එහාට මෙහාට පනින අයට ඡන්දය නොදෙන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොට්ටාවේ සෙනසුරාදා පැවැති ජන රැලියකදී පැවසීය.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් රුපියල් 3000කින් වැඩි කරන බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
එහාට මෙහාට පනින අයට ඡන්දය නොදෙන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොට්ටාවේ සෙනසුරාදා පැවැති ජන රැලියකදී පැවසීය.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් රුපියල් 3000කින් වැඩි කරන බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
18 උදෙන්ම අලියා පිටේ නගින්න බර කට්ටියක් ඉන්නවා මැතිඳුනි. (නි)
එහෙනම් ඉතින් ඔබතුම ගාව ඉන්න ගොඩ දෙනෙක්ට ඡන්දෙ නෑ..මොකද ඉතින් වැඩිපුරම ඉන්නේ පැනපු අයනේ. (බ)
දයාසිරිද? (බ)
විකුම් යථාර්ථය තේරුම් ගන්න උත්සාහකරන්න (බ)
සිල්වා - බර්ලින්, ඔබ හරියට හරි. දැන් වුණත් මෙතුමා ළඟ ඉන්නේ ඔක්කොම පැනපු අයනේ.යන්නේ කොහෙද මල්ලේ පොල් ! (නි)
ඔබතුමා ගැන දුකත් හිතෙනවා. වටේ ඉන්න සමහර කට්ටිය නිසා තමයි අපිටත් එපාවෙලා තියෙන්නේ (නි)
ඔබගේ වටේ වෙන පක්ෂ වලින් පැනපු අය ඇත්තෙම නැද්ද? (නි)
එතකොට ඔබේ දෑත් සවිමත් කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඔය පැත්තට ඒ දවස් වල පැනපු අයටත් ඡන්දෙ දෙන්න එපාද? (නි)
එහාට මෙහාට පනින අයට ඇමතිකම්,උප ඇමතිකම්, වෙනත් වරදාන දීලා, තමන්ගේ පක්ෂයේ දර දිය අදින දීර්ඝකාලීන සාමාජිකයින්ට සුසුම් හෙළමින් ඉන්න සළස්වලා, ඔවුන් තමන්ට වෙන අසාධාරණය ගැන කිවුවහම ඔවුන්ට "සැලුන් දොර" පෙන්නුවේ කවුද දන්නේ නැහැ නේද? (නි)
දේශපාලකයන්ට පිස්සුද , අපිට පිස්සුද? මෙතුමා සමඟ ඡන්දේ ඉල්ලන අයගෙන් පහෙන් හතරක් පක්ෂ වලින් පැනපු අය. දැන් කියනවා ඔවුන්ට ඡන්දේ දෙන්න එපාලු. (නි)
මහින්ද දිනනවා. (නි)
රටේ පුරවැසියෝ විදිහට අපි බලන්න ඕනෑ කාටද අපේ ආර්ථිකය දියුණු කරන්න හොඳ ප්‍රතිපත්ති තිබෙන්නේ සහ නිදහසේ ඉන්න සමාජ වටාපිටාවක් හදන්න පුළුවන් කාටද කියන එක. (නි)
මහින්ද රාජපක්ෂ මහතාට ඔබේ ඡන්දය ලබාදෙන්න (නි)
ඔබතුමා මේ දෙනවා කියන වරදාන බලයේ හිටිය කාලේ නේද දෙන්න තිබුනේ? ඔබ රටේ විධායක බලය ඉහළින්ම පාවිච්චි කළ ජනාධිපතිතුමා විදිහට විරුදාවලිය අරගෙන අවසානයි. ඔය වටේ ඉඳගෙන ඉන්න අය තමා ඔබතුමා මේ තත්වයට පත්කළේ. (නි)
