පින්නවල එළිමහන් සත්තු වත්ත විවෘත වු අද (17) විසිදහසක පිරිසක් පැමිණි බව එහි පාලක අනුර ද සිල්වා මහතා කියයි. මැයි 01 දක්වා නොමිලේ එහි ඇතුළු විමට ඉඩ ලැබෙන නමුත් ඇතුළු වන පිරිස ගණන් ගැනිම සඳහා සෙනසුරාදා සිට නොමිලේ ටිකට්පත් නිකුත් කරන බව ඔහු කියයි. මැයි 01 පසු වැඩිහිටියෙකුගෙන් 100/-ක්ද, ළමයෙකුගෙන් 30/- ක්ද, පාසල් සිසුවෙන් 20/- ක්ද, විදේශිකයෙකුගෙන් 1000/- ක්ද සහ විදේශික ළමයෙකුගෙන් 500/- ක්ද අය කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ තියෙන හැමතැනකම හැමෝටම එකම ගණන. අපි ලැජ්ජා වෙන්න ඕනෑ මේ වගේ වැඩ ලංකාවේ සිද්ධවෙන එක ගැන. ලංකාවේ මුහුදේ ගිලිලා වසරකට විදේශිකයෝ කීදෙනෙක් නම් මැරෙනවද? දවසක් මම බලාගෙන හිටියා පින්නවලදී එක මිනිහෙක් විදේශික කාන්තාවකට බියර් එකක් විකුණලා රුපියල් 1000ක් ගන්නවා. අනේ මම නම් මම දන්නා කිසිම කෙනෙකුට කියන්නේ නැහැ ලංකාවට සංචාරය කරන්න කියලා. එහෙම කියලා අපිට ආපසු ඒ මිනිසුන්ට මුහුණ දෙන්න විදිහක් නැහැ. (නි)
මෙම අයකිරීම් අසාධාරණයි. සියලුම අයට එකම මිලක් කරන්න.ඇමරිකාවේ කාටත් එකම මිලක් තිබෙන්නේ. (නි)
හොඳම උදාහරණය ඉන්දියාව. සත්තු වත්තට ගිහිල්ල බලන්න.විදේශිකයන්ගෙන් වැඩි මුදලක් අයකරනවා. (නි)
සමන් මහත්තයා සහ මංජුල මහත්තයා රුපියලේ අගය ගැන කල්පනා කළහම ඔය අයකිරීම නිවැරදි බව වැටහෙනවා නේද? (නි)
මේ ගණන් අසාධාරණයි (නි)
සිංගප්පූරුව වගේ රට වල ටිකට් ඉතාමත් ගණන්. ඒ වගේ අපිත් දියුණුවීමට නම් අපිත් ලොකු ගණන් අය කළයුතුය. මම මෙය අනුමත කරමි (නි)
මම අවුරුදු 35ක් පිටරට හිටියා. මොන රටකවත් විදේශිකයන්ට කියලා වෙනසක් නැහැ. වෙනසේ වටිනාකම වැඩියි. (නි)
මම රටවල් 28 කට සංචාරය කරලා තියෙනවා. මේ එක රටකවත් මම දැක්කෙ නැහැ ගණන් දෙකක්. ලංකාව පුදුම රටක්!! (නි)
මංජු, මමත් එකඟවෙනවා ඔයාගේ අදහසට නම්. (නි)
හරිම අසාධාරණයක් විදේශිකයන්ට කරන්නේ (නි)
මංජුල කියන කතාව හරි (නි)
අනේ පවු! පිටරට රුපියල් දාහට මොනවද බලාගන්න පුලුවන් කියලා ගිහිල්ලාම බලන්න (නි)
විදේශිකයන්ගෙන් වැඩි මිලක් ගත්තාට කමක් නැහැ. නමුත් අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි. (නි)
හිදේශ්, ඕනෑම රටක විදේශිකයන්ගෙන් වැඩි ගණන් අයකරනවා කියන කතාව වැරදියි. අපේ රටට ආදායම ගෙනෙන විදේශිකයන් එන බොහෝ රටවල එහෙම කරන්නේ නැහැ. සමහර ඌණ සංවර්ධිත රටවල් එහෙම කරනවා ඇති. අපි සංචාරකයන්ගෙන් ආදායම් ලබාගත යුත්තේ ඒ අයගේ විනෝදය සහ පහසුව සඳහා අවශ්‍යය පහසුකම් සපයා මිස ටිකට් විකුණලා නොවේ. (නි)
