මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙසත් පාසල් තුළ සිදුකරන සියලු මුදල් අයකිරීම වහා නවත්වන ලෙසත් රජයට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (23) පැවැත්විණි.
මරදාන කාර්මික විද්‍යාල මංසන්ධියේ සිට පා ගමනින් ඔල්කොට් මාවත ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අසලට පැමිණි ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය පුද්ගලීකරණය විභාග සමත් කරගන්ට බැරි ළමයි ඉන්න සල්ලි තියෙන දෙමාපියන්ට ලොකු වුවමනාව තියෙනවා. නමුත් පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් ප්‍රමිතියක් නැති අධ්‍යාපනයක් සහ සහතික දෙනවා.රජයේ විශ්ව විද්‍යාල වල දක්ෂ ආචාර්යවරු ටික ඇදල ගන්නවා. බස් පුද්ගලීකරණය වගේ වෙනවා. සල්ලිකාරයෝ පැජරෝ, හෛබ්රිඩ්වල යයි. දුප්පත් මිනිස්සු පාරේ බලා ඉන්ඩ වෙනවා.(බ)
මේ ඉල්ලීම තනිකර ආත්මාර්ථකාමය මුල් කරගෙන කරන ඉල්ලීමක් විනා සයිටම් වල ප්‍රමිති අඩු නිසා කරන දෙයක් හෝ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගන්න කරන දෙයක් නොවෙයි. (බ)
රට කන්න හදන රටේ උගතුන් හීන කරන රැලක් තමා මේ උද්ඝෝෂණ කරන්නේ (බ)
ඊර්ෂ්‍යාවයි මේකට හේතුව. මේගොල්ලෝ කැමැති නැහැ තව අය දොස්තරලා වෙනවට. (නි)
ලක්විදු, සයිටම් එක නිත්‍යානුකූල නොවන බවටයි වෛද්‍ය මණ්ඩලය හඬ නගන්නේ, අනාගතයේදී වෙනත් ආයතන වලින් බිහිවන වෛද්‍යවරුන්ගෙන් ඔවුන්ගේ දැනට පවතින මාෆියාවට තර්ජනයක් ඇති වේ කියන බයටයි. (නි)
සයිටම් වහන්න කියන අයගෙ ප්‍රධාන තර්කයක් තමයි ගුණාත්මක බව. ඒක අඩු නම් කරන්න ඕනෑ නිසි ප්‍රමිතියකට ගේන එක මිසක් වහන එක නොවෙයි. ළමයෙක් වැරදි වැඩ කරනවා නම් කරන්නේ හදාගන්න එක මිසක් මරාදාන එක නොවෙයිනේ. (නි)
මේ ආණ්ඩුව ආවහම ඔක්කොම හරියනවා කිව්වා නේද? කාට කාට හරිගියාද දන්නේ නැහැ. මේ ළමයි ටික නම් තවම පාරේ (නි)
කන්නන්ගර මහතාගේ දර්ශනය මොකක්ද තියා එතුමා කවුද කියලාවත් දන්නේ නැති පිරිසක්. කොහෙද එතුමා කියලා තියෙන්නේ තව කෙනෙකුගේ අධ්‍යාපන අයිතිය නැතිකරමින් නිදහස් අධ්‍යාපනය ලබාගන්න කියලා? මේ රටේ සමහර සරසවි සිසුන් බෝඩිමේ බෙඩ් ශීට් එකේ සිට ළමයාගේ ජනප්‍රිය පාසල දක්වා බන්දේසියක තියලා ලැබේවි කියලා හිතන්නේ. (නි)
ඊට කලින් පුද්ගලික උපකාරක පන්ති, චැනල් සේවා, පුද්ගලික රෝහල් නවත්වන්න කියන්න. රටේ ඔක්කොම පුද්ගලික දේවල් අහෝසි කරන්න කියන්න. එතකොට ඔහෙලගෙ අධ්‍යාපනයට සල්ලි ලැබෙන බදු ගෙවන්නේ අඟහරු ලෝකෙන් තමයි. කුහක මිනිස්සු ! (නි)
ප්‍රයිවට් චැනල් සේවාව අහෝසි කරනු කියලා අපිත් පාරට බහිමුද? (නි)
අදත් අපි ගෙදර ගිහින් ඉවරයි. (නි)
හැමදේම නිකන් ලැබෙනවිට මේ අය පාරට බැහැලා අනෙක් අයගේ වටිනා කාලයත් විනාශ කරලා තමනුත් විනාශ වෙනවා. මෙහෙම අයද අනාගත වෛද්‍යවරු වෙලා ඉගෙනගන්න බදූ මුදල් දුන්න රටේ අහිංසක ජනතාවට සේවය සළසන්නේ. යහපාලන ආණ්ඬුව මෙයට හොඳ පිළිතුරක් ඉක්මනට ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (නි)
මෙයාලගේ කාලේත් කනවා. අනිත් මිනිසුන්ගේ කාලේත් කනවා. සල්ලි ගෙවලා හරි ඉගෙනගන්න කැමති කෙනා ඉගෙනගත්තදෙන්. මොකද මෙච්චර කුහක වෙන්නේ. එක ලකුණක් හෝ දෙකක් අඩුවුණාම තව අවුරුද්දක් කාලේ කන්නේ නැතුව මුදල් ගෙවලා ඉගෙනගන්නවා. ඉතින් මොකද වෙන්නේ. ලංකාව තවම මේ තත්වේ තියෙන්නේ ධනාත්මක සිතුවිලි නැති නිසයි. (නි)
