හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සෙනසුරාදා නිදහස ලබනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි කියයි. ඔහු නිදහස් කිරීමේ නිවේදනයට මහින්ද රාජපක්ෂ ජනපති සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී අත්සන් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ. පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ෆොන්සේකා 2010 පෙබරවාරියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ සිනමන් ලේක් හෝටලයේ සිටියදීය. රජය පෙරැලීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගා තිබිණි. ඉන්පසුව යුද්ධාධිකරණය ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම කළේය. යුද හමුදාවට උපකරණ සැපැයීමේදී වංචා සහගතව ක‍්‍රියා කළැයි ඔහු වැරැදිකරු විය. දැන් ඔහු මාස 30ක සිර දඬුවමක් ගෙවමින් සිටී.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද උසාවියෙන් ඇප ලැබෙයි නේද? ඔන්න කොකු දාන්න නම් එපා
ඔබ අපට අවශ්‍යි.....ඔබට ජය........!!!!
රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා........ඔබට ජය !!!
අපේ යුද විරුවාණනි ඔබට ජය වේවා. දීර්ඝායුෂ ලැබේවා ! .....................
ජනපතිතුමනි, නිදහස් කළා වගේම ඔහුගේ නැතිවුණු දේවලුත් නැවත ලබා දෙන්න
ජනාධිපති තුමන් ගත් බුද්ධිමත් තීරණයක් ..
අනේ නිදන් හොරුටික අල්ලා දෙන්න...
ලක්මවගේ ආදර වීර සෙන්පති පුතනුවනි. ඉක්මනින් නිරෝගී සුවය ලැබී, නැවතත් රට ,ජාතිය, ආගම වෙනුවෙන් ඔබගේ ඉතිරි කාලය යොදවනු මැනවි.ජනපතිතුමාටත් ජය
වැඩේ නම් හොදයි.ඒත් කරපු කාලය තමයි ප්‍රශ්නේ
රජයක් කියන්නේ කන්න ඕනේ වුණාම කබරගොයත් තලගොයෙක් කරන කෙනෙකුට නෙමෙයි.ඒ නිසා නිදහස දුන්න පමණින් රජයට ස්තූති කරන්න බෑ
සැබෑ විරුවණි ඔබට ජය....
උසස් දෙයක්
ඔබතුමාට ජය වේවා....
මේ දේශපාලනය නම් ආයි එන්න හිතන්නවත් එපා.ඔබ ස්වාධීන නම් අපි ශබ සමග සැමදාම ඉන්නෙමු
යුද්ධය නිමකිරීමෙන් අවුරුදු 3කට පසුවවත් නිදහසට උරදුන් වීරයෙක් ලෙස පැහැදී ජනාධිපතිතුමා ගත්තු තීරණය උතුම්... ඒ වගේම තමන් ලැබූ නිදහස ගැන උඩඟු නොවී, තම වෛරී සිතුවිලි මත ජනතාව මුලා නොකර, ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
ජෙනරාල්තුමනි, ඔබට මගේ හදවතින්ම නැගෙන සුභ පැතුම්!
අපේ අනාගත වීරයාට සුභ පැතුම්!
මම නම් හිතන්නේ මේ රටේ ජනතාව අපේ අතිගරු ජනාධිපතිතුමාව තවම හරියට තේරුම් අරගෙන නැහැ කියලා. එතුමාට ඔය කාටත් වඩා හොඳ හදවතක් තියෙනවා කියලා බොහොම කළක් ලඟින් ඇසුරු කළත් අපේ සරත් පොන්සේකා මහතාට තේරුම් ගන්න බැරුව යන්න ඇති. ඒ වගේම එතුමා විසින් යුද්ධය පවතින අවස්ථාවේදී කළ කැප වීම් මෙපමණයි කියලා කියන්න අප කටවත් බැහැ. මේ හැම දෙයක්ම වෙන්නේ හොඳටයි. මන්ද මට මතකයි අපේ රටේ ඉතාම ශ්‍රේෂ්ඨ රණ විරුවෙක් වෙච්ච ජානක පෙරේරා මහතාට වෙච්ච දේ. ඒ කොහොම වුණත් දැන් මේ සියල්ල අතීතයට එක් වෙලා අවසානයි. අනිත් එක මම නම් හිතන්නේ අතිගරු ජනාධිපතිතුමායි සරත් පොන්සේකා මහතයි දෙපැත්තක ඉන්නේ නැතිව මේ ආර්ථික යුද්ධයත් ජය ගන්න එකම පැත්තක ඉඳලා වැඩ කළා නම් මීටත් වඩා හොඳයි කියලයි. දෙදෙනාටම නිරෝගී සුවයත් සියලු දෙවි රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා.
