හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් තීන්දුවේ පිටපත් ජනාධිපති ලේකම් සහ අධිකරණ අමාත්‍යංශ ලේකම් කැඳවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (14) අභියාචනාධිකරණ රෙජිස්ටාර්ට නියෝග කළේය. තම පාර්ලිමේන්තු මන්ති‍්‍රධුරය අහිමි කිරීමට එරෙහිව ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා, ඒ. ඩබ්ලිව්.ඒ. සලාම්, උපාලි අබේරත්න ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝගය ලබාදෙන ලදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රදානය කැරුණු සමාව ෆොන්සේකා මහතාට ලැබුණත් එහි පිටපතක් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි පෙත්සම්කාර සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කල් ඉල්ලීම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය දුන්නේය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ සමාවේ පිටපතක් මේ වන තුරු නීිපතිවරයා වෙතට වත් ලැබී නොමැති බවය. ෆොන්සේකා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දෙවැනි යුද්ධාධිකරණය විනිසුරු මඩුල්ල, පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමසාරිස් නම් කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොන්සේකාගේ සමාවේ පිටපත් උසාවිය ඉල්ලයි
අමිල Thursday, 14 June 2012 05:08 PM
දැන් එයාටම කරකවනවා වගේ නේද?
කිරි පණුවා Friday, 15 June 2012 04:35 PM
හිරේ ඉන්න තාක්කල් වෛද්‍ය සහතික.ඇපලෝ,නවලෝක දොස්තරලට ඉවරයක් නෑ වෛද්‍ය සහතික ලියලා
කිරි පණුවා Friday, 15 June 2012 05:15 PM
දැන් ඔය යන්නේ ගිජ්ජකූට පර්වතේ පෙරළන්න. මුසාවාදා වේරමණී සික්ඛා නොපදං සමාධි නොයාමි
සුදත්- uae Friday, 15 June 2012 09:52 AM
මෙයා නම් දකුණේ කෙනෙක් වෙන්න බෑ
මහජනයා Thursday, 14 June 2012 06:34 PM
සමාව දීලා තියෙද්දි තවත් දේවල් ඉල්ලනවා.කට...කට....
ජනතාව Thursday, 14 June 2012 07:15 PM
ඔන්න දැන් ඔය වග උත්තර කරැවෝටික ඇතුලට යන්න පැදුරැ කොටිට ලෑස්ති කරගන්න.
ලහිරු-ලීඩර් Thursday, 14 June 2012 07:32 PM
SF-ඔබයි අපේ සම්පත
රෝහිත සමරකෝන් Thursday, 14 June 2012 09:15 PM
මෙයාට ඇත්තටම මානසික ආබාධක් තියෙනවා..
සුදත් රෝහන ප්‍රනාන්දු Saturday, 16 June 2012 02:08 PM
'' SFමහත්තයෝ ෂේප් එකේ ඉන්නකෝ...''
හිමාෂි- abudhabi Saturday, 16 June 2012 01:07 AM
නමට ගැළපෙන්නම වැඩ