මගේ ටිකිරි මොළයට පිටතින් දැනෙන සංඥා වලට අනුව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ඉඩකඩ අඩු මට්ටමක පවතී. (නි)
අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගන්න පිරිසක් තමන්ගේ සල්ලි වලින් ඉගෙනගන්නවට විරුද්ධව කරන උද්ඝෝෂණයක් (නි)
අරවිද මහත්තයෝ, අඩුම ගානේ වෛද්‍ය මණ්ඩලය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? අධිකරණ සේවා කොමිසමේ අනුමැතියක් නැතිව පෞද්ගලික නීති විද්‍යාලයක් පටන්ගන්න පුළුවන්ද? (බ)
රවීගේ කතාව හරි . ඇත්තටම මෙතන තියන්නේ කුහකකම (බ)
වෛද්‍ය මණ්ඩලය යනු ව්‍යවස්ථාපිත ආයතනයක්, කිසිම කෙනෙකුට එයට බලපෑම් කරන්න බැහැ. ඉරිසියාවට කොමෙන්ට්ස් දාන අරවින්ද වැනි අයගේ බුද්ධිය මෙයින්ම පැහැදිලිවෙනවා. (බ)
"ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවුන්, දැන් ඉතින් නැගිටියවු!" (නි)
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන්න එපා එයට ප්‍රමිතියක් දෙන්න වෛද්‍ය සභාවට උවමනා විදිහට ප්‍රමති කරණය කොරන්න. මේ කොල්ලෝ කෙල්ලෝ කියන විදිහට කොරන්න ගියොත් රට කොරන්න බැරිවේවි. (අ)
පුද්ගලික මාෆියාව පළවා හරිමු! (නි)
විශ්ව විද්‍යාලෙ ගියා නම් ඉගෙනගන්න, වෙන අයට තියන චාන්ස් එක නැතිකරලා එතන අවුරුදු ගානක් ස්ට්‍රයික් කරකර ඉන්නේ නැතුව. ලංකාව මුල්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තම මෙයාලා මෙහෙමම රාගම වෛද්‍ය විද්‍යාලය ගැන ස්ට්‍රයික් කළා. අන්තිමට ඒක ආණ්ඩුවට ගත්තා. සිංගප්පුරුව වගේ රටවල් පෞද්ගලික විශ්ව විද්‍යාල හදලා විදේශ විනිමය අරන් දියුණු වුණා. (නි)
ක්‍රිශාන් කන්නේ පුන්නක්කුද? මුන් හැමදාම පාරේ තමයි ඉරිසියාව නැති වෙනකන් ඉගෙන ගන්න ඕනේ මුන් විතරයි කියලයි හිතා ඉන්නේ ඒ ලෙවල් සරසවි යන්න පාස් වුනාට හැමෝටම යන්න බැහැ එහෙම බැරි අය වැඩිදුර ඉගෙනගන්නවාට මුන් කෑමතිත් නෑහැ ක්රිශාන්තලා කැමතිත් නැහැ (බ)
අර ඉස්සරලම තියෙන පින්තූරේ ඉන්න නංගියි ඇඳල තියෙන පින්තූරේ ඉන්න කපුටයි දෙන්නම එකවගේ. (බ)
උසස් පෙළ විභාගයෙන් ඉතා විශාල පිරිසක් විවෘත විශ්ව විද්‍යාලය හරහා ඉංජිනේරු උපාධිය පවා ලබා ගෙන ඉතා හොදින් රැකියා කරනවා. ගෘහ නිර්මාන ශිල්පිය උපාධිය පවා මුදල් ගෙවා ලබා ගත හැකිය.ඉගෙන ගැනීමට කැමති අයෙකුට මුදල් ගෙවා හෝ ඉගෙන ගැනීමට නිදහස රටේ තිබිය යුතුය එය නවතන්න හදන්නේ කුහක කමටය (බ)
මට පෙනෙන විදියට නම් මෙතන තියෙන්නේ වෙන දෙයක්. සයිටම් එකේ නිත්‍යානුකුල බව. අදාල රටේ වෛද්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතිව තමන් වෛද්‍ය විද්‍යාලයක් කියල කියාගන්න ලෝකයේ තියෙන එකම ආයතනය තමයි මේක. එබැවින් එය නීති විරෝධියි. (බ)
මට ප්‍රශ්නයක් තියෙනවා. රාගම තියෙනවා පෞද්ගලික හෙද විදුහලක්. මේකේ කොමෙන්ට් දල තියන අය කියන විදියට එකේ කට්ටිය ආණ්ඩුවේ ජොබ් ඉල්ලලා සටන් කළොත් එයාලටත් ආණ්ඩුවේ ජොබ් දෙන්න ඕනද? (බ)
මෙහි අදහස් දමා ඇති අය සයිටම් එකේ නීත්‍යානුකූලභාවය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)