අපිට නම් අහන්න තියෙන්නේ ඔය අත් උස්සගෙන ඉන්න අයගෙන් කී දෙනෙක් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ ද කියලා ඔබතුමා කීව දවසට අපි ඔබට ජන්දේ දෙනවා කියල තමා. (ම)
හිටපු රාජ්‍ය නායකයා නේද මේ සවුත්තු වෙන්නේ ආයෙත් ඡන්දය ඉල්ලලා... අනික් අයට සහයෝගය දීලා නිහඩව හිටියනම් කොච්චර අගේද...දැන් නම් අපිටත් හිතෙනවා ඇත්තටම හොරා කලා අහුවෙන එක වළක්වා ගන්න තමයි මෙච්චර දඟලන්නේ..(ම)
එක් ඡායාරූපයක රාජපක්ෂ මහතා වටේ වාඩිවී ඉන්න හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම පැනපු අය. ඡන්දදායකයන්ට උකුණු මොළයක් තරමේ මොළයක් ඇත්නම් මේ කියන්නේ ඔවුන් ගැනත් සමඟයි කියා තේරුම්ගත යුතුයි. (නි)
තමන්ව බලයට ගෙනෙන්න මහත් කැපවීමක් කළ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් නොසළකා හැර දෑත් ශක්තිමත් කරන්නට කියා එජාපයෙන් පැන්න දුෂිතයන්ට වරදාන හොඳ තනතුරු හා හොරකම් කරන්නට ඉනිමං තැනූ පුද්ගලයෙක් කියන කතාවක හැටි? (නි)
වටේ ඉන්න සමහර කට්ටිය නිසා තමයි අපිටත් එපාවෙලා තියෙන්නේ. ඔය ඉන්න සමහරුන්ට අවශ්‍ය ඔබේ කරමතින් දියවන්නාව තරණය කිරීම පමණයි. ඉන්පසු ඔවුන් ශක්තිමත් කරන්නට වෙනත් දෑත් සොයාගනු ඇත. (නි)
වයසට යනකොට අමතක වෙන රෝගය හැදෙනවා. (ම)
ඇයි ඔබේ ආණ්ඩුව කාලේ ඕනෑ කෙනෙකුට යන්න එන්නට විතරක් නෙමෙයි, පනින්නට, කරනම් ගහන්නට ඔබේ සැලුන් දොර ඇරලා තිබුනා නේද? දෑත් ශක්තිමත් කරන්න අනෙක් පැත්තෙන් ඔබේ පැත්තට පනින එක සාධාරණයි. ඒත් ඔබේ පැත්තේ සිට අනෙක් පැත්තට පනින එක වැරදියි. එහෙම කරන්නේ ද්‍රෝහියෝ.එහාට මෙහාට පනින අයට ඡන්දය නොදෙන්නැයි කියන්නේ ඒ අදහසින් නේද? ඉදිරියේදී සිදුවිය හැක්කේ "මෙහාට" පැනීම නොව "එහාට" පැනීම නිසා නේද ඔබ එසේ කියන්නේ? (නි)
එහෙනම් ඉතින් ඔබතුමා ළඟ ඉන්න ගොඩ දෙනෙකුට ඡන්දෙ නැහැ.මොකද ඉතින් වැඩිපුරම ඉන්නේ පැනපු අයනේ. (නි)
වසර 30 ක ශාපයෙන් රට නිදහස් කළ අභීත නායකයා මොහුයි. ඔහු නැවත අවැසි වෙලාවක් මේ. ඔහු බලාපොරොත්තු තැබිය හැකි නායකයෙක්. රට වෙනුවෙන් ඔහු ජයගත යුතුමයි. අතීතය මතකයේ ඇති අය මෙතුමාව ජයග්‍රහණය කරවාවී. ඔබට නිසැක ජය. (නි)
හරි හරි අපිට තේරුණා (නි)
ඔය වටේ ඉඳගෙන ඉන්න සමහරු තමයි රට කෑවේ (නි)
අපි මැරිලා උපන්නේ නැහැ. අපිට ඔබතුමාගෙන් උපදෙස් ඕනෑ නැහැ කාටද ඡන්දෙ දෙන්නේ කියලා තීරණය කරන්න. හැබැයි අපිට දුකයි ඔබතුමාට වෙන දේ ගැන. තණ්හාය ජායති ශෝකෝ කියලා තමයි කියන්න වෙන්නේ (නි)
මහින්ද මහතා දිනනවා (නි)
