සෑම වසරකම මැයි පළමු වැනි දින ඉතාලියේ පාදෝවා ශාන්ත අන්තෝනි දේවස්ථානයට අති විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඇදී එති. මෙවරද දස දහසකට අධික පිරිසක් එහි සිංහල දේව මෙහෙය සඳහා පැමිණ සිටියහ. ඉතාලියේ ශ්‍රී ලාංකික පියතුමන්ලාගේ සම්බන්ධීකාරක රෝමයේ නෙවිල් ජෝ පියතුමන් විසින් සංවිධානය කරන දේව මෙහෙය මෙවර පැවතියේ 14 වැනි වතාවටයි. වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු තුමෝද එහි පැමිණ සිටියහ. පාප් වහන්සේ විසින් නෙවිල් ජෝ පියතුමන්ට පිදුණ ‘මෝන් සිඤ්ඤෝරේ’ පදවි උපහාරයද එහිදී පැවැත්විණි. දේව මෙහෙය අවසානයේදී පැමිණි පිරිස් දේවස්ථානය ඉදිරිපිට ඇති උද්‍යානයට පැමිණ තම හිතමිතුරන් සමග විනෝද වූහ. ඉතාලියේ නොයෙක් ප‍්‍රදේශයන්හි විසිරි සිටින තම ඥාතීන් හිතමිතුරන් මෙදිනට පාදෝවා නගරයේදී මුණ ගැසෙන අතර ආගම් බේදයකින් තොරව විශාල පිරිස් ඒ සඳහා පාදෝවා නගරයට එක් රොක් වෙති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ඉන්නේ ලංකාවේ අයනේ
දැන් ලංකාවෙි බාගයක්ම ඉන්නේ ඉතාලියේ.