ඉන්දු - ශ්‍රී ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ශ්‍රී ලංකාවට පැවරෙන බව ඉන්දීය රජයේ නාවික සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කර ඇතැයි එරට ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය කියයි.
ශ්‍රී ලංකාව එකඟ වන්නේ නම් කොළඹ සහ තූත්තුකුඩිය ( ටියුටිකොරීන්) අතර මෙම මගී ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් බවයි ඔහු සඳහන් කර සිටී.
දෙරට අතර මගී ප්‍රවාහන නෞකා සේවය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සිය ශ්‍රී ලංකා සංචාරයේදී ද සාකච්ඡා කළාය. වසර 25 ක විරාමයකින් පසුව මෙම නෞකා සේවය 2011 වසරේදී ආරම්භ කෙරුණු අතර, ඉන් වසරකට පසුව වානිජමය ශක්‍යතාවක් නොමැති බව පවසමින් මෙම නැව් මඟී ප්‍රවාහන සේවාව නතර කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මට නම් හිතෙන්නේ කේරළයේ මිනිස්සු හොඳයි. කරදරයක් කරන්නේ නැහැ (නි)
පාලමක් හදනවට වැඩිය නම් හොඳයි. (නි)
එකේ නම් ලොකු වැරද්දක් පේන්න නැහැ , කොහොමත් මොන බලපෑම් වුනත් අසලවැසි රටක් එක්ක ගනු දෙනු කරන එක ඒ තරම්ම නරක දෙයක් නෙවේ, කේරල මිනිස්සු නම් ලංකාවේ අපි වගේම තමා.එක වෙනසයි උන් නාන්නේ නැහැ (බ)
හිරාන්, මෝඩ කතා කියන්න එපා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, කේරල හා කර්නාටක යනු ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්ත. අපි ඒවා සමඟ සබදතා පුළුල් කරගත යුතුයි (නි)
පෙරේරා, ඔය මැදපෙරදිග වැඩට ගිය අයෙගෙන් දැනගන්න පුලුවන් වේවි කේරළ ප්‍රාන්තයේ මිනිසුන්ගේ හොඳකම ගැන. (නි)
ඔය පාලම්, බෝට්ටු සේවාවන් තමිල්නාඩුවට නැතුව වෙන ප්‍රාන්ත වලට සම්බන්ධ කරලා ආරම්භ කළොත් නරකද? (නි)
2011දි අසාර්ථක වීම නිසා දෙවරක් කල්පනා කර බැලීම හොඳය (නි)
මම නම් කියන්නේ ඕක ආයෙත් නම් පටන්ගන්න එපා. (නි)
මෙය මඟින් රුපියල් දස දහසකට ඉන්දියාවට ගොස් ඒමට දුප්පත් අපිට එකල අනගි අවස්ථාවක් තිබුනත් අවසානයේ මෙය වසා දැමිණි. (නි)
අපෝ අපිට එපෝ. ඉන්දියාවේ උඩ හරියනම් කමක් නෑ කියමුකෝ පහල අපො එපෝ (බ)