පින්නවල අලි පැටවු 15 දෙනෙක් අද නම් ලැබූහ. ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව නම් තබා ඇත. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාද පැමිණ සිටියේය. කෙනර පැටවුන් වනමලී, සිඟිති, අනුත්තර, බිණුකි, ටි‍්‍රන්කි, නන්දි, අධිකි, එවුලිනා වශයෙන්ද අලි පැටවු මහිංස, ගගණ, තේමිය, මංගල, ජනක, කඩොල්. ඉසිර යන නම් ලදහ. එක් කෙනරක බිහිකළ සිවුවැනි පැටවාද කෙනරුන් දෙදෙනක බිහිකළ දෙවැනි පැටවුන්ද කෙනරුන් නව දෙනක බිහිකළ දෙවැනි පැටවුද ඒ අතර වූහ.