ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව මගින් වසර ගණනාවකට පෙර ආරම්භ කිරිමට නොහැකිව පැවති පින්නවල විවෘත සත්වෝද්‍යානය අප්‍රේල් 17 වැනිදා විවෘත කිරීමට නියමිතය.
සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, හා උසස් අධ්‍යාපන මහා මාර්ග ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂිම්, ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා මහතා පවසයි.
අක්කර 140 භුමි ප්‍රමානයක් තුළ ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානයේ සියලුම සතුන්ට සිර කිරිමකින් තොරව නිදැල්ලේ සැරි සැරිමට ඉඩසලසා ඇත. නරඹන්නන්ටද මෙහි සිටින සතුන් පැති කිහිපයකින් නැරඹිය හැකි විමත් විශේෂත්වයක් වේ.
17 වැනිදා විවෘත කිරීමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා නරඹන්නනට නොමිලේ මෙම විවෘත සත්වෝද්‍යානය නැරඹිය හැකි බවත් අධ්‍යක්ෂ ඡනරාල් වරයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ආණ්ඩුව නෙමේ චන්ද්‍රිකා මැඩම් (බ)
මහින්දගේ වැඩක් (බ)
සතුන්ට හොඳකලක් උදාවෙලා! (නි)
මෙවැනි දෙයක් ආරම්භ කිරීම ගැන පසුගිය රජයට සුබ පැතුම්.(බ)
වසන්ත,ඒ යකඩ වැට දැම්මේ නැත්නම් වටේම ආවරණය වන පරිදි, මුවෝ, ගෝන්නු , වලස්සු ටික අල්ලපු ගමට යනවා. පසුගිය රජයට මගේ හද පිරි ස්තුතිය!!!! (නි)
මේක ආරම්භ කළේ ධර්මසිරි සේනානායක මහත්තය.ඒ කාලෙ හිටපු ලොකු නෝනා කෙනෙක් මේක කරගෙන යන්න දුන්නෙ නෑ.අවුරුදු ගානක් කැලේ වැවි වැවී තිබුනෙ.ඊට පස්සෙ ගිය ආණ්ඩුව පොඩ්ඩක් එලි පෙහෙළි කරලා ආරම්භ කරන්න සුදානම් කරලා තිබ්බ.මේ ආණ්ඩුව ඒක විවෘත කළා.සිම්පල් ප්ලෑන් එකක්. (බ)
දමිත මේ ලිපියේ කොතනකවත් දින සීයෙන් කළා කියල ලියවිලා නැනේ. ඔබතුමා කල්පනාවෙන් ලිපිය කියවා තේරුම් ගත්තොත් නරකද? (බ)
හා!ඉතින් තාමත් සමහර මිනිස්සු කියනවා දින සීයට වැඩ කළා මදියි කියලා. ඔය තියෙන්නේ (බ)
ප්‍රභාත් සත්‍ය සිදුවීම පැහැදිලිව කියො තිබෙනවා. (නි)
සතුන්ටත් අවුරුදු සතුට ලැබිලා වගෙයි (නි)
හොරා ගනිපු සල්ලි එක්ක බලනකොට මේවා පොඩි දේවල් (බ)
යහපාලන ආණ්ඩුවේ සෑහෙන පිරිසකට ඉඩ තියෙනවා ඔතන ඡන්දෙන් පස්සේ. (බ)
පසුගිය ආණ්ඩුවේ වැඩ මෙයාලා උත්සව තියලා නම දාලා විවෘත කරනවා (බ)
වනේ වන සතුන්ටත් යහපාලනයෙන් නිදහස ලැබුණා (නි)
කලින් ආන්ඩුවේ වැඩක් නේද? හොඳදේට ක්‍රෙඩිට් එක දීල විවෘත කරයි කියල හිතනවා (බ)
පසු ගිය රජය කියල දෙයක් නෑ. අතරමග නොනවත්වා ඉදිරියට වැඩ කරගෙන යන එක තමා වැදගත් අරය පටන් ගත්ත මෙයා පටන් ගත්ත කියල මෙතන දේශපාලන විග්‍රහ නතර කරමු (බ)
