(ඩයනා උදයංගනී)
රුපියල් 5 කින් ඉහළ දැමූ පාන් රාත්තලක් අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් පැරණි මිල ගණන් යටතේම අලෙවි කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමය මගින් පාන් රාත්තලක මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දමා තිබිණි.
පිටි සමාගම් විසින් ඉකුත් 16 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් රාත්තලක මිල මෙසේ රුපියල් 5 කින් වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබිණි.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක් තිබූ මිලටම ලබා දෙන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර කොහොමද ? බරෙහි අඩුවක් නොමැතිනම් දැනට අපිට ප්‍රශ්නයක් නැත.
"ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක්" - හානේ... බර වැඩි වෙලාද?