රුපියල් කෝටි අට හමාරක් වටිනා කෝකේන් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සිය හැත්තෑ අටක් කතන්දර පොත් කවරවල සගවාගෙන පේරු රාජ්‍යයේ සිට මෙරටට ආ යුරෝපීය කාන්තාවක්(39) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ඇයගේ ගුවන් ගමන් විස්තරය පරීක්ෂා කිරීමේදී ඇය පේරු රාජ්‍යයේ සිට බ්‍රසීලයට පැමිණ ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අනාවරණය වු බවයි. ඇයගේ ගමනාන්තය ශ්‍රී ලංකාවේ සිට මලයාසියාවේ ක්වාලාලම්පුර් නුවර හරහා කම්පුචියාවට යාම බවත් ඔහු කීවේය.
ඇය ලග තිබී කොකේන් පාර්සල් අටක් සොයාගෙන ඇති අතර එම පාර්සල් ෆැක්ස් රෝල් සහ කතන්දර පොත් පිටකවර තුලට බහා තිබූ බවත් රේගුව කියයි.
රේගු මධ්‍යම විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාට ලැබුන තොරතුරක් මත ඇය අද එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු මධ්‍යම විමර්ශණ ඒකකයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ උපදෙස් මත රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මිහිර පියරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන එල්.කේ.එච්.ඩී.කේ අරේවත්ත, ඩී.යු ජයසිංහ, ආර්.එන්.සී වීරසිංහ, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ආර්.ඒ.ඩී ප්‍රසන්න, සහකාර රේගු අධිකාරීවරුන් වන බුද්ධි ද සිල්වා, එල්. ඩබ්ලිව් රූපසිංහ සහ රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ සහකාර රේගු අධිකාරීවරන්වන නුවන් අබේනායක, ශ්‍රී ලාල් විෙජ්වර්ධන, සචින්ත කළු අග්ගල, එස්.ඒ.බී ආර්න්ඩ්, කේ.ඒ.ආර්.එල් ආරියසේන, ටී.පී.බී අමුණගම, ජී.ෙජ් සේනාරත්න යන නිධාරීහු සිදු කරති.
රේගුව විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකාරිය සමග අදාල කොකේන් තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්්‍යංශය වෙත බාර දීමට නියමිතව තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනාවරුනි මහත්වරුනි, මතෙන් තොර රටක් වෙනුවෙන් අපගේ දරුවන් වෙනුවෙන් ඔබ සැමගේ මෙවැනි සේවයන් අපි අගය කරමු. (නි)
මෙවැනි නීති විරෝධී වැඩ කරන පුද්ගලයන්ගේ ඡායාරූප වෙන රටවල මාධ්‍ය වලින් පෙන්නුවත් ලංකාවේ මෙවැනි පුද්ගලයන් නොපෙන්වා ආරක්ෂා කරන්නේ ඇයි. (නදී)
ලද තොරතුරක් මතයි මැය අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ කියන්නේ මැය තනිව කරපු කාර්යයක් නොවෙයි මේක. කුමන හේතුවක් නිසා හෝ මෙම ජාවාරමට සම්බන්ද කෙනෙක්ම මැය ගැන ඔත්තුව දුන්නා. (නදී)
උපරිම දඬුවම් දෙන්න (නි)
යුරෝපීය කාන්තාව ජරාවක් දෙන්න දන්නේ නැති හින්දා අහුවෙන්න ඇති. එක්කෝ හොඳ නිලධාරීන් පිරිසක් ඉන්න ඇති. (නදී)
ඔය අල්ලපු කුඩු තව ටික දවසකින් පාන් පිටි වෙයිද ? (නදී)
හොඳක් කළත් වැරදියි. නොකළත් වැරදියි. හොඳ දෙයක් කළාම ඇයි මේ විධියට නිළධාරීන්ව බාල්දු කරන්නේ. හිතන් ඉන්නෙ හැම නිළධාරියෙක්ම ජරාව ගන්නවා කියලද ? (නදී)
මෙහෙමත් දේවල්? (නි)
පුදුම දක්ෂතාවයක්නේ! (නි)
මේ උසස් නිලධාරීන්ව බාල්දු කරන්න එපා. ලඟ හිටියා නම් සැලුයුට් කරන්න හිත කියනවා. මෙවැනි නිලධාරීන් සිටීම ආඩම්බරයට කරුණක් (නදී)
ඉතා වටිනා මෙහෙයුමක් (නි)
මදුරි,සුකිරි ඔබ දෙපළත් මේවාට එකඟද? (නි)
ඇත්තටම මේවා පන්නන්න උදව් කළ එරට ගුවන් අන්තයේ අයට විරුද්ධව නඩු දාන්න ඕනෑ.අපේ රටවලට වඩා තාක්ෂණය අතින් කොච්චර දියුණු රටවල්ද ඒ.හැම කුණු ගොඩක්ම අපේ දක්ෂ නිලධාරීන්ගේ සුක්ෂම ඇසට හසුවීමත් ලොකු දෙයක්. (නි)