(ශිරාන් රණසිංහ)
ජනතාව කොළඹට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන නිසා ඊට බිය වී සිටින ආණ්ඩුව 01 වැනිදා සිට 08 වැනිදා දක්වා බස්නාහිර මාර්ග බලපත් හිමි පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කිරීම විකාරයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ආණ්ඩුවට එරෙහිව 05 වැනිදා කොළඹ පැමිණ විරෝධය පළ කිරීමට ජනතාව පුල පුලා බලා සිටින බවත් මෙම රැලියට එක්වන බස් රථ වල මාර්ග බලපත් අහෝසි කිරීමට බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියටනෛතික බලතල නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.
තමා බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස කළක් කටයුතු කළත් කිසි කලෙක එවැන්නක් සිදු නොවු බවත් හෙතෛම සඳහන් කළේය.ජනබලය රැලියට එන බස් රථවලට දඩ මුදලක් පැනවීමට නියම කළහොත් ඒ වගකීම ඒකාබද්ධ විපක්ෂය ගන්නා බවද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දෙයක් කරන බව මට නම් ආරංචි නැහැ..
ඉන්න අය බලය රැක ගන්න දඟලනවා බලයට එන්න දඟලන කට්ටිය පුළුවන් හැමදේම කරනවා. ජනතාව හැටියට අපිට ආඩම්බරයි ඔබතුමන්ලා රට හදන්න වෙන මහන්සියට.
නියම ප්රජාතන්ත්රවාදය බලාගන්න පුළුවන් දැන් කාට කාටත්. පෞද්ගලික බස්වලට විශේෂ චාරිකා තහනම් කරාට පයින් හරි එනවා අපි.
තමන්ගේ උද්ඝෝෂණයේ අසාර්ථකත්වය වහාගන්න දැම්ම තියා නිදහසට කරුනු කියන්න පටන් අරන් වගේ බැසිල් ඇමරිකාවට පැනලා ගියෙත් මේකේ අසාර්තකත්වය නිසාම තමයී.
2015 දි බස් ගනුදෙනු බේරලා නැති නිසා වෙන්න ඇති
නැහැ මන්තිරි තුමෝ රුපියල් 500 සහ බත් එක දුන්නම ඕන තරම් කට්ටිය කෑ ගහගෙන එයි. ඇයි මේ ලඟදි පොහොට්ටුවේ මන්ත්‍රිලා කසිප්පුත් පේරුව නේද ඒවත් 5 වෙනිදාට බෙදන්න වෙන්න ඇති.
ජනතාව පුල පුලා බලා ඉන්නේ හොරුන්ව කොයි වෙලේද මේ ආණ්ඩුවෙන් හිරේ දාන්නේ කියලා මිසක් ඔබතුමන්ලාගේ පුහු බලාපොරොත්තු නෙමෙයි. අනික ඔබතුමාලට ඕනෑ රටේ ඉතිරි ධනයත් සූරාකෑමට බව නම් පැහැදිලි කරුණක්...
මහත්තයෝ ඕවාට තමයි දිට්ට ධම්මවේදනීය කර්මය කියන්නේ. ඔයාලා බලයේ ඉන්නකොට කරපු දේවල් දැන් පොඩ්ඩක් මතක් කරගන්න. ඔයාලා දෙගොල්ලෝම එකයි බලය තියනකොට මොලය නැහැ.. මොලය තියනකොට බලය නැහැ. අපිට නම් දැන් ඔයාලා දෙගොල්ලෝම එපාවෙලා තියෙන්නේ...
මාර්ග බලපත් අහෝසි කිරීමට බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නෛතික බලතල නැත්නම් මොනවද ඔය හැටි නහයෙන් අඬන්නේ? මේවා මහින්ද මහත්තයා ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන එ් ගොල්ලන්ගේම මාධ්‍යජාල මඟින් ලෝකය වටා බෙදා හරින මන..කල්පිත කතන්තදර. ඒවාට ප්‍රතිඋත්තර දීලා ඒවා තවතවත් ප්‍රචාරය කරවා ගන්නෙත් ඒ ගොල්ලන්ගේම කට්ටියමයි. නැතිදේවල් අැතිදේවල් හැටියට ඉතා ඉහලින් මවාපාලා මේ රටේ මිනිස්සු ගොනාට ඇන්දුවා ඇති. පස්වෙනිදා කෝලාහලයට ඔය කණ්ඩායමේම සමහරු සහභාගි වෙන්නේ නැත්තේ මොකද කියලා හොයලා බලලා ඒ හිල් වහන්න කටයුතු කලොත් මීට වඩා වටිනවා. අනේ එකක් කියන්නද? පින්සිද්ධ වෙයි අපිව තව දුරටත් හිනා සාගරවල ගිල්ලලා මරන්නේ නැතුව ගෙදර ගිහින් නිදාගන්න මහත්තයා...
