මහරගම නෝලිමිට් සාප්පුවේදී අමතක වූ බෑගයක් සොරා ගත් කතක බැගය රැගෙන ගිය අවස්ථා ඇතුළත් විඩියෝ දර්ශන මාධ්‍යට නිකුත් කර ඇත.jpg)
.jpg)
මහරගම නෝලිමිට් සාප්පුවේදී අමතක වූ බෑගයක් සොරා ගත් කතක බැගය රැගෙන ගිය අවස්ථා ඇතුළත් විඩියෝ දර්ශන මාධ්‍යට නිකුත් කර ඇත.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්න බාගයක් මුළු රටම කනවා. ඒත් මේවා තමයි මහා ලොකු හොරකම්. (නි)
මන්ද බුද්ධික හොරු.(නදී)
මම දන්නා විදියට තමන්ට අයිති නැති දෙයක් ලබා ගැනීම/ළඟ තබා ගැනීම දඬුවම් කළ හැකි වරදක්. (නි)
ශානක, ඔබ මේ පින්තුරේ ඉන්න නොඉන්න එක කොහොම වුනත් ඔබ ඉතාම වැදගත් කරුණක් මතුකරන්නේ. රටේ කිසිම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට මෙහෙම හානි කරන්න කිසිවෙකුටවත් බැහැ. (නි)
ශානක ඔයද අර රතු පාටට හුරු බ්ලවුස් එක ඇදගෙන ඉන්න ළමයා දිහා ඇබලයා වගේ බලාගෙන ඉන්නේ ?.(නදී)
ඔය ආරක්ෂක කැමරා වලින් කොහොමද පුද්ගලයා හොයා ගන්නේ (දී)
ඕකත් සංවිධානාත්මක හෙර කල්ලියක් දැක්කනේ එක සැරයක් කඩේකින් ලැප්ටොප් එකක් සාය අස්සේ ගහගෙන ගිය හැටි.(නදී)
එතකොට,අර නිලිය ගැන කියන්නේ මොනවාද? අයිතිකරු ඒ ගැන පත්තරවල දිගට හරහට දැම්මා නේද ? (ස)
මම හිතන්නේ රටේ තත්වේ තරම තමා. (ස)
මේ පින්තුරයේ ඉන්න අනෙක් කට්ටියට මේක හොඳ නැහැ. (නි)
සාප්පුව සුපිරි උනාට කැමරාවේ මලකඩ වගේ පින්තුර අපහදිලියි.(නදී)
අලුත් ටෙක්නොලොජි ගැන ලංකාවේ හොරුන්ව දැනුවත් කරන්න ඕන. එතකොටවත් හොරකන් ටිකක් අඩු වෙයි.(නදී)
රුපවති කියන කතාව ඇත්ත.අපේ රටේ කාන්තාවෝ මසන ඇඳුමක් මිලදී ගන්න හරිහමන් තැනක් නැති හැටි. (නි)
අපේ වෙළදසැල් වලට වීඩියෝ කැමරා සවි කිරීම ඉතා වටිනා දෙයක්, ඒ වගේම අපේ රටේ බස් වලටත් වීඩියෝ කැමරා සවිකරනවා නම් වටිනවා...මහරගම නොලිමිට්ස් ෂොප් එකක් තියෙනවා කියලත් අපි දැන් දන්නවා. (ස)
සුබ දවසක් ......! (නි)
ශානක, ඔබ කාන්තාවක් හැටියට වෙස් වෙලගෙනද, හිටියේ? මොකද පැහැදිලිව කියලා තියෙනවා හොයන්නේ කාන්තාවක් කියලා? (ස)
කාන්තාවන් කිහිප දෙනෙක් ඉන්නවා නේද? සැකකරන අයව වෙන් කර දැක්වීම අවශ්‍යයි (නි)
සැකකරුවෙකුගේ ඡායාරූපයක් හෝ වෙනත් පෞද්ගලික තොරතුරක් මාධ්‍යයට මෙසේ නිකුත් කිරීම හරිද? (නි)
අල්ලනවා නම් මෙන්න හොරකම් (නි)
මම මෙතන හිටියා නම් මම වන්දි ඉල්ලලා නඩු දානවා. මෙහෙම එක එක්කෙනාට ඕන විදිහට මිනිස්සුන්ව ප්‍රසිද්ධ කරන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. (ස)
මේවගේ පොඩි හොරකම් ගැන ලොකුවට ලියනවා. කපලා පෙන්වනවා නරකද පාර්ලිමේන්තුවේ ජනතාවගේ සල්ලි සහ දහදිය මහන්සිය කොමිස් කුට්ටි හොරකම් කරන අය අල්ලන ක්‍රමයක් ගැන කතාකලොත්. ඔය කැමරා සහ පටිගත කරණ උපකරණ සවි කරන්න ඕනා. අමාත්‍යංශවල සහ රාජ්ජය කාර්යාල වල. එත කොට පෙනේවි කුව්ද හැබෑ හොරු කියලා.(නදී)
උපාලිත්, ශානකත් කියන්නේ ඇත්ත. මෙයා තවම සැකකරුවෙක් පමණයි. (නි)
කවුද මේවා මාධ්‍යට නිකුත් කළේ? පොලීසියෙන්ද? පොලීසියට වුනත් එහෙම ආවට ගියාට පින්තුර නිකුත් කරන්න බැහැ. මොකද මමත් මේ පින්තුරේ ඉන්නවා. (නි)
