IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ආණ්ඩුවෙන් කුලියට ගන්න යයි

(අංජුල මහික වීරරත්න)

රජයේ රෝහල් වල ශල්‍යාගාර තදබදය මඟහරවා ගැනීම සඳහා  කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙි.

මෙම කාරණයට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට වහාම තමන්ට බාර දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

ජාතික රෝහලේ මෙන්ම කොළඹ අවට රෝහල් රැසක ශල්‍යාගාරවල ඉඩ පහසුකම් මදිකම නිසා  රෝගීන්ට  ශල්‍යකර්ම කර ගැනීමට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව ඇති බවට ලැබුණු තොරතුරු මත සාගල රත්නායක මහතා මෙම පියවර ගෙන තිබෙි.

පෞද්ගලික රෝහල් කිහිපයක අධ්‍යක්ෂවරුන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ ගැන සාකච්ඡා කර තිබෙන අතර ඊට ඔවුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණ බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

පෞද්ගලික රෝහල් ශල්‍යාගාරවල ශල්‍ය කර්ම නොකෙරෙන අවස්ථා වල රජයේ රෝහල්වලට යම් සාධාරණ කුලියකට ලබාදිය හැකි බව පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් සාගල රත්නායක මහතාට දැනුම් දී  තිබේ.

ඒ අනුව පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ලබා ගන්නා ආකාරයත්, රජයේ විශේෂඥ වෙද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ඊට යොමු කරන ආකාරය ගැනත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට බාර දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට දැනුම් දී ඇත.



අදහස් (4)

පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ආණ්ඩුවෙන් කුලියට ගන්න යයි

ජයරත්න Saturday, 15 October 2022 06:31 AM

ප්‍රධාන රෝහල්වල ඇතැම් රෝගී පරීක්ෂණ (CT-MRI )සිදුකළායින් පසුව ඒවාගේ වාර්තා කඩිනමින් ලබාදීමටත් අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කරන්න. ( අත්දැකීමෙන් කියන්නෙ. පරීක්ෂණ වාර්තාව එනකොට ලෙඩාට දෙයියන්ගෙම පිහිටියි)

:       1       15

Saman Saturday, 15 October 2022 08:29 AM

සේවාව කෙසේවෙතත් කුට්ටිය ගැන නම් කට්ටිය කතාවෙලා බේරුම් කරලා ඇති.. අන්තිමට ඔක්කොම ඔපරේෂන් ප්‍රයිවට් තමයි. අපි නොදන්න චෙස්...

:       4       15

Surain Saturday, 15 October 2022 12:06 PM

බැඳුම්කරයේ දෙවැනි ජවනිකාව පටන්ගන්න වගේ හදන්නේ... !

:       3       9

SL Saturday, 15 October 2022 01:01 PM

අපෙන් බදු ගහලා ඒ බදු සල්ලිවලින් මොවුන් සෙල්ලම් දානවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට රජය වියදම් කරන බිලියන ගණන් සල්ලි වලින් 40%ක්වත් අඩුම ගානේ කොමිස්, පිල්ලි වලට යනවා බෙහෙත් ගනිද්දී, හදන්න පුළුවන් උපකරණ කැලේට විසිකරලා අලුතින් ගනිද්දී. ගෝස් කෑල්ලකින් පවා මුන් හොරකම් කරනවා වසරකට බදු මුදලින් හෝ ණය අරගෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රජය ආයෝජන මුදලෙන් ගොඩක් අය කෝටිපතියන් වෙනවා. ඒ කරලා ඉවර වෙලා තියටර් නැහැ කියලා ඒවත් කුලියට ගන්නවා. අපිට අබසරණයි..!

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site