ඉන්දියාව, මලයාසියාව සහ ස්කැන්ඩිනේවියානු රටවල් දේශීය සංචරකයන්ගෙන් අයකරන්නේ අඩු මුදලක්.ඔවුන්ට රුපියල් 1000 කියන්නේ ඇමෙරිකානු ඩොලර් 7 අඩු මුදලක්.එම මුදලවත් වියදම් කරන්න බැරි නම් අපි ඔවුන් ගෙන්වාගෙන තේරුමක් නැහැ. දවසකට ඩොලර් 100 වත් වියදම් කරන්න බැරි නම් ඔවුන් ලංකාවට එන්නේ සංචාරයට වෙන්න බැහැ (නි)
විදේශිකයන්ගෙන් වැඩිපුර අයකිරීම අසාධාරණයි. අපිට වැඩිය දුප්පත් විදේශිකයොත් සිටිනවා. (නි)
මෙහි කිසිම වැරැද්දක් නැහැ. නියමිත මුදල තමා විදේශිකයන්ගෙන් අයකරන්නේ. විදේශ රටවල මෙවන් ස්ථානයක් නැරඹීමට ගන්න මුදල අප රටේ අයකරන මුදලට සමාන වේ. (නි)
රුපියල් දාහකින් එංගලන්තේ මිනිහෙක් මැක්ඩොනල්ඩ් බර්ගර් එකක් කනවා. ලංකාවේ මිනිහෙකුට රුපියල් දාහක් ඊට වැඩිය කොච්චර වටිනවද?දුප්පත් රටවල් වලට පොහොසත් රටවල් කරන විදියට වැඩ කරන්න අමාරුනේ? (නි)
වැරදි වැඩක්.හෝටල් කාමර ගාස්තුත් වැඩියි (නි)
විදේශිකයින්ගෙන් රු. 1000ක් අයකිරීම කිසිසේත් අසාධාරණ නැහැ. ඒ ගෙවීමත්, ඔවුන්ගේ රටේ මෙවැන්නක් බැලීමට යන ගාස්තුවෙන් අඩක්ටත් අඩු නිසා. සැබැවින්ම, ලංකාවේ ඉදිරියට ආර්ථිකය දියුණුවීමත් සමඟ වියයුත්තේ, ලාංකික අපත්, ඒ ගාන ගෙවීම මිසක්, දැනටමත් ඉතා සාධාරණව අයකරන මෙම මුදල තවත් ඔවුන්ට අඩුකරදීම නොවෙයි. ඇයි කියා ඔවුන් අසන්නේ නම්, හේතුව වටහා දෙන්න. ඔවුන්ගෙන් අයකරනුයේ, ඔවුන්ගේ ආදායමට සරිලන ලෙස සැකසූ මිලයි. ලාංකිකයාගෙන් ද අය කරනුයේ, ඊටම සමානුපාතික අයකිරීමයි. (ස)
ඕනෑම රටක විදේශිකයන්ට මුදල් වැඩියෙන් ගෙවන්න ඕනෑ. මේක අපේ රටේ විතරක් නෙමෙයි තියෙන්නේ (නි)
මේ අයකිරීමේ ක්‍රමය විදේශ රටවල රැකියා කරන සියලුම ශ්‍රී ලාංකිකයන් ලජ්ජාවට පත්කරන වැඩක් .මෙතන නොදන්නා අය කීපදෙනෙක් ලෝකේ ගැන කිසිම දෙයක් නොදැන සියල්ල දන්නවා වගේ ප්‍රතිචාර දක්වල තිබුනට .ගෝල්ෆේස් එකේ තියෙන ටොයිලට් එකට යනවට දේශීය රුපියල් 5 විදේශීය රුපියල් 20 . මගේ බිරිඳ විදේශික . එයා ටොයිලට් එකට ගිහින් ඇවිත් කියනවා ඒකට ගිහින් ඒ වැඩේ කලාට කොළඹ මහ නගර සභාවෙන් එයාට කියක් හරි දෙන්න ඕනලු ... ඒකට ගියාට වැඩිය හොදයිලු මිනිස්සු හිටියත් කමක් නෑ කියල හිතල එළියේ ඒ වැඩේ කලානම් කියල ..එයා අහනවා ඔය ගන්න සල්ලි වලින් නගර සබාව ජනතාවට මොනවද කරන්නේ කියල .. මම කිවුව ඒ සල්ලි වලින් තමයි එයාල ඔය ලොකු ලොකු සැප වාහන පදින්නේ ..විදේශ සංචාර යන්නේ .. ලොකු ලොකු හෝටල් වලින් කන්නේ කියල ..(ස)
