පැමිණිල්ලක් කිරීමට පානදුර පොලිසියට පැමිණි බව කියන රියදුරකු පැය පහන් රඳවාගෙන එය ලියා ගැනීමට ප්‍රමාද කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂ මානෙල්ගේ ගාමිණී හා උප සේවා සැරයන් කරුණාදාස සමරජීව එම දෙදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ලියන හුඟක් අයට පොලිසි වලින්, රෝහල් වලින් අසාධාරණකම් සිද්ධවෙලා තිබෙන බව පේනවා. තව එළියට නොආ අසරණයන්ට වුණ දේවල් කොපමණ ඇද්ද? මේ සම්බන්ධව බලය ඇති ඇමතිවරුනි, වහාම මේ පිළිබඳ සොයා බලා නැවත එසේ නොවන්න වගබලා ගන්න. (නි)
පොලිසියේ ඕඅයිසි කෙනෙකුට අපි කතා කරන්න ඕනෑ කොහොමද? අපි වැදගත්කමට සර් කියනවා. ලොකුකම් ඇති අය ඇවිල්ලා නමින් කතා කරනවා. අපිට තව තව ගෙම්බර් දානවා. කරුණාකරලා සමාජයට කියන්න මින්පසු පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙකුට සහ ඕඅයිසී, ඒඑස්පී කෙනෙකුට අපි කතා කරනන් ඕනෑ කොහොමද කියලා. මොකද නැත්නම් අපි සර් කියපු ගමන්ම අපිව දානවා දෙකේ කොළයට/ දාලා ලොක්කන්ගෙ පැත්තට වැඩ කරනවා ඒ අයත්. (නි)
පොලිසි වල කටඋත්තර ලියාගැනිම් සහ විමසීම් සිදු කිරීම් වැනි දේවල් විනිවිදභාවයකින් යුකුව සිදුවිය යුතුයි. නැත්නම් කරන්නේ තමන්ගේ පැත්තට වාසියට හැමදේම කරගන්නා එකයි. මෙහෙම කියන්නේ 90% ක් තැන්වල මෙහෙම වෙන නිසයි. (නි)
නිල ඇඳුම ඇන්දට පස්සේ ඔලුව ඉදිමෙනවා, මනුස්සකම පිරිහෙනවා, තණ්හාව වැඩිවෙනවා මේ පොලිසියේ , රෝහලේ විතරක් නෙවෙයි රටේ සියලුම ආයතන වල තත්ත්වය ... කවද හැදෙන රටක් වෙයිද ...(හේ)
ටිකිරි, පොලිසියේ මහත්වරු දුප්පත් අහිංසක පොඩි මිනිහටම තමන්ගේ බලය පෙන්නුවේ, මොකද දන්නවද? පැමිණිල්ලක් දැම්මහම දේශපාලන හිතවත්කම් ලොකුකම් තියෙන අය දෙනවා කෝල් එකක්. මේක පොඩ්ඩක් බලන්න කියලා. එතකොට පැමිණිල්ල විභාග කරන්න පටන්ගන්නෙම එක පැත්තකට වාසියටයි. (නි)
බලය තණ්හාව, වාසිය, ජරාව පෙරටුකරගෙන පොලිසිය මෙවැනි දේ කිරීම නිසාම මහජන අප්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැක (නි)
මම නම් ඉස්සර ලංකාවේ ඉන්නකොට පොලිසියට යන්නේ නැහැ අඳුරන මාර්ගයක් නැත්නම්. මොකද නිකන් රස්තියාදු වෙන්න වෙන නිසා. (නි)
යුනිෆෝම් අදින හැම කෙනාම. ඕක දාගත්තට පසුව මනුස්සකම නැතිවෙලා යනවා. පෙන්නේ නැද්ද නර්ස් නොන්නල ගේ කෙරුවාව. මෙයාල හිතන් ඉන්නේ මේ කට්ටිය කවුරු කියලද. දන්නේ නැහැ (කෞ)
චතුරිගේ කතාව සහතික ඇත්ත. නිලඇඳුම ඇන්දට පස්සේ ඔලුව ඉදිමෙනවා, මනුස්සකම පිරිහෙනවා, තණ්හාව වැඩිවෙනවා (නි)
මේ හැමදේම පොලිසියේ වැරැද්ද නිසා නෙමෙයි. මුල සිට ආ දේශපාලුවන්ගේ බලපෑම්, සල්ලි තියන ලොකුයි කියලා හිතාගෙන ඉන්න අයගේ තියන බලපෑම්. මේ ක්‍රමය නැති කරන්න මුළු පොලිස් සේවයම ප්‍රතිසංවිධානය කළයුතුයි. පොලිස් කොමිෂන් වලින් ඇති වැඩක් නැහැ. දැනටත් පොලිස් කොමිසම තියෙද්දී වෙන දේවල් බලපුහම. බලය, මුදල් හෝ හැඳුනුම්කම් ඇති නැති සැමට එක හා සමාන සේවයක් පොලිසියෙන් ජනතාවට ලබා දිය යුතුයි. (නි)