දවස් 100 කට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද ?(බ)
මේවා දින කිහිපයකින් කරන්න බැරි බව නොතේරෙන අය ගැන දුකයි. පසුගිය රජයට ස්තුතියි !!! (නි)
මේ වගේ දේවල් හැදෙන එක හොදයි. හැබැයි මේක හදන්න මුලික වුණ අයට මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕනෑ. මේක මෙය තනියෙන් කළ දෙයක් නෙමෙයි. මහින්ද කළ වැඩ පෙනෙන්න තිබෙනවා. වැරදි නොතිබුනා නෙමෙයි. (නි)
අපි දන්නවා මේවා කාගේ වැඩද කියලා (නි)
මේකේ ගොඩක් ප්‍රතිචාර වලින් පෙනෙනවා අපේ මිනිස්සු රවටන්න බැහැ කියන එක. මේක කලින් ආණ්ඩුවෙන් පටන්ගත් දෙයක්. දැන් මහින්දෝදය විද්‍යාගාර වලටත් මේකම වෙයිද දන්නෙ නැහැ. (නි)
දින 100කින් මෙපමණ වැඩ! අවුරුදු කීපයකින් ලංකාව සුරපුරයක් කරාවි. (නි)
නෙළුම් කුලුනට මොකද කරන්නේ එතකොට? (නි)
යහපාලනයෙන් විවෘත කළත් මේක ආශ්චර්යවත් වැඩක්. (නි)
මේ අදහස් දකිද්දියි තේරෙන්නේ අපේ රටේ මිනිස්සු කොච්චර දේශපාලන පක්ෂ වලට කඩේ යනවද කියලා. දියුණු රටක අලුත් දෙයක් කළාම මිනිස්සු ඒක පක්ෂයට ගාවාගන්නෙ නැහැ. දැන්වත් දේශපාලන පක්ෂ වලට කඩේ යන එක නවත්තමු. ටිකක්හරි උගත්කමක් තියන කට්ටියව පාර්ලිමේන්තුවට යවමු. එහෙම නොකළොත් අපිට සදාකල් නොදියුණු රටක් විදියට ඉන්න වෙයි. (නි)
විපුල, ඕවට තමයි පෙර කළ පවු කියන්නේ. නාඩගම් නටන්නේ නැතුව කරන වැඩේ ඉක්මනට ඉවරකරලා විවෘත කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ? (නි)
මැතිවරණයෙන් පසු තවත් දේ බලාගත හැක (නි)
නිලංක හොරුන්ගේ හෙළුව පෙන්නන්න බැරිව ආණ්ඩුව තවම ළතවෙනවා. (බ)
පහුගිය ආණ්ඩුව කළත් මැඩම්ගේ ආණ්ඩුව කළත් හොඳදේට හොඳයි කියමු. පින්නවල ඇතුන් බලන්න එන සංචාරකයෝ මේකටත් ඒවි. දෙහිවල ඉන්න සත්තු කොටුවෙලා දුක් විඳිනවා. දින 100 ඇතුළත හදන්න බැරි එක ඇත්ත. එහෙත් වල්බිහිවෙන්න නොදී මෙහෙම විවෘත කරන්න සළසපු එකත් ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද? (නි)
ඕක තියෙන්නේ මගේ ගමේ. මේක පටන් ගත්තේ කවුද කියලා අපි දන්නවා (නි)
ප්‍රබාත් කිව්වා වගේ මේකට කාටවත් ක්‍රෙඩිට් යන්න දෙයක් නැහැ. ජනතාවගේ මුදලින් ඉටුකළ රටට අවශ්‍ය දෙයක්. (නි)
සමන්,මෝඩ කතා එපා (නි)
අලි තාම බැඳලා ඉන්නේ. නාන්න විතරයි ලිහන්නේ. ඔවුන්ටත් මෙවැනිම සෆාරි පාර්ක් එකක් හදන්න. සිංහයන්ට හා අානක් සතුන්ට හදපු එහෙම තැන් ලෝකයේ තිබෙනවා (නි)
දින 100 ඇතුළත මෙවැනි විශ්වකර්ම වැඩ කළහැක්කේ මේ ආණ්ඩුවට හැර වෙන කාටද? (නි)