මේක තනිකර සූරාකෑමක්. ඕස්ට්‍රේලියාවෙ නම් කොහේ ගියත් හැමෝටම එක ගානයි. එතකොට ඉතියෝපියාවෙන් ආවත් රු 1000ගෙවන්න ඕනෑද? (නි)
ඒක හරි. මෙතන විදේශික රටවල් කියලා අපි කියන්නේ පොහොසත් යුරෝපිය රටවල ඉන්න අය. එහෙ ගණන් අයකරන්නේ සියලුම දෙනාට සමානව.එහෙම නොකරන්නේ ආසියාවේ රටවල් වල.අපිට ඕනෑ ලංකාවට විදේශිකයෝ පොහොසත් රටවලින්. නැතුව ඇවිල්ලා අපිවත් හුරාගෙන කාලා යන අය නෙමෙයි. තව පැත්තකින් පොහොසත් රටවල විදේශිකයන්ට ඔය කියන ගණන නම් මහා ලොකු ගානක් නෙමෙයි. (නි)
රුපියල් වලින් බැලුවම 1000ක් එත් ඕක ඇමෙරිකා ඩොලර් 7.50ක්. (ස)
විදේශිකයන්ගෙන් ගන්න ගාන මදි තව වැඩිකරන්න ඕන එයාලට හොඳට සල්ලි තියෙනවනේ රටේ හැටියට බලල පුළුවන් තරම් හුරගන්න ඕන. සමානත්වය බල්ලට දාන්න ඕන.අපිත් ඒ රටවල අයට කියමු අපේ ක්‍රමය අපි ඒ රටවලට ගිය දවසක අනුගමනය කරන්න කියල.අනේ මගේ කට. (බ)
අපේ විදේශ විනිමය අනුපාතික වල තිබෙනවා මහා ලොකු වෙනසක්. රු 100 කියන්නේ $.75ක් විතර. ඒ වගේ ගානක් ඇතුලුවීමේ ගාස්තුව හැටියට විදේශිකයෙකුගෙන් අයකිරීම විහිලුවක්. ඒ රටක කෝපි කෝප්පයක් බොන්නත් ඒ වගේ හතර ගුණයක් ඕනෑ. (නි)
මමත් කියන්නේ මේක වැරදියි. වෙන රටවල දේශීය හෝ විදේශීය කියලා වෙන්කිරීමක් නැහැ. හැම කෙනාටම ගණන පොදුයි. (නි)
ඕස්ට්‍රේලියාවේ සත්තු වතු බොහොමයක් තිබෙනවා. කාටත් ගණන එකයි (නි)
මංජුල, මොන රටේද විදේශිකයන්ගෙන් අඩුවෙන් අයකරන්නේ? (නි)
විදේශිකයන්ගෙන් වැඩි මුදලක් අයකිරීම ගැන මමත් විරුද්ධයි. විදේශ රටකදී එයාලා අපෙන් ගන්නේ එයාලගේ රටේ පුද්ගලයන්ට අයකරන ගානම හෝ නැත්තම් ඊට වඩා අඩු ගණනක්. උදාහරණයක් විදිහට ගත්තොත් කොරියාවේ රැකියාවල නියුතු විදේශික ශ්‍රමිකයන් හට එයාලා එයාලගේ රටේ අයටත් වඩා අඩු මුදලටකට මේ වගේ ස්ථාන නරඹන්න පහසුකම් සළසාදී තිබෙනවා.ලංකාවේදී විදේශිකයෙක් කඩේකින් බඩුගන්න ගියත් මේ වගේ තමයි.එක දහය කරලා විකුණන්නේ. (නි)
මේ ව්‍යාපෘතිය නම් අතිසාර්ථක වෙනවා සිකුරුයි (නි)
සංචාරකයන්ට අයකරන ගාස්තු, ඩොලර් වලින් මනින එක වැරදියි.පිටරටක ඉන්න අපිට කොහේ ගියත් හැමදෙනාටම අයකරන පොදු ගණන පමණයි.මේ ක්‍රමය ශ්‍රී ලංකාවට එන සංචාරකයන් අඩුකරන වැඩක්. එමෙන්ම සංචාරකයන් රට රටවල ගාස්තු අයකිරීම් සංසංදනය කර බලනවා.මෙහෙම වැඩි ගාස්තු අයකිරීමෙන් ඒ අය වෙනත් රටවල් සංචාර සඳහා තෝරාගන්නට ඉඩතිබෙනවා. (නි)
ඕස්ට්‍රේලියාවේ සත්තු වතු වල සත්තු නැහැනේ! (නි)