ඔබතුමා වටේ ඉන්න අයගෙන් 50% කට වැඩි අය වෙනත් පක්ෂ වලින් පැනලා ආ අය නේද? (නි)
රනිල්ට ජයවේවා! (නි)
හිතාගන්න බැරි කාටද එතකොට දෙන්නේ කියලා (නි)
අපි නම් මේ පාර ඡන්දෙ දෙන්න යන්නෙත් නැහැ (නි)
අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)
නම් වශයෙන්ම කිවුවා නම් අපිට පහසුයි (නි)
එහෙනම් අපි යූඑන්පීයට දෙන්නම්. ඔබතුමාගේ පැත්තේ දෙන්න කෙනෙක් නැහැනේ (නි)
පනින අයට ඡන්දෙ දෙන්න එපා කියන්නේ තමාට නියත පරාජයක් අත්වෙන හින්දද? (නි)
මහින්ද මේ වෙනතුරු හිටියා නම් බොරැල්ල පාරත් හදලා ඉවරයි. කොට්ටාව දියුණු කළේ එතුමා. කලින් කොහොමද තිබුනේ? (නි)
රටට පණදෙන්න. ඔබතුමාට ජය නියතය (නි)
එතකොට අපිට දෙන්න කෙනෙක් නැහැනේ (නි)
එතකොට දැන් කාටද දෙන්න ඕනෑ? (නි)
මහජන සල්ලි රටේ දේපල පවුල් පිටින් කොල්ලකාපු අයටත් ඡන්දෙ දෙන්න එපා. (බ)
පරණ කැලෑ සත්තු ගැන කථාවක් මතක් වුණා (බ)
අන්න දැන් තමා ඔබතුමාට මොලේ පෑදුනේ , ඔය නුවන දැනට අවරුදු 5 කට කලින් ඔබතුමාට ලැබුන නම් , අද ජනාධිපති ඔබ සහ සන්ධාන රජයක් තිබෙන්නේ , ඔබතුමා සහ සන්ධානය මේ තත්වයට ඇද දමන්න කුඩු දුමින්ද සහ එතනෝල් ජොනි මුලික වුනා, ජවිපෙන් මේ පැන්න විහිලුවන්ස කොලුවා ඔබතුමාට මහරජාණෙනි කියමින් බොරු කියමින් ඔබතුමාව මුරුංග අත්තේ තිබ්බ , බක පණ්ඩිත බන්දුල රුපියල් 2500 කින් ලංකාවේ මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියා ජනතාව කුල්ලපු කළා , මිනිස්සු පෝලිමේ ගිහින් ඔබතුමාට විරුධව ඡන්දෙ දුන්න , දැන් කරන්න හදන්නේ විශ්‍රාම සුවයෙන් හිටපු ඔබ ඇදගෙන ඇවිත් තව පාරක් පරද කරලා තිබෙන ටිකත් නැති කරලා දාන්න, ඔන්න ඔබතුමාගේ සැලුන් දොර නිසා වුණ වැඩේ , ඒ දවස්වල යකඩ දොරක් දමල යතුර අතේ තියාගෙන හිටියනම් ඉවරයි නේද? (බ)
දැන් අර සැලුන් දොර නැද්ද? ගියපාර පොරොන්දු තවම එහෙමමයි. අර දෙනවා කියපු 2500 දැන් මතක නැහැ නේද? (නි)
ඔබතුමා නේද ඉගැන්නුවේ එහාට මෙහාට පනින්න ?(බ)
එහෙනම් ඔබතුමා වටේ ඉන්න කාටවත් දෙන්න වෙන්නේ නැහැ (නි)
මහජන සල්ලි, රටේ දේපල පවුල් පිටින් කොල්ලකාපු අයටත් ඡන්දෙ දෙන්න එපා. (නි)
සිල්වා - බර්ලින්, ඔබ ලස්සනට ඔබගේ අදහස ලියා ඇත (නි)
පෙරේරා, රටේ මහජන දේපල පවුල් විසින් කොල්ලකෑ විට හොයාගන්න ලෙහෙසියි. හැබයි ආයතන හරහා කොල්ල කෑ විට හොයාගන්න බැහැ. තේරුම් ගන්න. වෙනස තියෙන්නේ එතැන. (නි)
යහපාලනය අපිට දැන් එපා වෙලා. අපිත් මේ පාර මහින්දට. (බ)