IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පින්නවල අලියා මරා හිරේ යති

පින්නවල අලි අනාථාගාරයේදී ”නිලගිරි” නම් අලියාට 2011 ජනවාරි 17 වැනිදා හෙණ්ඩුවකින් පහරදී ඝාතනය කළැයි එහි ඇත්ගොව්වන් තිදෙනකුට සහ සත්ව ආරක්ෂක නිලධරයකුට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය වසරක සිර දඬුවම් සහ රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියම කළාය. දඩ නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින් සිර දඬුවම් නියම කෙරිණි. ඇත්ගොව්වන් වන මාලක මිහිර බණ්ඩාර, සරත් ජයසූරිය, ආර්.එම්. පුංචිබණ්ඩා සහ සත්ව ආරක්ෂක ලසන්ත දිලිප කුමාර ඔවුහුය.  



අදහස් (0)

පින්නවල අලියා මරා හිරේ යති

ලුම්බිණි Tuesday, 19 June 2012 09:11 AM

මේව දැක්කම පේනවා මිනිස්සුන්ගේ හිත් වල හැටි. අහිංසක සතෙක් මරල දාපු කෙනෙකුට දීපු දඬුවම් මදි...

:       0       0

තිලිණ Tuesday, 19 June 2012 02:27 PM

අහිංසක සතුනුත් කැමතියි සතුටින් ජීව්ත වෙන්න.. සමාජයේ කෘර මිනිසුන් එයට ඉඩ දෙන්නෙ නැහැ...

:       0       0

වසන්ත Tuesday, 19 June 2012 03:43 PM

මේ comments බැලුවහම පේනවා අපේ මිනිසුන්ගෙ මිනිසත් භාවය.. මෙයාලටත් දඩුවමක් දෙන්න ඕන තමා.. ඒක හරි.. අලි නිසා මාසෙකට මිනිස් ජීවිත කීයක් නැති වෙනවාද? මේ ගැන කවුද හොයා බැලුවෙ.. මැරැණු කෙනෙක් වෙනුවෙන් කවුද අනේ අපොයි කිව්වෙ.. එතකොට ඒ අලිනුත් උසාවි ගෙනල්ලා උසාවි දාන්න ඔන.. හිතන්න වටින්නෙ මිනිස් ජීවිතද අලියෙකුගෙ ජීවිතයක්ද කියලා..??

:       0       0

ෆස්ලි ෆෛසල් Monday, 18 June 2012 06:32 PM

මම හිතන්නේ නැහැ ඇත් ගොව්වා උවමනාවෙන් අලියා මැරුව කියල..

:       0       0

විකුම් Tuesday, 19 June 2012 03:15 PM

මේවා බිව්වහම පාද 4 සතුන් වගේ තමා ඒකනේ තිරිසන් වැඩ කරන්නෙ..

:       0       0

රොමා Tuesday, 19 June 2012 03:56 PM

දඩුවම් මඳි

:       0       0

මංජු Monday, 18 June 2012 06:41 PM

අලිය ගහල ඇත් ගොව්වා මැරුවනම් මොකද වෙන්නේ ?

:       0       0

අලිබබා Monday, 18 June 2012 07:29 PM

ඇතෙක් කුලප්පු වුනි හැම නාග වලිප්පු. ඇත්ගොව්වව මනප්පු මාලක බිලා කසිප්පු. හෙන්ඩුවෙන් ඇනපු පාරට අලිය කුලප්පු.

:       0       0

සුනිල් Monday, 18 June 2012 07:30 PM

දඩුවමනම් හොඳයි ඒත් අපේ රටේ නිදැල්ලේ හැසිරෙන මිණීමරුවෝ කොච්චර ඉන්නවද....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේව‍ගේ Monday, 18 June 2012 07:09 PM

පින්නවල අලි අනාථාගාරයකි.එහි ‍වෙසෙන්නේ විවිධ ‍හේතු නිසා අනාථව අසරණ බවට පත්වූ අලින්ය.එවන් සතුන්ට ඇවැසි ආදරය කරුණාව වෙනුවට ‍මෙවැනි තිරිසන් අයුරින් සැලකීම කණගාටුදායකය.

:       0       0

පැට්‍රික් Monday, 18 June 2012 07:32 PM

අලියා විහින් ඇත් ගොව්වගේ නහය හපල..ඒකයි හෙන්ඩුවෙන් ඇන්නේ..

:       0       0

මාතර මල්ලි Monday, 18 June 2012 08:58 PM

ඇත් ගොව්ව හිරගෙදරට යවල ඇත්තු බලාගන්නෙ විපක්ෂෙන්ද?

:       0       0

ගාල්ලෙ බෝයි Monday, 18 June 2012 08:59 PM

පව් මිනිස්සු බෙරන්න ගිහිං වෙච්ච දෙයක්

:       0       0

සේනාධි රුවන් Monday, 18 June 2012 09:53 PM

ඇත්තටම ඇත්තු කියන්නේ අපේ රටට සම්පතක් ..ඇත් ගොව්වන්ගේ මානසික තත්වය ගැන සොයාබලන්න ඕන...

:       0       0

විජය කටුනායක Monday, 18 June 2012 09:56 PM

අලීන්ට කොහොමත් මේ කාලේ අපලයිi....

:       0       0

නයනා Tuesday, 19 June 2012 12:24 AM

ඔය අලි ටික කම්බි ගහලා කරන්ට් දාලා හොද කැළෑවකට දැම්මා නම් හරිනේ

:       0       0

නවීන් Tuesday, 19 June 2012 01:40 AM

කමක් නෑ,අනික් සිරකරුවන්ටත් ඔය අලි මන්තර ටික කියලා දෙන්න ගොයියෝ

:       0       0

gin Tuesday, 19 June 2012 07:12 PM

අලියෙක් මරල හතර දෙනෙක් හිරේ ගිහින් - අපේ රටේ මිනිස්සු කී දෙනෙක් නිදහසේ ඉන්නවාද?

:       0       0

සමන්ප්‍රිය Tuesday, 19 June 2012 01:35 PM

අලින්ගේ අවසන් කාලය ළං වෙලා

:       0       0

අරු Tuesday, 19 June 2012 12:56 PM

අහිංසක සත්තුන්ට හිරිහැර කළ තිරිසන්නුන්ට හොද වැඩේ

:       0       0

සුනෙත් Monday, 18 June 2012 05:29 PM

මොකද ගහලා තියෙන්නේ ? ආත්මාරක්ෂාවටද ? අලියගෙන් මිනිස්සු බේර ගන්නද ? විනෝදයටද ?

:       0       0

ජනසිරා Tuesday, 19 June 2012 09:06 PM

මේ සත්ව නිලධරියා එදා නිවාඩු හිටපු අහිංසක මනුස්සයෙක්. දේශපලන බලයක් නැති නිසා හිරේ යන්න උනා. ඔක තමයි අද අපේ රටේ තත්වෙ

:       0       0

අමිල Monday, 18 June 2012 04:50 PM

අද අලි කේස් දවසක්

:       0       0

ධනුෂ්ක Monday, 18 June 2012 04:54 PM

වසරක් නඩත්තු කරන්න කියලා එක්කෙනෙකුට අලියා ගානෙ දුන්නා නම් ඒක තමයි ලොකුම දඩුවම

:       0       0

සජී Monday, 18 June 2012 05:39 PM

පුව අර තිරිසන් සතා.මේ මිනිස්සු මෙච්චර නපුරු වුණේ ඇයි දන්නේ නෑ.දැන් ඉතිං කරපු පවු ගෙවන්නත් එපායැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site