විදේශිකයින්ගෙන් රු. 1000ක් අයකිරීම කිසිසේත් අසාධාරණ නැහැ. ඒ ගෙවීමත්, ඔවුන්ගේ රටේ මෙවැන්නක් බැලීමට යන ගාස්තුවෙන් අඩක්ටත් අඩු නිසා. සැබැවින්ම, ලංකාවේ ඉදිරියට ආර්ථිකය දියුණුවීමත් සමඟ වියයුත්තේ, ලාංකික අපත්, ඒ ගාන ගෙවීම මිසක්, දැනටමත් ඉතා සාධාරණව අයකරන මෙම මුදල තවත් ඔවුන්ට අඩුකරදීම නොවෙයි. ඇයි කියා ඔවුන් අසන්නේ නම්, හේතුව වටහා දෙන්න. ඔවුන්ගෙන් අයකරනුයේ, ඔවුන්ගේ ආදායමට සරිලන ලෙස සැකසූ මිලයි. ලාංකිකයාගෙන් ද අය කරනුයේ, ඊටම සමානුපාතික අයකිරීමයි. (නි)
රුපියල් 1000 ක් කියන්නේ ඩොලර් 10 ක් වගේ මුදලක්. රුපියලේ අගය ගැන හිතුවාම මේ ගණන සාධාරණයි. සිංගප්පුරුව දියුණු රටක්. එහෙත් විදේශිකයන්ගෙන් වැඩි ගණනක් අයකරනවා. ලංකාවේ මිනිසුන්ට අසාධාරණයක් වෙනකොට කට වහගෙන ඉන්න කට්ටිය , විදේශිකයන් වෙනුවෙන් පෙනිහිටිනවා. ඒ රටවල් වලට ගියාම එහෙ මුල් තැන ස්වදේශිකයන්ට. අපේ රටට ආවිට අපේ රටේ මුල් තැනත් විදේශිකයන්ට. කොහේ ගියත් ලංකාවේ අයට හැමදාම අඩු සැළකිලි. ඒක තමා ඇත්ත. (නි)
මෙය ලොකු ගානක් නෙමෙයි විදේශිකයෙකුට. (නි)
දැන් එහෙනම් මැද මුලන යන අයත් අලුත් සත්තු බලන්න එනවා වගෙයි. ඒක හොඳයි. පරණ සත්තු අපි දැක්කා නේ. උන්ගේ තවත් මොනවා බලන්නද ...? (නදී)
සාධාරණ ගණනක් ගත්තා නම් හරි. (නි)
මේක හරිම අසාධාරන තීරණයක්. (නි)
අපේ රටේ මේ විදියට කීප ගුණයකින් වැඩි අයකිරීම් නම් ඉතාම අසාධාරණයි. මගේ අත්දැකීමත් පිටරටවල එකම ගණනක්. අඩුතරමින් ගණන සාධාරණ වෙන්න තිබුනා. (නි)
මෙහෙම හිතන්න, ශ්‍රී ලාංකිකයන්ගේ බදු මුදල් තමයි මෙම ස්ථානය හදන්න මුලිකවම වියදම් වෙලා තියෙන්නේ. ශ්‍රී ලාංකිකයන් උපන්දා සිට ලංකා රජයට බදු ගෙවන නිසා ඔවුන්ට යම් සහන මිලක් නියම කරලා තියෙනවා. එය සාධාරණයි. නමුත් විදේශිකයන් ලංකා රජයට බදු ගෙවන්නේ නැහැ, එම නිසා මුළු ගාස්තුවම ඔවුන් ගෙවිය යුතුයි. (නදී)
මුදලේ අසාදාරනයක් මට නම් පේන්නේ නැහැ. රු 1000 ක් කියන්නේ ඩොලර් 10 කට අසන්න ගානක්. සංචාරකයන්ට එ්ක ඉතාම සුළු මුදලක්. ඔස්ට්‍රේලියාව සහ ලංකාව සංසන්දනය කරන්න බැහැ. සුද්දොත් රු 100 ට යන්න ගියොත් මහා විහිළුවක් වෙනවා. මේක ඉතාම සාදාරන මුදලක් සහ හොඳ ක්‍රමයක් (නදී)
විදෙස් රටවලට ගොස් දෙස් විදෙස් බේදයකින් තොරව මුදල් ගෙවූ සියලු දෙනා, තමන් ඒ ගෙවූ මුදල කරුණාකර රුපියල් (ලාංකීය) වලට පරිවර්තනය කර අදහස් පළකරන්නේ නම් කාට කාටත් වෙනස වටහා ගත හැකි වෙයි. (නදී)
මංජුල ඔයා කියන්න එහෙනම් විදේශිකයන්ගෙනුත් අපෙන් අය කරන මුදලම අය කළොත්ද හොඳයි එහෙම නැත්නම් අපෙන් අය කරන මුදලම විදේශිකයින්ගෙන් අය කළොත්ද හොඳයිද? මේකට උත්තරේ හිතද්දි ඔයාට වැටහේවි ඇයි මිළ ගණන් දෙකක් භාවිතා කරන්නෙ කියලා.(නදී)