සියලුම සතුන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩහැර ඇති බව කිව්වාට මුවන් යකඩ වැටකින් කොටුකර ඇති බවත් තමයි මට නම් පෙනෙන්නේ (නි)
බලමුකෝ ඉතින් සාර්ථක වෙයිද කියලා (නි)
දෙහිවල සත්තු වත්ත පින්නවලට ගෙනියන කතාවකුත් ඒ කාලේ තිබුනා නේද? (නි)
හොඳයි (නි)
හොඳදේට හොඳයි කියන්න අපේ අය දන්නෙ නැහැ (නි)
අපේ රටේ මෙම දේ ක්‍රියාවට නංවල තිබෙන්නේ මහජන මුදලින් (බ)
සතුන්ට අලුත් අවුරුද්ද සුබයි වගේ... (නි)
නාමපුවරුව නම් හරිම ලස්සනයි (නි)
අන්න හොඳ වැඩ! (නි)
මිනිස්සු දන්නවා මේවා කාගේ වැඩද කියලා (නි)
අපි බැලුවා සමහර ගෙවල් වල ඊට වැඩිය සත්තු ඉන්නවා (නදී)
ජයසේන, හොරෙක් නොවෙන කෙනෙක් අද නැහැ. (නි)
තවත් කොන්ක්‍රීට් වනාන්තරයක් විතරක් නොවේවා! (නි)
ඉතා හොඳ කාර්යයක් (නි)
මේවා දින 100 ට දාගන්න එපා. අඩුම ගානේ කවූද පටන්ගත්තේ කවූද වැඩිම ප්‍රමාණයකට දායකවූණේ කියලවත් කියන්න. පසුගිය ආණ්ඩුව කළ හොඳ වැඩක්. (නි)
හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුව පටන්ගත් වැඩ ඉවර කරනවා. මේක තමා වෙන්න ඕනෑ. අරයා පටන් ගත්තා මෙයා පටන් ගත්තා කියලා දේශපාලනය ගාවන්න එපා. හොඳ දෙය අගය කරමු !!! ලංකාව දකුණු ආසියාවේ හොඳම රට කරමු!!! (නි) මාද්ය නිදහස සහ විවේචන අගය කරමු !!!
සතුන්ටත් හොඳ කලක් යයි වගේ (නි)
අනේ කවුරු හැදුවහම මොකද අහිංසක සතුන්ට නිදහසක් ලැබෙනවා නම්. වල්බිහිවෙන තරමටත් හොඳයි සත්තු කැමති කැලයටනේ. (නි)
විශාල මුදලක් වියදම්කර හදන මෙවැනි දේවල් වලින් වෙනත් රටවල් හැමවිටම ලාබයක් උපයගන්න බලනවා.මගේ අදහස නම් මෙය නොමිලේ පෙන්වීම අපරාධයක් බවයි. මෙය පවත්වාගැනීමටත් දිනපතා කොතරම් මුදලක් රජයෙන් වැයකරනවද? (නි)
හොඳ වැඩ අගයමු. ලංකාවට කර්මාන්ත ශාලා ගෙන එන්ඩ. තව හෝටල් හදන්ඩ. වැඩි වැඩියෙන් රැකියා ඇති කරමු. යහ පාලනය රැක ගනිමු. හොරුන්ට තක්කඩින්ට දඬුවම් දෙමු. (බ)
මේවා දින 100 න් හදන්න ඇති නේද? (නි)
මේකෙ අදහස් දැක්කහම තේරෙනවා අපේ අයගේ මොළයේ තරම (නි)
මටත් ආසයි බලන්න යන්න (නි)
දෙහිවල සත්තු වත්තේ හිර කරගෙන ඉන්න සත්තු ටිකත් මේ පින්නවල සත්තු වත්තටම දාල ඒ සතුන්ටත් නිදහස් ජීවිතයක් දෙන්න. (බ)
ඕනෑම මෝඩයෙකුට තේරෙනවා කව්ද මේ සත්තු වත්ත හැදුවේ කියල. දින 100 මේ වගේ දෙයක් කරාද???? මේ රජය බොහොම උජාරුවට පහුගිය රජය ඉවර කරන්න ඔන්න මෙන්න තිබ්බ දේවල් ටික දින 100 මැජික් වගේ විවෘත කරනවා. හරියට මහින්දෝදය විද්‍යාගාර ඉස්කෝල වල විවෘත කරනවා වගේ. ලංකාවේ මිනිස්සුන්ට කප් ගහල තියෙන්නේ මුල අමතක වෙන එකට. (බ)
