IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පින්නවල අලි බෝ කිරීමට කණ කොකා හඬයි

පින්නවල අලි අනාථාගාරයේ අලි අභිජනන කාර්යය නැවතීම නිසා වසර හතරේ එකම අලි පැටියකු හෝ බිහිවී නැතැයි සේවකයෝ කියති.

1975 දී එවකට නාවික හා සංචාරක අමාත්‍යවරයාව සිටි පී.බී.ජී. කළුගල්ල මහතාගේ යෝජනාවක් අනුව පින්නවල අලි අනාථාගාරය ඇරඹිණි. එහි අලි ඇතුන් 89 ක් සිටිති. එයින් අඩක් පමණ කෙනෙරුය.

අලි අභිජනන කාර්යය සාර්ථක වෙමින් 1984 ජූලි 5 වැනිදා ප්‍රථම වරට කුමාරි නමැති ඇතින්න ‘සුකුමලී‘ බිහි කළාය. 2011 දක්වා අලි පැටවුන් 69 දෙනෙක් උපන්හ.

එහි සිටි නීලගිරි නමැති අලියාගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරියකුට සහ සේවකයින් තිදෙනකුට අධිකරණය මඟින් සිර දඬුවම් පැමිණවීම නිසා අලි අභිජනන කාර්යයට අත ගැසීමට ඇත් ගොව්වන් බියක් දක්වන බව සේවකයෝ පවසති.

දැනට සහකාර අධ්‍යක්ෂවරියක්, පශු වෛද්‍යවරුන් දෙදෙනෙක් , සත්වාරක්ෂක නිලධාරීන් 6 දෙනෙක් හා සේවකයින් 160 ක් පින්නවල අලි අනාථාගාරයේ සේවය කළද ඔවුන්ට අභිජනනය ගැන නිසි පළපුරුද්දක් නොමැති බව කියති.

අලි පැටවුන් හිඟවීම මත සංචාරක කර්මාන්තයටද බලපෑම් ඇතිවී ඇතැයි ද කියති. 



අදහස් (0)

පින්නවල අලි බෝ කිරීමට කණ කොකා හඬයි

සරත් Wednesday, 11 February 2015 05:07 AM

හොඳ පාරම් පාරික ඇත් වෙදෙක් ,ඇත් ගොව්වෙක් ගෙන් වත් පුහුණුවක් ලබාගන්න. උපාධි තිබ්බට මදි දන්නා අයගෙන් අහගන්න ඕනේ .(දිල්)

:       0       0

ජනක Wednesday, 11 February 2015 05:22 AM

දැන් වාද විවාද නැතුව මේකට පිළියමක් හොයා ගත්තොත් නරකද?(හේ)

:       0       0

චන්ද්‍ර Wednesday, 11 February 2015 05:23 AM

තව ටික දවසකින් අපේ රටේ අලි සම්පත නැතිවී යයි වගේ(හේ)

:       0       0

ට්‍රියෝන් Wednesday, 11 February 2015 05:29 AM

බිහි වුණ අලි උස්සලා ද දැනේ නැහැ? (අ)

:       0       0

උපාලි Wednesday, 11 February 2015 05:54 AM

මම දවසක් බලාගෙන හිටියා, සේවකයෙක් එක අලි පැටවෙකුට කිරි බෝතලයක් පෙව්ව හැටි. සංචාරකයෙකුට පොටෝ ගන්නයි එක කලේ. ඒ පටවා ලඟම හිටිය අනික් අලි පැටවා පුදුම විදිහට දැඟලුව කිරි ටිකක් ලබා ගන්න. නමුත් මේ සේවකයා ඌට නොදී යන්න ගියා. .(හේ)

:       0       0

රාජා ගුණවර්ධන Wednesday, 11 February 2015 09:45 AM

පින්නවල අලි නෙවෙයි, අනික් අලිනන් බෝනොවෙන්නම ඕනෙ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site