මට නම් ප්‍රශ්ණය කොහොමද යහපාලානේ මේ විශ්ව කර්ම වැඩේ දින 100 කින් කලේ කියන එක. මේ ව්‍යාපෘතියේදී දුෂණ වංචා වෙලා නැත්නම් ගසා කාල නැත්නම් මේක මහින්ද මහත්තයගේ පාලනය යටතේ සිදුවුණු ව්‍යාපෘතියක් වෙන්න බැහැ. මාරයිනේ යහපාලානේ වැඩ.."මගේම කලිසම අගේට ඇදගෙන උගේ වගේ ඌ යනවා." (නදී)
සිගිරි ගිල්ලා බලන්න ලංකාවේ අයගෙන් රුපියල් 100 යි ටුවරිස්ලගෙන් 3500 යි (නදී)
නව දිල්ලි කටුගෙට ගිහිල්ල බලන්න, විදේශිකයෝ වැඩිපුර ගෙවනවා (නි)
මෙම වෙනසට හේතුව හැටියට මම දකින්නේ අපගේ ජාතිය තුළ මනසට කිඳාබැසගෙන ඇති යටහත් පහත් මානසිකත්වයයි. විදේශිකයන් සල්ලිකාරයෝය, ඔවුන් අපිට වඩා බලවන්තයෝය,අපි විජාතිකයින්ගේ යැපෙන්නෝ වන්නේය, අපි විදේශිකයින්ට සාපේක්ෂකව දුබලයන් වන්නෝය යනුවෙන් අප සිත් තුළම ඇති හීනමානයයි.එනිසා වෙනස ඇත්තේ මුදලේ නොව මනසේය. (නි)
මම හිතන්නේ, මෙහෙමයි අපි මේ දිහා බලන්ඩ ඕනෑ.1000 කියන්නේ 8-9 $ ක් විතර.අපි වෙන රටකට ගියොත් 10$ න් උඩ ගන්නේ.ලංකාවේ මිනිසුන්ට ගාන අඩුකරලා තියන්නේ.1000 කියන්නේ ලොකු ගානක් නෙමෙයි බහුතර විදේශිකයන්ට (නි)
ඔය විදේශිකයින්ගෙනුත් රුපියල් 100ක් අය කරන්න කියලා කියන අය පොඩ්ඩක් කියනවද ඒ රටවල ඔයාලට රුපියල් 1000කින් මේ වගේ සතුන් වත්තක් බලන්න පුළුවන්ද කියලා. ශාමි තමයි මේ අදහස් දාපු අය අතරින් නියම බුද්ධිමතා. (නි)
දීපා සත්තු වත්තට 1000ක් ගන්නවා කියල විදේශිකයෝ අඩු වෙන් නෑ හලෝ..ඔයා තාම ඉස්කෝලේ යන කෙනෙක් ද මේ වගේ මෝඩ කතා කියන්නේ?ඔය ගණන් යූඑස්ඩී වලින් ගණන් කරන එක තමයි හොඳ.අනික සංචාරය කරන්න එන්නේ හිගන්නෝ නෙවේ.මම මේකේ දාපු කොමෙන්ට් වලින් සමහර කොටස් නෑ..ඒවා කියෙව්වා නම් තේරුම් ගන්න තිබ්බ ලංකාවේ වැඩ ගැන.. (බ)
ටජ් මහල් බලන්න විදේශිකයන්ගෙන් වැඩි ගානක් ගන්නවා. (නි)
ඒත් බොහෝ විදේශිකයින් මෙම ගාස්තු නිසා කළකිරෙන්න ඉඩතිබෙනවා (නි)
හරිනම් විදේශිකයන්ට නොමිලේ පෙන්නන්න ඕනේ .(නදී)
මෙන්න මේක නම් බොහොම වැරදියි. විදේශිකයන්ට වැඩි ගණනක්. අපි විදේශ වලදි ඒ මිනිස්සු එක්ක කතා කරද්දි ඒ මිනිස්සු අපෙන් මේ ගැන ඇහුවහම අපිට දෙන්න උත්තර නැහැ. ඒ රටවල එහෙ මිනිසුන්ටයි අපිටයි එකම ගාන. අපි සංචාරක ව්‍යාපාරය නඟා සිටුවන්න ඕනෑ විදේශිකයන්ට අවශ්‍ය පහසුකම් දීලා, මේ රට සංචාරයට සුදුසු, ආරක්ෂාකාරී රටක් කරලා මිසක් අපිට වගේ දහ ගුණයක් අයකරලා නෙමෙයි. (නි)
මට ගොඩක් විදේශිකයන් හමුවෙනවා. ඔය ගානටවත් යන්න ලැබෙන එකට පින් කරන්න ඕනෑ (නි).