සමන් ඔබ හරි. එ් තමයි නියම ක්‍රමය ලංකාවේ පොලිසියකට යායුතු. අප කියන්නෙ මෙය වෙනස් කළ යුතුයි කියලයි. නැත්නම් අඒ ඒ ආණ්ඩුවල බත්බැලයොන්ගෙ නිතිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. අදුරන කෙනෙක නැති සාධාරන පොඩි මිනිහට පොලිසියට ගියාම වෙන අපහසුතාවය, ලැජ්ජාව, කලකිරිම අසාධාරණය ඉවසා සිටින්නේ කෙසේද? (බ)
ඔය වගේ පාර්ට් දාන ඕඅයිසී කෙනෙක් හිටිය සීදුව පොලිසියේ 1993 විතර. පාරේදී දැකල හැඳුනුම් කමට කතාකළාම මට පාර්ට් එකක් දැම්ම. 2005 වල එයා අසරණ වෙලා මගේ ළඟටම ආව සහතිකයක් ගන්න. පරණ දෙවල් මතක් නොකර මම පිහිට වුණා. නමුත් මිනිහ දැන් හරිම හොඳයි (බ)
මමත් පොලීසියට ගියා වැඩක් කරගන්න. පැය 4 කට වැඩිය රස්තියාදු වෙලා හෙට එන්න කියලා කිව්වා. (නි)
නර්ස් නෝනලා සහ පොලිස් නිලධාරීන් අතර මම දකින එකම වෙනස පොලිසිය වගේ නර්ස් නෝනලා පගාව ගහන්නේ නැහැ. ඒ ඇරුනහම දෙගොල්ලන්ම එක වගේ (නි)
මහජනයාගෙන් පඩි ගන්න නිසාවත් මේක මහජන සේවයක් කියලා හිතන්න බැරිද? (නි)
පැමැණිලි ලියාගන්න තැන, විභාග කරන තැන සිසිටිවි කැමරා සවි කරන්න. පොඩි මිනිහා කියන දේ නෙමෙයි, බලපෑම් කරන ලොකු මිනිහාට ඕනෑ ලෙස කටඋත්තර ලියාගෙන ලියපු එක පෙන්වන්නෙත් නැතුව පොඩි මිනිහාගෙන් අත්සන් ගන්න එක වළක්වන්න පුළුවන්. මටත් අමිහිරි අත්දැකිම් තිබෙනවා. (නි)
පුද්ගලික ප්‍රශ්ණයකට පොලිසියේ පැමිණිල්ලක් දාපු ලොක්කෙක් ඒ හිතවත්කම් පාවිච්චි කරලා මට ලොකු අසාධාරණයක් කළා. පැමිණිල්ල විභාග කරන දින ඒ පුද්ගලයා පැය ගණනක් බොරු ඇදබානතෙක් සාවධානව අසාසිටි පොලිසි නිලධාරියා මා හට කතා කිරිමට ඉඩදුන්නේ නැහැ. අවසානයේ කිසියම් කොළයකට අත්සන් තබන මෙන් ඉල්ලා සිටියමුත් එහි කුමක් ලියාඇද්ද යන්න පෙන්වුයේද නැහැ. මේවා වහාම නැති කළයුතුයි. සිසිටිවි කැමැරා සවි කරන්න. ටිකක්හරි අසාධාරණකම් අඩුවේවි. (නි)
එක්තරා තරුණ නර්ස් කෙනෙක් මගේ වැදගත් යහළුවෙකුට කැත විදියට බැනලා රෝහලේදි. ඒ යහළුවා උගත් පුද්ගලයෙකු නිසා ඔහු නිසි බලධාරින්ට පැමිණිලිකරලා ඒ සිද්ධිය. එවිට අර නර්ස්ට එරෙහිව විභාගයක් පවත්වලා. එය අවසන් වූ පසු අර නර්ස් ඇවිත් කියනවලු “ මට කලින් කියන්න එපැයි කවුද කියලා. එහෙම නැතුව මම දන්නෙ කොහොමද කියලා“ ඔන්න බලන්න හැටි. මේවා වහාම වෙනස් කළයුතුයි. (නි)
වැරැද්ද කළ නිලධාරීන් දෙනොගේ නම් දෙක පළකළ එක නම් ලොකු දෙයක්. නැත්නම් අරයා වෙන්නැති මෙයා වෙන්නැති කියලා හොඳට වැඩකරන අයවත් සැකකරන නිසා. මේ තත්වට දිගටම පවත්වාගෙන යන්න. වැරදි කර අසුවන සෑම කෙනෙකුගේම ආයතනයකම නම් පළකරන්න. එය පාඨකයාගේද අයිතියකි. (නි)
අසරණවෙලා රෝහලකට යන ලෙඩුන්ට පාට්දමන නර්ස්ලට නම් හොඳක් සිද්ධවෙන්න එපා. ඒ වගේම තමයි පොලිසියකට යන්නෙත්. එතන ගියාම ලොකු අයට එක විදියකටයි පොඩි මිනිහට එක විදියකටයි සළකන එකයි නැවැත්විය යුතුයි. (නි)
මේ නීතිය පොලිසියට විතරක් නොවෙයි, මුළු රාජ්‍ය සේවයටම ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)
මේ පොලිසියේ මහත්වරු හැමදාම තමන්ගේ බලය පෙන්නුවේ, දුප්පත් අහිංසක පොඩි මිනිහටම තමයි. හැබැයි ඔතෙන්ට දේශපාලුවෙක් හරි දොස්තරවරයෙක් හරි වෙන ලොක්කෙක් හරි අාවා නම් දෙකට තුනට නැමිලා ඕනෑම දෙයක් කරයි. (නි)