රුපවතී මටත් නොකිය වලවල් හාරන්න ලංකාවාට ඇවිත් නො ලිමිට් ගියා නේද?(නදී)
පෝරුව බල්ලන්ට දීල අපි බලු කුඩුවේ තම දිනන්න වෙන්නේ...(අ)
බන්දුල පෙරේරා තනි කකුලෙන් වලක් හාරන්න හදනවද?චන්ද්‍ර (දී)
දමා ගිය බෑගයක් ඇහිඳ ගැනීම වරදක් නොවේ.ඇයට එය කඩයට බාර දෙන්න තිබුණා, නමුත් සොරකමක් ලෙස කීම වැරදී. අපි සැවොම කවදා හරි දවසක අනුන්ගේ දෙයක් ඇහිඳ ගෙන තියනවා.(අ)
ඔතන කාන්තාවන් කිහිප දෙනෙකුම ඉන්නවා. මේ කියන විදියට මින් එක්කෙනෙක් තමයි හොරා. නමුත් ඉතින් ලංකාවේ නීතිය ගැන දන්නවනේ. (නි)
මේක දිහා බැලුවම කියලා තිබෙන ගෑනු කෙනා කව්ද කියලා තේරෙනවා තමයි. ඒත් මේකෙ පේන්න ඉන්න කිසිම වරදක් නොකරපු අනිත් ගැහැනු අය මේකෙන් අපහසුතාවයට පත් වෙනවා නේද? (නි)
මෙවැනි තැන වල බෑග් බාරගෙන ටෝකන් දෙන්නේ එම ආයතනයේ පුද්ගලයින්. ඉතින් බෑග් මාරුවෙලා දුන්නා නම් වරද කාගේද ?? (නි)
මෙහි ඇති අනෙක් පුද්ගලින්ගේ මුහුණු ආවරණය කර පල කල යුතුයි . (දී)
බෑග් හොරා කැමරාවෙන් පෙනේ.(නදී)
නොහිටියට කමක් නැහැ. මමත් ඕකේ හිටියයි කීවා නම් ඉවරයිනේ. හොරකම් කළේ නැත්නම් ප්‍රානයක් නැහැ.(නදී)
මෙයාලා මිනිස්සුන්ට අපහාස කරන්න හරි දක්ෂයි. උසාවියෙන් වරදකරු කරන තුරු මෙයාලා කොහොමද කියන්නෙ හොරෙක් කියලා. (ස)
මම ඉන්න රටේ නම් අල්මාරි වගේ ඒවා තියෙනවා යතුරත් එක්ක (අ)
ලාල් කියන දේ හරි.ඔය කඩවලට යන උදවියට බෑග් නෙමේ ජාතිය මාරු වුනත් කමක් නැහැ.මෙතන කී දෙනෙක් හොරුද? නඩු දාන්න වටිනවා. (ස)
ශානක මෙතැන කතා කරන්නේ ගැහැණු කෙනෙක් ගැන ඒ නිසා ඔයා බය වෙන්න උවමනාවක් නැහැ !! (අ)
දම් පාට බ්ලව්ස් එක ඇඳන් ඉන්න කෙනාද (අ)
වැරදිලා බෑග් එක ගෙනිචද දන්නෙත් නෑ (අ)
අපිත් මේ රටවල ෂොපින් ගියාම බෑග් ඇතුලට ගෙනියන්න දෙන්නේ නැහැ !! නමුත් සල්ලි තියෙන වනම් ඒක අතේ අරන් යන්න කියනවා , මේ හොරකමක්ද..?වැරදිමක්ද කියල හිතාගන්න බැහැ.(නදී)
අතේ තියෙන බෑග් එකත් කපලා සල්ලි ගන්න කාලෙ ලක්ශ 4ක් තියෙන බෑග් එක රැක් එකක එල්ලලා රෙදි තෝරනකන් ඒක තියෙයි ද? විනාඩි 10 කට විතර පස්සෙ ලු මතක්වුණේ. රෙදි දකිනකොට සමහරකට අතක් පයක් ගලවාගෙන ගියත් තේරෙන්න නැහැ. (නි)
බන්දුල අයියේ, ලංකාවට ආවට කිසිමදාක,ඇදුමක් ගන්න ගිහින් නැහැ. ලංකාවේ නැහැ හරියකට හිතට අල්ලන ඇදුමක් ගන්න තැනක්. අපේ දුප්පත් කාන්තාවෝ ගාර්මන්ට් ෆැක්ටරි වල මහන සුපිරි ඇදුම් තියෙන්නේ පිට රටවල, (නි)
රසික, අර දොර ළඟ බඩත් ඉස්සරහට දාගෙන බලාගෙන ඉන්නේ ශානක. මොකද ශානක කියන්නේ වැඩක් නැති හන්දා අනුන්ගේ කටවල් දිහා බලාගෙන කාලෙ කාදමන කෙනෙක්. (නි)
මගේ අදහස ඔය බෑගය නැති වුන එක හොදයි . මොකද සිහිය නැතිකමට ජීවිතේ පාඩමක් ඉගෙන ගනී.නැත්නම් අහිංසක සැමියා තමා අමාරුවේ වැටෙන්නේ (නි)
ලංකාව හොරුන්ගෙන් පිරී ඉතිරිලා, නෝලිමිට් එක ඇතුලේ අන්ලිමිට් හොරු.... (නි)
ටෙනිසන්, මේ ඔයාගේ හාමිනේද? (නි)
කව්ද ඇත්තටම මෙතන සැකකාරිය?රතු හැට්ටය ඇදපු කෙනාද?දම් හැට්ටය ඇදපු කෙනාද ? (නි)