කට්ටියට මේ ටිකට් ලොකු අවුලක් වෙලා වගෙයි. හොඳයි ඉතින් අපි වැඩිහිටියෙකුගෙන් රු.1000ක් හා ළමයෙකුගෙ රු.500 ක් අයකරමු. එතකොට ප්‍රශ්නයක් නැහැනෙ. (නි)
ලංකාවට සංචාරය සදහා පැමිණෙන විදේශිකයන්ගේ මාසික ආදායම හා ලංකාවේ පුද්ගලයෙකුගේ මාසික ආදායම අතර අනුපාතයට මේ ප්‍රවේශපත්‍ර ගාස්තු වෙනස් වෙනවා. අනික සංචාරය සඳහා පැමිණෙන්නෙ $10ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න බැරි අය නෙමෙයිනෙ. ලංකාවෙ ගොඩක් තැන්වල ප්‍රවේශපත්‍ර ගාස්තු තියෙන්නෙ මේ ක්‍රමවේදයටමයි. (නි)
මට නම් මේ ගැන නෙමෙයි ප්‍රශ්නය.කොහොමද යහපාලනය මේ විශ්වකර්ම වැඩේ දින 100 කින් කළේ? (නි)
මංජුල ඕක වැරදි නැහැ. ඕනෑම රටක විදේශිකයන්ගෙන් වැඩි ගණන් තමයි අය කරන්නේ. ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
හිදේශ්, මම ගියපු එකම රටකවත් විදේශිකයන්ගෙන් වැඩි ගණන් ගන්නවා මම දැකලා නැහැ. දේශීය විදේශීය කියලා වෙනම ගණන් තියන බෝඩ් මම දැකලත් නැහැ. (නි)
මංජුල, මෙතන විදේශිකයින්ට වැඩි ගානක් අය කරනවා නොවේ. සාමාන්‍ය දේශිකයින්ට දරාගන්න පුළුවන් විදිහට එයාලට දස ගුණයකින් ගාන අඩුකරලයි තියෙන්නෙ. (නි)
විදේශිකයින්ගෙන් රු. 1000ක් අයකිරීම ලොකු කාරණයක් නෙමෙයි (නි)
මංජුලගේ කතාව වැරදියි. ටජ්මහල් බලන්න පිටරැටියෙකුගෙන් ගන්න ගාන බැලුවොත් 10 ගුණයකටත් වැඩියි.ඒ නිසා මේක එච්චර ගානක් නැහැ. (නි)
මෙය ඉතාමත් වැරදි ක්‍රමවේදයක්. විදේශ රටවල් විදේශිකයන්ගෙන් ගන්නේ එකම මුදල. මේ ක්‍රමය විදේශිකයින්ගේ පැමිණීම අඩුකරන වැඩක්.දැනටත් රටට එන සංචාරකයන්ගෙන් 40% පමණයි අපේ රටේ මුදල් ගෙවලා බලන තැන්වලට යන්නේ. සංචාරකයන් මේ ගැන කතා කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න නම් සාධාරණ ගාස්තු අවශ්‍යයි (නි)
විදේශයක සත්තු වත්තකට ගිහිල්ලම බලන්න හිදේශ් (නි)
1000කට මොනවද අපි විදේශිකයන්ට දෙන පහසුකම්? (නි)
මංජුල සහ සමන් හරි. (නි)
මම ඉන්නේ කැනඩාවේ. එහේ මෙහෙම නැහැ (නි)