IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පන්දුව ලංකා පිලේ

ඉන්දු - ශ්‍රී ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ශ්‍රී ලංකාවට පැවරෙන බව ඉන්දීය රජයේ නාවික සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කර ඇතැයි එරට ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය කියයි.

ශ්‍රී ලංකාව එකඟ වන්නේ නම් කොළඹ සහ තූත්තුකුඩිය ( ටියුටිකොරීන්) අතර මෙම මගී ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් බවයි ඔහු සඳහන් කර සිටී.

දෙරට අතර මගී ප්‍රවාහන නෞකා සේවය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සිය ශ්‍රී ලංකා සංචාරයේදී ද සාකච්ඡා කළාය. වසර 25 ක විරාමයකින් පසුව මෙම නෞකා සේවය 2011 වසරේදී ආරම්භ කෙරුණු අතර, ඉන් වසරකට පසුව  වානිජමය ශක්‍යතාවක් නොමැති බව පවසමින් මෙම නැව් මඟී ප්‍රවාහන සේවාව  නතර කැරිණි.



අදහස් (0)

පන්දුව ලංකා පිලේ

යාපා Monday, 05 October 2015 02:06 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

පෙරේරා Monday, 05 October 2015 02:44 PM

මට නම් හිතෙන්නේ කේරළයේ මිනිස්සු හොඳයි. කරදරයක් කරන්නේ නැහැ (නි)

:       0       0

නිහාල් Monday, 05 October 2015 03:16 PM

පාලමක් හදනවට වැඩිය නම් හොඳයි. (නි)

:       0       0

ශාන්ත - කටාර් Monday, 05 October 2015 04:11 PM

එකේ නම් ලොකු වැරද්දක් පේන්න නැහැ , කොහොමත් මොන බලපෑම් වුනත් අසලවැසි රටක් එක්ක ගනු දෙනු කරන එක ඒ තරම්ම නරක දෙයක් නෙවේ, කේරල මිනිස්සු නම් ලංකාවේ අපි වගේම තමා.එක වෙනසයි උන් නාන්නේ නැහැ (බ)

:       0       0

නාමල් Monday, 05 October 2015 07:17 PM

හිරාන්, මෝඩ කතා කියන්න එපා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, කේරල හා කර්නාටක යනු ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්ත. අපි ඒවා සමඟ සබදතා පුළුල් කරගත යුතුයි (නි)

:       0       0

මොහොමඩ් Monday, 05 October 2015 10:02 PM

පෙරේරා, ඔය මැදපෙරදිග වැඩට ගිය අයෙගෙන් දැනගන්න පුලුවන් වේවි කේරළ ප්‍රාන්තයේ මිනිසුන්ගේ හොඳකම ගැන. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 October 2015 04:41 AM

ඔය පාලම්, බෝට්ටු සේවාවන් තමිල්නාඩුවට නැතුව වෙන ප්‍රාන්ත වලට සම්බන්ධ කරලා ආරම්භ කළොත් නරකද? (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 12:53 PM

2011දි අසාර්ථක වීම නිසා දෙවරක් කල්පනා කර බැලීම හොඳය (නි)

:       0       0

තිලක් Monday, 05 October 2015 01:03 PM

මම නම් කියන්නේ ඕක ආයෙත් නම් පටන්ගන්න එපා. (නි)

:       0       0

රුවන් Monday, 05 October 2015 01:06 PM

මෙය මඟින් රුපියල් දස දහසකට ඉන්දියාවට ගොස් ඒමට දුප්පත් අපිට එකල අනගි අවස්ථාවක් තිබුනත් අවසානයේ මෙය වසා දැමිණි. (නි)

:       0       0

හිරාන් Monday, 05 October 2015 01:49 PM

අපෝ අපිට එපෝ. ඉන්දියාවේ උඩ හරියනම් කමක් නෑ කියමුකෝ පහල අපො එපෝ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site