රිස්ටල් විහාරස්ථානයේදී සහ ග්ලොස්ටර්,ස්වින්ඩන්,සවුත්හැම්ප්ටන් සහ කාර්ඩිෆ් යන නගරවලදී මෙම පන්ති පවත්වනු ලබයි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිස්ටල් විහාරාධිපති පැල්වත්තේ ධම්මානන්ද හිමියන් පැවසුවේ සෑම මාසයකම පළමුවන ඉරිදා (3) කාඩිෆ් නගරයේදීත්,දෙවන ඉරිදා සහ හතරවන සෙනසුරාදා සවුත්හැම්ප්ටන් නගරයේදීත්, පළමුවන සහ තුන් වන සෙනසුරාදා ස්වින්ඩන් නගරයේදීත් තුන්වන ඉරිදා බ්‍රිස්ටල් නගරයේදීත් 4 වන ඉරිදා ග්ලොස්ටර් නගරයේදීත් මෙම පන්ති පැවැත්වෙන බවයි.
දහම්පාසල් සඳහා එම නගරයන්හිපදිංචි ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් ආගම් බේදයකින් තොරව සහභාගී කරවීම සඳහා උනන්දුවක් දක්වන බවද උන්වහන්සේ පැවසුහ.
මෙම පන්තිවලදී සිංහල භාෂාව සහ බුද්ධ ධර්මය පිළිබඳව මනා අවබෝධයක් ලබාදීම සඳහා කටයුතු කරනු ලබයි.
පසුගිය අප්‍රේල් මාසයේදී සවුත්හැම්ප්ටන් දහම් පාසලේ දෙමාපියන් සහ සිසු සිසුවියන් එක්වී සිංහල අවුරුදු උත්සවයක්ද සංවිධානය කරනු ලැබිය.
ලබන වසර වනවිට මෙම හැම දහම් පාසලකින්ම සිංහල අවුරුදු උත්සවය, වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය උත්කර්ෂවත් අන්දමට සැමරීමේ බලාපොරොත්තුවක් ඇති බවද ධම්මානන්ද හිමියෝ පවසති.
ග්ලොස්ටර් නගරයේ පදිංචි ඉංග්‍රීසි අනෙකුත් ජාතිකයින් සමඟ එකමුතුව පසුගියදා පැවැත්වූ සමඟි උත්සව අවස්ථාවේදී ශ්‍රී ලාංකික අනන්‍ය තාවය පිළිඹිඹු කෙරුණු ප්‍රදර්ශන කුටියක් සංවිධානය කිරීමට දහම් පාසලේ දෙමාපියන් කටයුතු කර ඇත. දවස පුරාවට පැවැත්වුන එම උත්සවයේදී ශ්‍රී ලාංකික ආහාර පාන සැපයීමටත් ශ්‍රී ලංකාව සහ බුද්ධ ධර්මය පිළිබඳ තොරතුරු සැපයිමටත් කටයුතු කරනු ලැබිය.
දහම් පාසල්වලට අමතරව පොහොහ දිනයන්හි දාන,සීල භාවනා ආදී විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදුකෙරෙයි.
පන්ති සඳහා සහභාගිවන සියලුම දරු දැරියන් ඉතා කෙටි කාලයක් ඇතුලත සිංහල කතාකිරීමේ මෙන්ම කියවීමේ සහ ලිවීමේ හැකියාවද ඉතා උසස් මට්ටමකට ප්‍රවර්ධනය කරගෙන ඉන්නා බවද පැල්වත්තේ ධම්මානන්ද හිමියෝ පැවසුහ.
මෙම පන්ති වලට තම දරුවන් සහභාගී කරවීමට කැමති දෙමාපියන් ඇත්නම් ඒ පිළිබඳ විස්තර බ්‍රිස්ටල් විහාරස්ථානයේ මෙම දුරකථන අංකයන්ගෙන් ලබාගත හැක. 01179772943 හෝ 07429175920 මෙම පන්ති පැවැත්වෙන්නේ කිසිදු අයකිරීමකින් තොරවය.
