
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පනාගොඩ හමුදා කඳවුරේ පිටිපන මුරකුටියේ සෙබළකුගේ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ එකසිය විස්සක් සොරාගත් බව කියන යුද හමුදා සෙබළකු සහ හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගයද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd