
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටි හිමි නමක සහ පුද්ගලයෙකු බව පැවසේ.
පනාගොඩ යුද හමුදා කදවුරට යාබදව පිහිටි යුදහමුදා නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට යොදවා හිටි සෙබළුකු රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක් , මැගසින් 4 , එහි බහා තිබූ උන්ඩ එකසිය විස්සක් සහ ආරක්ෂිත බෑගයක් ඉකුත් 3 දා රාත්‍රී සොරාගෙන ගොස් තිබුණි .
පසුව සිද්ධිය සම්බන්ධයෙන් අවට සෝදිසි කිරීමේ දී සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100 පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක බෝක්කුවක් යට තිබී සොරාගත් උණ්ඩ 30 බහා තිබූ මැගසීනයක් පොලිසිය සොයා ගෙන තිබුණි .
එම අවස්ථාවේදී යාබද වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඉදිරි විමර්ශන සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි .
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පනාගොඩ ගිනි අවිය පැහැර ගැනිමට භික්ෂුවක් ඇතුළු දෙකක් සැකපිට
Kumara Thursday, 09 March 2023 08:20 AM
මේ චීවරධාරී SOB ට හරක් කීදෙනෙක් වදින්න ඇද්ද?
dhamneth Thursday, 09 March 2023 11:09 AM
ගිහියෙකු වශයනේ ඉඳගෙන කරන්න බැරි නීති විරෝධී හොර වැඩ ,ජරා වැඩ සිවුර දාගත්තහම කරන්න පුළුවන්. නීතියට අසුනොවෙන්න සැක ඇති නොවෙන්න අතට අසුවෙනකම්