(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

පනාමුර පොලිස්ථානයේ සිර මැදිරියේ දී පුද්ගලයෙකු මියයාම සිදුවීම සම්බන්ධයෙන් අලුයම රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අද (17)  සිට තහනම්කර තිබේ.

සිද්ධිය වු අවස්ථාවේ උපසේවා නිලධාරී ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ සහ රාත්‍රී රාජකාරීභාර නිලධාරියා ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයාගේ සේවය මෙසේ තහනමට ලක්කර තිබේ.

ඊට අමතරව සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදා වෙන වෙනම විමර්ශන ආරම්භ කළ බව ද,  උසස් පොලිස් නිධාරියෙක් පැවසුවේය.