වලල්ලාවිට කටුදර නිවසක වහළෙන් සොයාගත්  ‘ටැරන්ට් ටියුලා′ දිවි මකුළුවා  රෞද්‍ර පෙනණුමක් ඇතැත් අහිංසකයෙකි.

සෙන්ටිමීටර් 18 ක් පමණ දිගැති මේ සතා ඉතාම සුළු විසක් ඇති බව  පරිසරවේදීහු කියති. ශ්‍රී ලංකාවේ දිවිමකුළු විශේෂ හතක් සිටිති. මේ දිවිමකුළුවා පිසියොතෙරිආ ඕනාටා යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වේ. මොවුන් මෙරට පහතරට තෙත් කලාපයේ ජීවත් වෙයි. මේ වහළෙන් හමුවී ඇත්තේ එම විශේෂ ශ්‍රී ලංකාවේ සිටින සියළුම දිවිමකුළුවෝ ලංකාවට ආවේණිකය. පිසියොතෙරිආ ඝනයට අයත් දිවිමකුළුවන් සිටින්නේ ද ශ්‍රී ලංකාවේ පමණි.

මෙරට සිටින දිවිමකුළුවන්ට මාරාන්තික විෂ නොමැති බව ද කුඩා සතකු මරා දැමීමට තරම් විෂක් ඇතත් දිවිමකුළුවකු දෂ්ඨ කළ විට පත්තෑයකු හෝ ගෝනුස්සකු දෂ්ඨකළ අවස්ථාවක දී ඇතිවන අපහසුතා ඇතිවන බවත් පරිසරවේදීහු කියති.

tarantula.2 tarantula.2.jpg2