පින්නවල අලි අනාථාගාරයේ අලි අභිජනන කාර්යය නැවතීම නිසා වසර හතරේ එකම අලි පැටියකු හෝ බිහිවී නැතැයි සේවකයෝ කියති.
1975 දී එවකට නාවික හා සංචාරක අමාත්‍යවරයාව සිටි පී.බී.ජී. කළුගල්ල මහතාගේ යෝජනාවක් අනුව පින්නවල අලි අනාථාගාරය ඇරඹිණි. එහි අලි ඇතුන් 89 ක් සිටිති. එයින් අඩක් පමණ කෙනෙරුය.
අලි අභිජනන කාර්යය සාර්ථක වෙමින් 1984 ජූලි 5 වැනිදා ප්‍රථම වරට කුමාරි නමැති ඇතින්න ‘සුකුමලී‘ බිහි කළාය. 2011 දක්වා අලි පැටවුන් 69 දෙනෙක් උපන්හ.
එහි සිටි නීලගිරි නමැති අලියාගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරියකුට සහ සේවකයින් තිදෙනකුට අධිකරණය මඟින් සිර දඬුවම් පැමිණවීම නිසා අලි අභිජනන කාර්යයට අත ගැසීමට ඇත් ගොව්වන් බියක් දක්වන බව සේවකයෝ පවසති.
දැනට සහකාර අධ්‍යක්ෂවරියක්, පශු වෛද්‍යවරුන් දෙදෙනෙක් , සත්වාරක්ෂක නිලධාරීන් 6 දෙනෙක් හා සේවකයින් 160 ක් පින්නවල අලි අනාථාගාරයේ සේවය කළද ඔවුන්ට අභිජනනය ගැන නිසි පළපුරුද්දක් නොමැති බව කියති.
අලි පැටවුන් හිඟවීම මත සංචාරක කර්මාන්තයටද බලපෑම් ඇතිවී ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පාරම් පාරික ඇත් වෙදෙක් ,ඇත් ගොව්වෙක් ගෙන් වත් පුහුණුවක් ලබාගන්න. උපාධි තිබ්බට මදි දන්නා අයගෙන් අහගන්න ඕනේ .(දිල්)
දැන් වාද විවාද නැතුව මේකට පිළියමක් හොයා ගත්තොත් නරකද?(හේ)
තව ටික දවසකින් අපේ රටේ අලි සම්පත නැතිවී යයි වගේ(හේ)
බිහි වුණ අලි උස්සලා ද දැනේ නැහැ? (අ)
මම දවසක් බලාගෙන හිටියා, සේවකයෙක් එක අලි පැටවෙකුට කිරි බෝතලයක් පෙව්ව හැටි. සංචාරකයෙකුට පොටෝ ගන්නයි එක කලේ. ඒ පටවා ලඟම හිටිය අනික් අලි පැටවා පුදුම විදිහට දැඟලුව කිරි ටිකක් ලබා ගන්න. නමුත් මේ සේවකයා ඌට නොදී යන්න ගියා. .(හේ)
පින්නවල අලි නෙවෙයි, අනික් අලිනන් බෝනොවෙන්නම ඕනෙ. (බ)