දහම්පාසල මඟින් සිංහල දෙමාපියන්ගේ දුවා දරුවන් හට ඔවුනගේ සංකෘතිය හා බුද්ධ ධර්මය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන අතර,එහි අතුරු ඵලයක් ලෙස මේ නගරයන්හි පදිංචි සිංහල පවුල් අතර අන්නෝන්‍ය සුහදතාවයක් ගොඩනැංවීමද සිදුවී ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භකර කෙටි කාලයක් ඇතුලත ඊට පෙර සිංහල කතාකිරීමට එතරම් අවකාශයක් හෝ හැකියාවක් නොතිබුන දරු දැරියන් සිංහලකතා බහ කිරීමටත්, සිංහල පොතපත කියවීමටත් උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇති අතර බොහෝදෙනෙකු උදැසන පාසල් යාමට පෙර දෙමාපින්හට වැඳ නමස්කාර කර ඔවුනගේ ආශීර්වාදය ලබාගැනීමටත් සවස පන්සිල්ගැනිමටත් බුද්ධ පුජාව පැවැත්වීමටත් හුරු පුරුදුවී ඇතිබව දහම්පාසලේ දෙමාපියන් ඉතාමත් කෘතඥතා පුර්වකව පවසති.
බ්‍රිස්ටල් විහාරාධිපති පැලවත්තේ ධම්මානන්ද හිමියෝ එංගලන්තයට වැඩමකරවීමට පෙර ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි පාසලේ සේවයකළේය.
බ්‍රිස්ටල් විහාරස්ථානයේත් අනෙකුත් නගරවල දහම් පාසල් වලත් වැඩකටයුතු උන්වහන්සේ ඉටුකරන්නේ තනිවමය. මෙයට අමතරව බ්‍රිස්ටල් විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සඳහාද ස්වාච්චාවෙන් සහභාගී වෙති.
බ්‍රිස්ටල් නගරයේ සංවිධානය කෙරෙන අන්තර් ආගමික සුහදතාවය ගොඩනැංවීමේ වැඩ සටහන් සඳහාද උන්වහන්සේ සහභාගී වෙති.
ලන්ඩන් නුවර ඇතුළු එංගලන්තයේ ප්‍රධාන නගර සියල්ලගේම ශ්‍රී ලාංකික විහාරස්ථාන ඇත. මේ හැම විහාරස්ථානයකම බොහෝ කාලයක සිට දහම් පාසල් පවත්වාගෙන යනු ලබන අතර ඒවායේ විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකික දරු දැරියන් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරති. සිංහල භාෂාව ඉගෙන ගනිති.
මෙයට අමතරව නැගෙන හිර ලන්ඩනයේ, හවුන්ස්ලෝ නගරයේ සහ වෙනත් නගර කිහිපයකම ශ්‍රී ලාංකික සංස්කෘතික සංවිධාන මඟින්ද සිංහල පන්ති පවත්වයි.
ලන්ඩන් නුවර මහමෙවුනාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින්ද දරු දැරියන් සඳහා විහාරස්ථානයෙන් බාහිර ප්‍රදේශ කිහිපයකම දහම් පාසල් පවත්වනු ලබයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල දරුවන්ට පමණක් නොවෙයි, ලෝකයේ ඕනෑම දරුවෙකුට දහම් පාසැලකදී බොදු පිළිවෙත කියා දෙන්න හැකිනම් මුළු ලොව පුරා පැතිර ඇති වර්ගවාදී, ජාතිවාදී හා භුමිය වෙනුවෙන් කරන සටන් වළකාලන්න පුළුවන් කියා අප දැඩි ලෙස විශ්වාස කරනවා. මේ කරගෙන යන වැඩ පිළිවෙල ඉතාමත් ප්‍රශංසනීයයි. (නි)
