(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම රුපියල් 17,014 ක වියදම රටටම බලපාන පරිදි සාමාන්‍ය අගයක් ලෙස ප්‍රකාශ කළ බව කියන එම දෙපාර්තමේන්තුව එය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වන බව ද සඳහන් කළේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකුගේ මසක වියදම රුපියල් 18,350 ක් වන බවත් එය වැඩිම වියදම ඇති දිස්ත්‍රික්කය බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මොණරාගල දිස්ත්‍රික්කය සඳහා වන රුපියල් 16,268 ක මුදල මෙරට දිස්ත්‍රික්ක 25 න් අඩුව මාසික වියදම ද වේ.