ජෙනරාල් තුමණි ඔබ යුධ හමුදාපති කලෙත් යුද්ධය දිනන්න දිරිගනවා අවසර දුන්නෙත් ඒ මගින් ජනාතා ප‍්‍රසාදය ලබා දුන්නෙත් හිරෙන් නිදහස් කෙලෙත් ජනාධිපති මහින්දයි සත්‍යය වටහාගන්න රට දිනන විට නින්දා කල අය මතකයිනේ තොප්පිගල නිකන් කැලයක්, මැදවචිචිය, අලිමංකඩ කියා පාමංකඩ වගේ වචනත් මතක් කරන්න ඔබට ජය
ජය ජය වේ..... ලැබූ ජයග්‍රහනයන්ට....
අපි බලා සිටිමු.....ඔබ එන තුරු.....ඔබ සැබෑ වීරයෙකි....
ඔබට බුදු සරණයි !.......
සරත් ෆොන්සේකා මහතාට ජය වේවා . . . හෙට තමයි එහෙනම් අපේ දවස ,,,, , , ,
ඔබට සැමදා ආදරෙයි..
අද රෑ වෙන්නත් පුළුවන්
අද රෑ වෙන්නත් පුළුවන්....
ආයෙත් අත්අඩංගුවට ගන්නේ නෑ නේද???
නිදහස් කරනකම් කියන්න අමාරුයි
සිරිපාල මේක ජනාධිපති තුමන් ගත්ත වැදගත් තීරණයක්..................
ඔබ තමයි විශිෂ්ඨයා ඔබ තමයි විශිෂ්ඨයා ඔබ තමයි විශිෂ්ඨයා ඔබ තමයි විශිෂ්ඨයා - ජෙනරාල් සරත් ෆොන්සේකා !!!!!
ඔහු අධිශ්ඨාන ශීලී නායකයෙක්...එවැනි නායකයෙක් තමයි රටට අවශ්‍ය.
අපේ අනාගතය දැන් පැහැදිළියි......ඔබ අපේ ජීවයයි...
කිරිබත් කන්න ලෑස්තිවෙයල්ලා
ළඟදි ඡන්දයක්වත් තියෙනවද??
හොඳ දෙයක්, අගනා තෑග්ගක්....
සුභ පැතුම්
ඔබට යහපතක්ම වේවා ....! අදැහැමි පාපතරයන් හදුනාගෙන ඉදිරියට යන්නට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඔබට ශක්තිය ලැබේවා .....................!!!
සරත් ජෙනරාල් දක්ෂ හමුදා නායකයෙක්. මහින්ද දක්ෂ දේශපාලකයෙක්. මේ දෙක පටලවාගෙන දෙන්නම රටට කරේ ලොකු අපරාධයක්...
අනේ හොදයි, ඒත් සරත් පොන්සේකා මහතා ස්වාදීන මාර්ගයකින් දේශ පාලනයට එනවනම් හොදයි.ඒත්,වෙනත් අයගේ ඉත්තෙක් වෙන්නේ නැතිව.වෙනත් අයට ඔහු අවශ්‍ය වන්නේ ඔවුන් ගේ පල ප්‍රයෝජන වලට සහ රජයට මඩ ගැසීමට පමණක් බවයි මගේ පිළිගැනිම.
රට නිදහස් වුණා වගේ ඔබත් නිදහස් වෙන්න....
දේශය ගලවාගත් විරුවාණනි ඔබ පිළිගන්නට අපි බලාසිටින්නෙමු..!! මේ මහා සටනට අප හා එක්වුණු සරත් ඔබට අපි ආදරෙයි..!!
රටේ නිදහස වගේම ඔබ තුමන්ගේ නිදහසද අපි බලාපොරොත්තු වෙමු......
සඳුද ඉදල වැඩපටන් ගනීවි....
ඔබතුමා නිදහස ලබලා ආවම ..පරිස්සමින් අදහස් ප්‍රකාශ කරන්න නැතිනම් අයෙත් කරදරයක් වේවි ඔබතුමාට..
ඔහුව හිරේ දාන්න නැකැත් බැලුවෙ නෑනේ ? එහෙම එකේ එළියට දාන්න මොකටද නැකැත් බලන්නේ. හැකි ඉක්මනින් නිදහස් නොකර.. කරුණාකර ඔහුගේ අසනීප තත්වය ගැන සලකා ඉක්මනින් නිදහස් කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි.
සෙනසුරු............ සෙනසුරාදා මාරු වෙයිද?
රට බේරා ගැනීමේ ඊළඟ මෙහෙයුට අපි සූදානම්.....