ලංකාවේ ඉන්න අයට තේරෙන්නේ නැහැ කවුරු කළත් මොනවා කළත් ඔක්කොම කරන්නේ ජනතාවගේ සල්ලි වලින් කියලා. හැමඑකක් දිහාම බලන්නේ පාට කණ්ණාඩි දාගෙන. (නි)
මේ වගේ දේවලටත් දේශපාලනය ගාවගත්හ මේ වගේ නුගත් මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩයයිද? පොඩ්ඩක් හිතල බලන්න! (බ)
වෙලාවට මහින්ද ගෙදර ගියේ නැත්නම් මේකට දන්නේ එයාගේ නම ...(බ)
මෙතන කොහෙවත් කියල නැහැ නේ දින 100 කතාවක්.. (බ)
ලලිත්, පෙර පව් කරලා තියෙන්නේ ජනතාව යුද්ධය සමග තමයි සංවර්ධන වැඩ කළේ. ඒවගේ ජනතා නායකයන් හිටියානම් නිදහසින් පසු ලංකාව මීට වඩා දියුණු වෙනවා. නමුත් කාලය ගියා විතරයි (බ)
එලොව මෙලොව අතගාලා පාට පාට අදහස් දාන අයට කියන්නේ මේක පටන්ගත්තේ ධර්මසිරි සේනානායක ඇමතිතුමා.පස්සේ මේ අදහස නැවැත්තුවා (නි)
මේවා කාගේ වැඩද කියලා අපි දන්නවා (නි)
මංගලිකලා හැමදාමත් වගේ අදත් කුහකයි. කවදාවත් ඒ මනුස්සය කළ හොඳ වැඩ වලට ගරුත්වය දෙන්න දන්නේ නැ. චන්ද්‍රිකාල කළා නම් කරන්නේ මුල් ගල් තියන එක විතරයි. මත්තල ප්‍රදේශයේ නොවුනත් දකුණු පළාතේ ගුවන් තොටුපොළක් හදන්න මුල් ගල් තියල තිබ්බ චන්ද්‍රික. එකත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව (බ)
දාගත්තම මොකෝ. බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආණ්ඩු සහ සම්මන්ත්‍රණ ශාලාව තිබේනම් ප්‍රේමදාස ක්‍රීඩාංගණය තිබේනම් දාගත්තම මොකෝ (බ)
විපුල. හොරු සමග හෙළුවෙන්..(බ)
සතුන්ට නිදහස තිබෙනවා නම් ලොකු පිනක් (නි)
ඇත්තෙන්ම මෙවැනි ව්‍යාපෘති තව තවත් කරන්න පුලුවන් වෙනවා නම් හොඳයි (නි)
ඇත්තෙන්ම අගය කළයුතු කාර්යයක් (නි)
මෙවැනි නව අත්හදාබැලීම් කරන එක හොඳයි (නි)
මේක ආරම්භ කළේ පසුගිය ආණ්ඩුව නේද? (නි)
සතුන්ටත් සමහරු දේශපාලනය පටළවාගෙන (නි)
හරිම හොඳ වැඩක් (නි)
දින 100 න් මෙවැන්නක් කරන්න පුලුවන්ද? යථාර්ථය තේරුම්ගන්න බුද්ධිමත් පාඨකයින් දන්නවා (නි)
වසන්ත, ඔයා කියන්නේ සතුන්ව වැටක් ගහන්නේ නැතුව ඉන්න අරින්න තිබුනා කියලද? (නි)
සතුන් හරි සතුටින් සිටීවි (නි)
සතුන්ටත් දේශපාලඥයෝ එපාවෙලා තිබෙන කාලයක් මේක. (නි)
දින 100 න් මෙවැන්නක් කරන්න පුලුවන්ද? යථාර්ථය තේරුම්ගන්න බුද්ධිමත් පාඨකයින් දන්නවා (බ)
මෙතන ඉන්න සත්තුවත් මේ අදහස් දමන සමහරු වගේ හිතන්නේ නැතුව ඇති. මෙතනට කෙරුවාවල් වැඩක් තියෙනවද? ජනතාවගේ මුදලින් හදලා, ජනතාවගේ මුදලින් නඩත්තු කරාවී. (නි)
මේක පටන් අරන් අවුරුදු 20 කටත් වැඩියි (බ)
මේවා රටේ බදු ගෙවන මිනිසුන්ගෙ සල්ලි. (නි)