2013 ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය හා ඒ සම්බන්ධ ආයතන වෙනුවෙන් රුපියල් එකසිය එකලොස් කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වැය කර ඇතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඇමැතිවරයා එලෙස කීවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේවීපි එක පුච්චපු බස් ට්‍රාන්ස්පෝමෙර් සහ මරපු ජිවිත කියක් වටීද ? (නදී)
ගණන් හිලව් ඇතිවනේ වියදම් කරලා තියෙන්නේ. (නදී)
අනවශ්‍ය වියදම් නතර කරන එක හොඳයි. ඒ වාගේම ජේවීපී එකෙන් විශ්ව විද්‍යාලවල සිසුන් යොදවා ටින්වලට මුදල් එකතු කරන එක නවත්වන ලෙස කරුණාවෙන් මතක් කරමු. ඔබලාගේ ව්‍යාපාරය මුල්වී කරන අමානුෂික නවක වදය නවතා සිසුන්ට ඉගෙන ගන්න ඉඩ දුන්නොත් හොඳයි නේද? ඉගෙන ගන්න එන ළමුන් අහිංසකයි. තමන්ගේම නංගිලා,මල්ලිලා වගේ හිතන්න බැරි අැයි. (නදී)
ඔය වගේ උත්සවයක් රුපියල් හය සීයකට කරන්න බෑනේ. (ර)
ප්‍රතිපලය බින්දුවයි (නදී)
ලොවේ ධනපතියි සම්මත රටවල්වත් වියදම් නොකරන විදිහටනේ මහින්ද ජාතික ධනය වියදම් කරලා තියෙන්නේ , නුගේගොඩට එක් උනේ මේවා අනුමත කරන අයමද? (බ)
අර පුද්ගලික පාවිච්චියට ගෙනත් තිබුන බස් දෙකත් එක්කද? (බ)
සමහර රටවල නායකයන් මේ සමුළුව වර්ජනය කරා උනත්, මෙච්චර වැදගත් රැස්වීමකට ලොකු මුදලක් වැය කරන්න ඕන නේ. දැන් බලන්න තියෙන්නේ මේ සල්ලි කන්දරාවෙන් කොච්චර කොටසක් රැස්වීමට ගියාද, කොච්චර කුට්ටියක් රට බැංකුවලටත්, පොකෙට් වලටත් ගියාද කියල බලන්න, දවස් 100 ඉවරවෙන්න ඉස්සර වෙලා, කොමිසමක් පත් කරන එක විතර නේ...(බ)