ඇත්ත යතාර්ථය නම් ..කොච්චර ඡන්ද තිබ්බත් දිනුම ලබන්නේ මහින්ද ජනාධිපති තුමායි ..එකට හේතුව තමා ජනතාවට ලෙන්ගතු ..හැම තරාතිර කම පුරවැසියන් අවංකව ඇසුරු කරමින් ජනතාවට ආමන්ත්‍රණය කිරීම
සහයෝගයෙන් රටට වැඩ කරන්න, එතකොට මේ සේරම හරියයි....
ගෙදර ඇවිත් මොනව කරයිද?
ජනතා පුත, අපි ඔබට සැමදා ආදරේයි......
රජයට මොකද මේ වෙන්නේ....
ඔබතුමා ලබන සෙනසුරදින් පස්සේ නිදහස් ...ඇත්තටම ...මට දැනෙන්නේ මම නිදහස් වෙලා ගෙදර යන කෙනෙකු සේ හැගීමක් ගොඩාක් සතුටු කාරණාවක්. බලාගෙන...පරිස්සමෙන්.... අවස්ථාවාදියෝ හැමතැනම ......
විරු දිනයේ නියම විරුවා ඔබයි.........ඔබට ජය!!
ජනපතිතුමාට ස්තූතියි!
තමන්ගේ තත්ත්වය තියාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න සර්
ඔබට ජය.මුළු ලක් වැසියාම ඔබ ළග
ජෙනරල් තුමා කවදත් නිදහස් තමයි ඔහු දේශපාලන හිරකරුවෙක් නොවෙන්න
ජෙනරල් තුමනි, ඔබ මගේ යුධ විරුවායි.කුහක දේශපාලඥයින්ට කවදාවත් ඔබව නවත්වන්න බැරිවුනා
හැමවිටම අපි ඔබ සමඟයි................ඔබයි නියම විරුවා.....
ජෙනරල් තුමනි, දැන් ඉතිං පිදුරු ගහේ හරි එල්ලෙන්න බලලා ඔබට අමාරුවේ දැම්ම අය එක්ක ඇයි හොදයි කම් නවත්වන්න
හදිසි කරුණාව මොකෝ දන්නේ නෑ.කෙසේ නමුත් ජනපතිතුමාට ස්තූතියි!
විශ්‍රාම සුවයෙන් ඉන්න සර්
විජයග්‍රහණය සැමරුමට ජෙනරාල් තුමාටත් ගාලුමුවදොරට යාමට වාසනාව ලැබේවා...!!!!
ඔබට ඉක්මන් සුව සහ ජයෙන් ජය ප්‍රාර්ථනා කරමු!
වෛරයෙන් වෛරය නොසන්සිදේ.ජනපතිතුමනි, අපිට ඔබ ගැන ආඩම්බරයි
නිදහස ලබන්නට ඔබ වැරදිකරුවෙකු හෝ සිරකරුවකු නොවේ.....ඔබට ජය...!
සමාව දීම දේව ගතියක්. ඉදිරි ක්‍රියාමාර්ග ගැන සැළකිළිමත් වෙන්න
ආදර රණවිරුවානනි, නිර්දෝශීව ඔබ බොහෝ කලක් වැජඹේවා.... ඔබට ජේසු පිහිටයි...!!!!
මීට පස්සේ කාගෙවත් පස්සේ යන්න එපා. තනියම දේශපාලනයට එන්න.
කොටි වලිගය
ජනාධිපති තුමනි,ඔබට බොහෝම පින්, ජෙනරාල් තුමනි ඔබට ජය..!
ආයෙත් නම් දේශපාලකයන්ගේ ලනු කන්න එපා සර්. “තමාගේ විපතේ දී මිතුරන් විනිශ්චය වේ".
කට්ටිය දැන් බෝධි පූජා තියනවලු නේද????
නැවතත් වැඩි තණ්හාවට නොගොස් තමන්ගේ තත්ත්වය තියාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න
හෙට දවස වෙනුවෙන් බුද්ධිමත්ව වැඩකරන්න..
ජනපති තුමාට ස්තූතියි...දේශපාලන මඩවගුර ඒතුමාට සුදුසු නැහැ .
ඇත්තටම මගේ දෙනෙතින් කදුළු එනවා සතුටට.බුදු සරණයි ඔබට!
දේශපාලනය කියන මඩ ගොහොරුව මල් උයනක් වුණ දාට නැවත ඒකට එන්න.
කිසියමි රටක තානාපති වරයෙක්ලෙස පත්කරොත් නරකද?????
ආයෙත් අත්අඩංගුවට ගන්නේ නෑ නේද???