පාන් රාත්තලක මිල බදාදා (13) මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.
ඒ අනුව දැනට රුපියල් 54 ක් වන පාන් ගෙඩියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව ඔහු කීවේය.
පාන් රාත්තලක මිල බදාදා (13) මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.
ඒ අනුව දැනට රුපියල් 54 ක් වන පාන් ගෙඩියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුණසිංහ, බොරු කියන්න එපා. සීනි 87/-යි, හයිලන්ඩ් පිටි 295/- යි. අනෙක් පිටි 325/යි. මුලින්ම කඩේට ගිහිල්ලා බලන්න. (නි)
සුමාන දෙකක් ලංකාවේ ජනතාවම පාන් මිලදිගැනීමෙන් වැළකුණොත් මේ බේකරි මුදලාලිලා බඩගාගෙන ඇවිල්ලා මහජනයාගෙන් ඉල්ලාවි "අනේ අපේ පාන් ගන්න පරණ මිලටම .."කියලා. නමුත් ශ්‍රී ලංකාවේ මිනිස්සු අතරේ කිසිම එකතුවක් නැහැ. මොනවා කරන්නද මේක අපේ අවාසනාව... (නි)
පනස් හතර මොකද, පනස් පහ මොකද? ඉතිරි රුපියල කොහොමටත් හම්බවෙන්නේ නැහැනේ.... (නි)
පාන් පිටි (ඇමෙරිකන් පිටි) වර්ජනය කරමු කියලා තාප්ප වල ලියද්දි වර්ජනය කළා නම් තුන්වේලට බත් කන අපිට පිටි ගණන් ගියාට මොකද? (නි)
ලෝක වෙළඳ පොළේ තිරිඟු පිටි මිල, කිරි පිටි මිල විශාල ලෙස පහත වැටිලා තිබෙන වෙලාව පාන් කොච්චරනම් අඩුවෙන්න ඕනෑද? මම හිතුවේ ඒ අඩුවුණ විදිහට පාන් ගෙඩියක් රුපියල් 20 ට විතර පහත වැටෙයි කියලා. (නි)
පාන් නැත්නම් කේක් කාපල්ලා කිව්වලු ........(ම)
කැරකිල්ල වගේ. (ර)
යහ පාලන සීනි දැන් 100 යි.295 පිටි දැන් 325 යි.(හේ)
ඕකනේ, අපේ මිනිසුන්ට කොහොම කළත් හරියන්නේ නැහැ. පාන් ගණන් වැඩි නම් කේක් කන්න, සීනි නැතුව තේ බොන්න, මිරිස් නැතුව හොදි කන්න. හාල් ගන්න සල්ලි නැත්නම් බතල මඤ්ඤොක්කා කන්න. ඒකත් බැරිනම් නොකා ඉන්න. යහපාලනයට සහයෝගය දෙන්න. (නි)
කොහෙද පාන් 54 ට තිබුනේ. කොහොමත් රුපියල නොදෙන නිසා තිබුනේ 55 ට. පුදුම යහපාලනයක්නේ මේක. (නි)
රුපියල් වලින් පාන් ගන්න අයට තමා දුක. (ර)
මේකේ තිබෙන ප්‍රකාශ අනුව ලංකා විතරයි පාන් මිල දන්නේ? පාන්ගෙඩියේ මිල අංක වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. පාඩුව පාරිභෝගිකයාට නොවෙයි. මුදලාලිටයි. කවදාවත් මට නම් 54 පාන් ලැබිලා නැහැ. 55ට ගත්තේ (නි)
බේකරි සංගමේ ද දැන් රට පාලනය කරන්නේ? ඊළගට කවුරු වැඩි කරයි ද දන්නේ නැහැ. (ර)
දැනටත් කොහොමත් රු. 55/-ක් ගෙවනවානේ. (නි)
සුළු පරිමාණ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති වලට අපේ පාලකයෝ ජනතාව යොමු නොකළහොත් ඔවුන් සුරසැප විඳිද්දී පාන් පෙත්තක් කා බඩගිනි නිවාගන්න බැරි අසරණයින්ට දෙවියන්ගේම පිහිටයි (නි)
කෝ මේ අර දුප්පතාගේ හිතවතා, අපේ මුදල් ඇමති? (නි)
මුදල් ඇමතිතුමනි, මේ ගැන බලන්න. (නි)