පානදුර නගර සභාවෙන් අය කරන බදු අසාධාරණයැයි කියමින් පානදුර ත්‍රීරෝද රියදුරෝ අද ගල්ගොඩ විහාරස්ථානයට රැස්ව විරෝධය පළකරන්නට වූහ.

රුපියල් 750ක් පමණ වූ බද්ද රුපියල් 3001ක් දක්වා වැඩි කළැයි ද, එය උසුලාගත නොහැකි බරක් යැයි ද ත්‍රීරෝද රියදුරෝ කියති.