මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භුමිකාව පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ආසියා කලාපීය සමුළුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී අද (01) ආරම්භ විය.
කථානායක කරු ජයසුරිය , නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහත්වරු ද අමාත්‍ය තලතා අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන නලින් බණ්ඩාර , විජිත හේරත් , ඉම්රාන් මහරූෆ්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
බංගලාදේශය, ඉන්දියාව , මලයාසියාව, මාලදිවයින, පාකිස්ථානය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සියලු රටවල් හි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ද සමුළුවට එක් වුහ. සමුළුව ලබන 04 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම වැඩ බාර අරගෙන අන්තිමට තව අවුරුදු තුන හතරකින් ඡන්දෙ කිට්ටුවෙලා " මේ ඔක්කොම වැඩ මගේ කරපිට වැටිලා මට වෙලාවක් තිබුනේ නැහැ " කියන්න එහෙම එපා. අපිත් මේ පරණ තරහ මරහා අමතක කරලා ඔබතුමා පස්සෙන් එහෙයි කියාගෙන එන්නේ කොයි වෙලාවේ හරි රත්තරන් බිත්තරේ දමයි කියලා. අන්තිමේ කෙකරගාලා විතරක් නවත්වන්න එපා. කොහොමහරි රට සංවර්ධනය කරන්න බලන්න (නි)
අනිවාර්යයෙන් පිදිය යුත්තාට පිදිය යුතුයි. ජයවේවා! (නි)
ලොකු පිනක් නේද (බ)