සන්ධානයෙන් අස්වන බව කියන පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා අද (14) නගරාධිපති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහනගර සභා ලේකම්වරියට බාර දුන්නේය.
ඒ සමගම නිල වාහනයද බාර දුන් ඔහු තම තීරණය දැනුම් දීම සඳහා පෙරවරු 10 ට පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදීමාධ්‍යවේදීන් අමතන බව ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්තය දැන් නැවතත් උදා වේවි (බ)
අන්න මිනිස්සු. දේශපාලන පක්ෂය මාරු කරනවානම් ඔක්කොගෙන්ම ඉල්ලලා අස් වෙලා ගියහම ඉවරයි. තමන්ගේ බල තන්හාවට තනතුරු ටික බදාගෙන යන්නේ නැතුව (බ)
ඇත්තෙන්ම ඔහු ගෙන ඇත්තේ එඩිතර තීරණයක් (නි)
අනේ මන්දා! මොනවා වෙන්න යනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
මෙතුමාගේ තීරණය හරි (නි)
අපි මෙතුමාටත් අවස්ථාවක් දීලා බලමු නේද? (නි)
එඩිතර නගරාධිපතිවරයෙක්. අනෙක් අයටත් මේක හොඳ පාඩමක් (නි)
අයෙත් ජේවීපී එකටද ??? (බ)
ප්‍රශ්නය කුමක් වුවත් කොන්දක් ඇති මිනිසෙක්. වචන දෙකක් නැහැ. (නි)
ඔන්න එනවා පොදු අපේක්ෂකයා..(හේ)
මෙතුමා ඊළඟට මොනවගේ තීරණයක් ගනීද? (නි)
වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න.(හේ)
තනතුරු, වරප්‍රසාද, තාන්න මාන්න වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කරන්න පුරුදුවෙලා ඉන්න මැති ඇමතිවරු ඉන්න රටක ඇත්තටම මෙතුමා හොඳ ආදර්ශවත් චරිතයක්. ඒ වගේම තමන්ගේ දෑත් පිරිසිදු බවට එතුමා ඔප්පුකර පෙන්නුවා. ඒ නිසා එතුමාට නිවැරදි තීරණයක් ගැනීමට තරම් දිරියක් තිබෙන්නට ඇති අතර එතුමාගේ දේශපාලන ගමනට සුබ පතමි. (නි)
හැමෝටම හිතට එකගව මේ වගේ ඉල්ලා අස්වෙන්න බැහැ. (ර)
අපරාදේ! හොඳ මහත්මයෙක්. ඔහුගේ සේවය අපිට නැතිවුණා (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්මයෙක් (නි)
එතුමා ගත්තේ නුවණැති තීරණයක් (නි)
මේ වගේ රටට ආදරය කරන සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න.අනාගත දරු පරම්පරාව ගැන හිතලා තීරණයක් ගන්න. (නි)
මෙතුමා වාර්තාවක්වත් පිහිටුවන්න හදනවාද මන්දා.දැන් ඊළඟට මොනවා වෙයිද? (නි)
හිත හිතා ඉන්න වෙලාවක් නෙමෙයි මේක. (නි)
දැන් තමයි හැමදේම දැනෙන් පටනගෙන තියෙන්නේ (දිල්)
කොහොම නමුත් සුබ ගමන්! (නි)
කොන්දක් ඇති නියම මහත්මයෙක්. (හේ)
ඔබ තුමාට ජයවේවා.! (ර)
මම මෙතුමා ගත්ත තීරණයට එකඟ නැහැ. (ර)
පානදුරෙන් යන්න ඕනි මෙයා නෙවෙයි තව අය ඉන්නවා (දිල්)
ඔබ සමග මේ නන්දනත් එකතු වෙනවා.ඔබේ එඩිතර තීරණය හිස නමා ආචාර කරමි.ඔවැනි මිනිසුන් තව තවත් අවැසි කාලයක් මේ.ඔබට ජය එමගින් රට ට ජය. (අ)
ඔබ නියම මහත්මයෙක්! ඔබට සුබ පැතුම්! (නි)
බන්දුල පෙරේරා මහත්මයා, ඔබතුමාගේ අදහසක් නැතිනම් මේ සභාව කිසියම් ගතියක් නැත. අමතක කරන්න එපා. ඉක්මන් කරන්න. (බ)
අවංක නිහතමානී දක්ෂ කොටස් එක ගොඩකටත් හොරු ටික තව ගොඩකටත් එකතුවෙමින් පවතී. ඔබතුමාගේ එඩිතර තීරණයට අපගේ ප්‍රණාමය... ජයවේවා (බ)
අස්වුනේ මොකද කියලත් ජනතාවට පැහැදිලිකලොත් නේද හොඳ? (ර)
මොනවා කියන්නද වින්සන්ට් මහත්තයෝ.. (ර)
රටට විනකරන විධායක ජනපති ක්‍රමය අතුගා දැමීමේ සටනට අවතීර්ණවීමට ගත් තීරණය ඉතාමත්ම කාලෝචිත තීරණයකි. ඔබට ජයවේවා සහෝදරයා! (නි)
මෙහෙම අය අතීතයේත් සිටියා. තම බලාපොරොත්තු, තම ඉල්ලීම් නොලැබුණ විට මෙවන් දේ සිදුවෙන්න පුලුවන් (නි)
වින්සන්ට්, ඒ මහත්මයා වෙනත් නමකින් අදහසක් දාලා තියෙන්නේ දැනටමත්. හැබැයි ඒ අදහසත් කතුරට අහුවෙලා වගෙයි. (බ)
අන්න නියම කොන්ද පන තිබෙන කෙනා! තනතුරත් ,පක්ෂයත් ,වාහනයත් සියල්ලම දාලා කෙළින්ම තරඟයට එනවා (නි)
රිචි මහත්මයා ,අතීතයේ සිද්ධීන් සහ දැන් සිද්ධීන් අතර ලොකු වෙනසක් තියෙනවා.මෙවන් දෙයක් කිරීමට පුළුවන් දෑත් පිරිසිදු කෙනෙකුට පමණයි.වැඩි විස්තර ලියන එක ඇඟට ගුණ නැහැ. (නි)
එයා ගියාට පානදුරේ වෙනසක් වෙන්නේ නැහැනේ. මම නම් කියන්නේ ජනාධිපතිතුමාට තමයි මේ පාරත් ජය! (නි)