ලබන සඳුදා හිරෙන් නිදහස් කරතියි අපේක්ෂා කරන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බැලීමට ඇමෙරිකාවේ සිට ඔහුගේ දියණියන් දෙදෙනා වන අපර්ණා සහ අප්සරා, අනෝමා පොන්සේකා සමග නවලෝක රෝහලට ගියහ. තාත්තා දැක්කේ කාලෙකට පස්සේ. අපව දැක්ක ගමන් ඔහුගේ දැස්වලත් කඳුළු පිරුණා. නිදහස ලැබූණු ගමන් තාත්තා සමග මුලින්ම පන්සල් යනවා යැයි ඔවුහු කීය. තිදෙනාම සතුටු මුහුණින් රොහලෙන් පිටවී ගියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටු දිනයක්....
නරකද එක දුවෙක් රජ පවුලට සෙට් කරානම් ?
ගොඩක් සතුටුයි...අපිටත් ජය වේවා !!
දරු සෙනෙහස මෙලොව ඇති සැම දෙයක්ම අභිබවා යනවා
පොන්සේකා නියම රජෙකි..!
අනේ මෙහෙමත් දුවලා.නිදහස් කරන්නම ඕනයැ තාත්තා බලන්න.ආපසු යනකොට තාත්තවත් එක්කම ඇමෙරිකාවට යන්න. ඒක කාටත් හොදයි.
කොහොමද ??
යුදධය නිමාවෙලා දෙමව්පියන් එක්ක දරුවන්ට සතුටින් ඉන්න, පසුබිම හදන්න මුල්වුනු තවත් සැබෑ විරුවෙකුගේ දරුවන්. මේ පවුලත් සතුටින් ඉන්නව නම් අපිටත් සතුටු වෙන්න පුළුවන්. ඒත් තාත්තව අහිමිවුනු තවත් පවුල් වල දරුවන් කී දෙනෙක් දුකින් ඉන්නවද? ඒත් ඒ හැමෝමත් අද ජෙනරාල් වෙනුවෙන් සතුටු වෙනව....
ද ෆිනෑන්ස්.
ඔබ දෙදෙනාවත් තාත්තාට සැබෑ දැක්ම පැහැදිලි කර දෙන්න
දැන්වත් අසරණ දරුවන් ගැන හිතලාවත් මේ උත්තමට සැනසීමේ නිදහසේ ඉන්න දෙන්න දෙයියනේ. මේ උත්තමා මේ රටට කරපු සේවය ඇගයීමට ලක්කරලා ජීවිතේ අවසාන කාලයේදී වත් නිසි විදිහට එතුමා උපයාගත් නිලතල,ගරු නම්බුනාම,පදක්කම්,විශ්‍රාම වැටුප එතුමාට යළී ලබා දෙන්න. තරු හතරේ ජෙනරාල් නිලයට පසුව හමුදාවේ ඇති ඊළඟ උසස් නිලයට හෝ ෆීල්ඩ් මාෂල් නිලයට උසස්වීමක් ලබා දෙන්න. මේ වගේ උතුම් කෙනෙක් ආයේමත් මේ රටට ලැබෙන එකක් නැහැ. දැන ඉන්න ආත්මාර්ථකාමී මිනිසුන් එක්ක සසඳලා බලනකොට මෙතුමා අපේ රටට වටිනා සම්පතක්. ඒක දැන්වත් තේරුම් ගන්න මෝඩ මිනිස්සුනේ කියලා ඉල්ලා සිටින්න කැමතියි
බැන පොඩ්ඩ ආවෙ නැද්ද?
ඔබ තුමාට බුදුසරණයි !! අපි ඔබ තුමා සමඟයි....
ඔබලාගේ සිනාපිරි මුහුණු දකිනවිට වඩාත්ම සතුටු වන්නේ ලක් මතාවය. මන්ද ඇය බිහිකළ ශ්‍රේෂ්ටතම පුත්‍රයකු සිරගතව සිටියදී වඩාත්ම දුක්වුයේ ඇය බැවිනි.
පියතුම තෙවසරක් සිපිරියෙ වින්ද දුකක් සැනසුම කොහිද දිවියම විය යුද්දෙ මිසක් ලොවටම උතුම් සිරි ලක්වැසියන්ට පියෙක් මවටම මෙන්ම අපටත් ඔබ රුවන් කදක්
සියලුම දෙවි අරක්‍ෂාවයි. බුදු ගුණ අනන්තයි.
හැම මුහුණකම සතුටේ මල් පිබිදේවා.
ජෙනරාල්තුමනි, එළියට ආවට පසු පරණ විදියට කතා කරන්න එපා. පිට රට ඉන්න අපි ඔබට අකමැති වුණේ එම නිසයි. දැන් රජය කරන වැඩ දැක්කම ඔබ තුමා ආවනම් හොදයි කියලා හිතෙනවා.
තාත්තාව නිදහස් කරගත්තා වගේ ධනුක තිලකරත්නවත් උසාවියට ඉදිරිපත් කරලා ජනාධිපති සමාවක් ගත්තනම් ඉවරයි. නැත්නම් හංගගෙන ඉන්න තමයි වෙන්නේ.
මේක හොඳ පෙරණිමිත්තක්. මේගොල්ලො පරණ දේවල් අමතක කරලා අපහු එකතුවෙලා රට ගොඩදාන්න වැඩ කරනවානම් ඒක තමයි පිටරැටියන්ට දෙන්න පුළුවන් හොදම ආදර්ශය.
සුභපැතුම්
ඔයගොල්ලන්ගේ තාත්තත් ආඩම්බරකාර තාත්තා කෙනෙක් තමයි
අපිත් සතුටුයි ගොඩක්
මව්බිමට පැමිණීම සාධරයෙන් පිළිගනිමු. එක් දියණියක් අනාගත සමාජ සේවා ඇමතිනියයි. අනෙක් දියනිය අනාගත අධිකරණ ඇමැතිනියයි.
රණවිරුවාණෙනි අපට ඔබගේ සුභපැතුම්..
ඇයි බැන පොඩ්ඩ ආවෙ නැද්ද?
තාත්තාව ඔය අවස්ථාවාදී උගුල් අටවන්නන්ගෙන් පරිස්සම් කරගන්න.
සුභ පැතුම්....
කට පරිස්සම් කර ගත්තොත් ඉදිරියට නිදහසේ ඉන්න පුලුවන්
ඔබ රට වෙනුවෙන් වින්ද දුක අපටත් දැනෙනවා.ඔබ යුද්ධය දිනුවා වගේ නුවණින් දේශපාලනයත් ජය ගන්න