පානදුර මහානාම විදුහලේ ගුරුවරියකට කොස්සකින් පහර දුන්නැයි කියන සිදුධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම විදුහලේ විදුහල්පතිතුමිය වන යමුනා නයනා කාන්ති මහත්මිය සඳුදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස හා සෑම ඉරු දිනකම පානදුර දකුණ පොලිසියේ පෙනී සිටින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.
නඩුවට අදාල දෙපාර්ශවය සමථයකට පත් වීමට කැමති නම් වෛද්‍ය වාර්තා ද සමග ජූනි 13 අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති තුමියක්ද ගුරුවරියට කොස්සෙන් ගහලා තියෙන්නේ.? මම හිතුවේ විදුහල්පතිතුමෙක් කියලානේ. මෙයාගේ ගෙදර මෙහෙකරුවන්,මෙහෙකාරියන් ඉන්නවානම් එයාලට දෙවියන්ගේම පිහිටයි...! (බ)
මෙම කාන්තාව ගුරුවරියට රෝහල් ගතවෙන තරමට පහර දී ඇති බව ඔප්පු වුණොත් විදුහල්පති තනතුරට කිසිසේත් නුසුදුසු තැනැත්තියකි. පාසලේ ඉගෙනගන්නා සිසු දරුවන්ට මැයගෙන් සාධාරණයක් ඉටුවෙයි කියා සිතිය හැකිද...? (නි)
තනතුරෙන් ඉවත්කර සාමාන්‍ය ගුරුවරයෙකු බවට මැය පත්කළ යුතුයි. ඉහළ තනතුරක් ලැබුණහම ගොඩක් අය හිතන්නේ සෑම දෙයක්ම කරන්න පුළුවන් කියලා (නි)