හැබැයි ඔයා බස්නාහිර මහ ඇමති ඉන්න කාලේ නං, ඉඩම් ගොඩ කරා නේද.
යහපලකයිනේ මේකද මේ ඔබලගේ ප්රජාතන්ත්රවාදය. ඔබලා මේකරන්නෙත් අර පැස්බරා බයට ඔලුව වැල්ලේ හංගා ගන්නවා වගේ වැඩක්. ඉඩ දීල බලන්න මිනිසුන්ගේ ඔබලාට තිබෙන කැමැත්ත අකමැත්ත මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කොරමු.
පාරේ තියෙන පෞද්ගලික බස් තියෙන්නේ මගී ජනතාවගේ ගමන් බිමන් යාමටයි. එක දිනයකදී විශාල පෞද්ගලික බස් ප්‍රමාණයක් මේ වැඩේට ගත්තම මගී ජනතාවට වෙන අපහසුව ගැන මේ අයට කිසි අනුකම්පාවක් නැහැ. මොන විගඩම නටල හරි බලයට එන්න තමයි හිතන්නේ. මේ දඟලන්නේ විශේෂ අධිකරණ ක්‍රියාමාර්ග වලට බයෙන් බව පැහැදිලියි. ඊට ප්‍රථම රජය පෙරලා රට මුලා කොට දඬුවමෙන් බේරෙන්නයි මේ සියලු උප්පරවැට්ටි. මේ රජයේ වැරදි අඩුපාඩු ඇති. අප රජයට කඩේ යන්නේ නැහැ. ඒත් මේ අය නිවැරදි නම් ඇයි රජයට, එෆ්සීඅයිඩී එකට එරෙහිව ජ්යතියන්තරයට පැමිණිලි කරන්න බැරි.
යහපාලනය නහුතෙටම!!!
දැන් නඩු ඇහෙන්න පටන් අරගෙන නේ, ඉතින් උද්ගෝෂණ වැඩි වෙයි.
නෑ නැ බස්වලින් ඔයාලගේ ගෙදර ඇවිත් සොමියක් දාන්න තමයි හදන්නේ..
තුච්ඡ, නීච, අධම වැඩ !!!
අපි බස් එකක් බුක් කරලා 6 - 8 ට්‍රිප් එකක් යන්න ඉන්නේ. දැන් ඇඩ්වාන්ස් දීලත් ඉවරයි. අම්මලා ඇඳුම් අරන් ෆුල් ලෑස්තිය. අපි නිවාඩුත් දාලයි ඉන්නේ. ඒකත් කන්නද හදන්නේ...?
එ්කනේ මෙයා මහ ඇමති ඉන්න කාලේ බිම් ගොඩකරා පමණයි. වැරදි වැඩක්නේ...
ඔබතුමාලා පාරවල් වල ඉබාගාතේ ඇවිදිමින් අපිට අවහිර කරනවා, යුද්ධෙන් පස්සේ ඔබතුමාලට අවරුදු 5 තිබුන රටේ නිතිය හරියට ස්ථාපිත කරලා ආර්ථිකය ගොඩනගන්න. නමුත් සිදු වුනේ ආණ්ඩුවේ ලොක්කෝ පවුල්පිටින් ප්‍රකෝටි පතියන් වීමත්, ආණ්ඩුවේ එක එක හෙන්චයියලා ප්‍රසිධියේ නීති කඩ කිරීමට පෙලබිමත් නිසා ජනතාව ඔබතුමාලාව එලියට දැමීමා. දැන් තිබෙන ආණ්ඩුවේත් කෙරුවාව එච්චර වෙනසක් නැහැ ඒකට හේතුව එකේ ඉන්න මැති ඇමතිවරු විශාල ගණනක් පසුගිය ආණ්ඩුවේ හිටපු පුද්ගලයන්ය, තල හිටවලා මෙනේරි බලාපොරොත්තු වෙන්න බැහැනේ ? බෝර්ඩ් ලෑල්ල මාරු වුනාට ඔළුගෙඩි ටික එකමය. මේ ආණ්ඩුව ගෙදර යවලා ඔබතුමාලට බලය දුන්නත් ලබන ආණ්ඩුවේ මුල් පුටු වලත් වැඩිහරියක් වැඩි වෙන්නේ දැන් ඉන්න කට්ටියමය.