(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය නමින් සන්ධාන ගතවීම සඳහා පක්ෂ නායකයින් හමුවේ පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (04) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ඒ සමඟම පක්ෂයේ ව්‍යවස්ථාවට සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබුණු බවද මන්ත්‍රීවරයා කීය.
දැන් කළ යුත්තේ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා විවෘත කළ හරිපාරේ ගමන් කිරීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලෝ මොන සන්ධාන හැදුවත් රටේ ජනතාව දන්නවා ඔය පාට දෙකම එකවගේම "හොරු" කියලා. රටේ ජනතාව තීරණය කරලා හමාරයි නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාව රටේ නායකයා ලෙස පත්කරගන්න. මම ජීවත්වෙන ගමේ ඔක්කොම අය එතුමාට පක්ෂයි. අපි අහන්නේ ප්‍රශ්න දෙකයි... හොරු සමග හෙළුවෙන් ඉන්නේ කව්ද...? කෝ හොරු අල්ලුවාද...? හොරුන්ව, මිනීමරුවන්ව, කුඩුකාරයින්ව ආරක්ෂා කරන්න තවත් හොරෙක් අපිට එපා..!!!
ඔව් ඔව්.., මොකේට හරි "ගත වෙවී " දන්නා සෙල්ලම් ඔක්කොම දාන්නේ අප ගලවා ගැනීමේ පරම අභිලාෂයෙන් බව අපට හොඳම තේරෙනවා. අර ජාතිවාදී කල කෝලාහල කාලේදී, අන් ජාතික කඩ සාප්පු දකින අපේ දේශප්‍රේමීන්ට නහුතෙටම ජාත්‍යාලය පහලවෙනවනේ. ඒ වගේ පර්මිට්, කොන්ත්‍රාත්, යාන වාහන මතක් වෙනකොට අප කෙරෙහි අනුකම්පාවෙන් ඉහිලුම් නැතුව යනවා ඇති. පව් අප්පා.
මැතිවරණයක් ලඟ එනවා දැනෙන කොට... එකතු වෙනව හැම එකාම සට කපට... නොකරයි යහපතක් ජනතාවට රටට... අනේ අපොයි කා ගේ සරණ ද අපට...
මොන සන්ධාන ගැහුවත් වැඩක් නැහැ මේ පාර පරද වෙනවා .
ඔය කියන " දේශපාලන පක්ෂ" සියල්ලම මහින්දගේ නම නැතුව තනි තනියම චන්දය ඉල්ලුවොත් චන්ද කියක් විතර ලැබෙයිද? අද පොහොට්ටුවට තියෙන අවුල ඕක නෙවේ. මුහුඳ ගව් හතක් තියෙද්දී අඹුඩේ ඇඳ ගත්තු එකයි අවුල වෙලා තියෙන්නේ. ගෝඨාභයට විරුද්ධව අහිම්සා වික්‍රමතුංග සහ රෝයි සමන්තානම් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ පවරා ඇති නඩුකර දෙක සහ ලංකාවේ මැතිවරණය අවසන්වන තෙක් ඒ නඩු කල්තබන ලෙස ඉල්ලා ඇති මෝසම් වලදී පැමිණිලි පාර්ශවය සහ විත්ති පාර්ශවය ලබාදී ඇති ප්‍රකාශ වලට අනුව පොහොට්ටුවේ අපේක්ෂකයා තවමත් ඇමෙරිකන් පුරවසියෙක්ය යන්න පැහැදිළි බවයි කියන්නේ. මේ නඩුහබ වලට අදාළ ලේඛන වල කිසිදු තැනෙක "ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළා" යැයි සඳහන් වන්නේ නැතිලු. තමා ජනාධිපතිවරණය ජයගතහොත් "රාජ්‍ය නායකයෙකුට හිමිවන මුක්තියතමාට ද හිමිවන නිසා නඩු අසා පලක් නොවන බව" කැලිෆෝනියානු අධිකරණය ඉදිරිපත් කර ඇති මෝසම් තියෙනවාලු.නමුත් මේ තර්කය ගෝඨාභයට එරෙහිව ලංකාවේ ඇති නඩු සම්බන්ධයෙන් තවමත් ඉදිරිපත්වී නැතිලු.මේ අතර"ගෝඨා මේ හදන්නේ රටට වැඩක් කිරීමට නොව තමාගේ නඩු වලින් බේරීමට බවත් සමහරු කියනවා.සන්ධාන හදන්න පෙර මේ අවුල විසඳා ගත යුතුයි නේද?