ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 65 වැනි තරගය ලෙස රන්චිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් ක‍්‍රීඩකයෝ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
පූනේ පිලේ නිත්‍ය නායක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී සාමාන්‍ය ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරමින් යැවූ  ඕවර තුනට ලකුණු 25 ක් ලබා දුන්නේය.  

කොල්කටා පිලේ ප‍්‍රධාන පිට දඟ පන්දු යවන්නා වන සචිත‍්‍ර සේනානායක දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර හතරේදී ලකුණු 22 ක් පමණක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.

පූනේ වෝරියස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (රොබින් උත්තප්පා 25, අරෝන් ෆින්ච් 48, මනීෂ් පාන්ඬේ 66, යුවරාජ් සිං 30)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 163 (යුසුෆ් පතාන් 72, රයන් ටෙන් ඩොස්චටි 42, වේන් පර්නෙල් 34/2)