බුදුබණ කොපමණ දෙසුවත් කිසිම පලක් නැහැ, තරමක් හෝ එය පිළිපදින්නේ නැත්නම්.අපි බෞද්ධයෝ. නමුත් ලංකාවේ තරම් දුරාචාර වෙන කිසිම රටක් තවත් නැතුව ඇති.අසරණ කෙනෙකුට පිහිටවීම, සානුකම්පිතබව,ඉවසීම ,කරුණාව ,දයාව වැනි උතුම් ගුණාංග පිරිහිලා.මේ තත්වය පන්සලෙත් පොදු සමාජයේත් කිසිම වෙනසක් නැහැ. ක්‍රෝධය ඊර්ෂ්‍යාවෙන් පිරිලා. අපි බෞද්ධ කියන එක, එහි ඇති වෙනස ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනෑ. (නි)
නදීක, ටියුෂන් පන්ති නැති වෙලාවකට දහම් පාසලකට යන්න බොහොමයක් ලංකාවේ දරුවන්ට අවස්ථාව තියෙනවනේ. ඊට අමතරව හැම පෝයටම නිවාඩුවකුත් තියෙනවා නේද? (නි)
අනේ ,මේ පහසුකම් අපේ අසරණ ලංකාවේ දරුවන්ටත් දුන්නොත් නේද හාමුදුරුවනේ නිවන් යන්න පුළුවන් වෙන්නේ? (ස)
ඔබවහන්සේ කරන මේ සද්ක්‍රියාව තුලින් බුදුදහමේ ඇති සාමකාමී බව මුළු ලෝකයටම ලැබෙනවා. ඔබවහන්සේට මේ ක්‍රියාව සාර්ථක කරගන්න තෙරුවන් සරණ ලැබේවා! (නි)
අනේ කොච්චර වාසනාවක්ද? අහන්නත් සතුටුයි.හරි පින්වන්ත ස්වාමින් වහන්සේ නමක්.(අ)
අවිහිංසක ධර්මය ඉගැන්වීම සහ ඉගෙන ගැනීම තුලින් සමාජයට අයහපතක් සිදුනොවේ. කරන සත් කාර්යයට පින්. (නදී)
මෝඩ කතා කියන්න එපා නදීක- පේන්නේ නැද්ද මේ හාමුදුරුවෝ ඉන්නේ එංගලන්තේ. අනික මේ කරන්නෙත් ලංකාවේ දරුවන්ට තමයි. දැක්කේ නැද්ද මේකේ කියල තියෙනවා පන්සල් නැති නගරවල කියලා. ලංකාවේ හැම ගමකම පන්සලක් නැද්ද? හාමුදුරුවරුන්ද දේශපාලකයන්ට කඩේ යන එක නවත්තල මේ හාමුදුරුවෝ වගේ බුද්ධ ශාසනයට සේවයක් කරන්න.(නදී)
ලංකාවේ අම්මලාට දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනයක් දෙන්න පිටරටවල ඉන්න දෙමව්පියන්ට තරම් අවශ්‍යතාවයක් නැහැ. මුළු දවසෙම ශිෂ්‍යත්ව පන්ති වලට දරුවා ඇදගෙන යන ගමන්මයි. නැත්නම් වෙනත් බාහිර පන්තියකට දරුවාව ගාල් කළ ගමන්. මේවායේ ප්‍රතිඵල එන්නේ ළමයා උගත් නමුත් දෙමව්පියන්වත් අඳුනන්නේ නැති ගුණමකුවකු වුණ දවසටයි. (නි)
හරිම හොඳ වැඩක්. දකින්නත් සතුටුයි!!! (නි)
එංගලන්තේ වැඩි හරියක් ලංකාවේ දෙමව්පියන් තම දරුවන්ට සිංහල අමතක කරන්න දී ඔවුන් ඉංග්‍රීසියෙන් පමණක් කතා කරන එක මහත් උජාරුවෙන් බලා සිටිනවා. ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ලංකාවේ සිටම හීන මානෙන් පෙළුණු මොවුන් තම දරුවන්ට කරන්නේ විශාල හානියකි. (අ)
මෙන්න නියම ශාසන සේවාව!. තමන් වැඩ සිටින තැන කොතන වුනත් පැවිදි උතුමෙකු වශයෙන් තමන්ගෙන් සමාජයට විය යුතු යුතුකම අමතක නොකොට මේ උතුම් කාර්යයට එළඹී ස්වාමින් වහන්සේට නමස්කාර පුර්වකව පින් දෙමි. (අ)