නියගය තවදුරටත් පැවතුනහොත් ඇතිවිය හැකි ජල අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍යතාවය පරිදි පෞද්ගලික ජල උල්පත් රජයට පවරා ගැනීමට සිදුවන බැවින් ඊට අදාළ තොරතුරු එක් රැස්කර ගන්නා ලෙස බස්නාහිර පළාත් සභා මහ ඇමැති ඉසුරු දේවපි‍්‍රය මහතා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
නියගය නිසා ජල ප්‍රශ්නයෙන් වඩාත් පීඩාවටපත්ව ඇත්තේ කළුතර දිස්ති‍්‍රක්කයේ ජනතාව වන අතර ඉදිරියේදී මෙම තත්වය අනෙකුත් දිස්ති‍්‍රක්කවලටද බලපෑමට ඉඩ ඇති බැවින් පානීය ජලය බෙදා හැරීම සදහා අවශ්‍යකරන ජල බවුසර් හා ජල ටැංකි ලබා ගැනීම සදහා ටෙන්ඩර් කැදවා සුදානම් වන ලෙසත් මහ ඇමැතිවරයා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළිං බද්ද පැනවීමේ මුලික පියවරද ? (හේ)
ලංකා ගේ කතාව ඇත්ත. ප්‍රාදේශීය සභා ,බලාත් සභා කියල අටවගත්තු දේශපාලන ආයතන වලින් රටට වුණු සෙතක් නැහැ, වුනේ තිබුණු ගස්ටික කපාපු එකයි ,කඳුටික පාත් වෙච්ච එකයි සහ තියෙන ස්වභාවික උල්පත් ,ජලමුලාශ්‍ර ටිකට කණ කොකා හඬපු එකයි විතරයි (බ)
භූගත ජලය විකිණීමට තිබේ. නියඟය පෙරට දමා සියලු ජඩ වැඩ කරගැනීමට සැලසුමක් (බ)
පොදු ජාල මුලාශ්‍ර විනාස කළාට පස්සේ පෞද්ගලික ඒවත් කන්නද එන්නේ? (බ)
අන්තිම ගසත් කැපුවාට පසුවද ජල මූලාශ්‍ර ගැන තොරතුරු හොයන්නේ? (නි)
ඔන්න 2000 දි ර ගේන්න හැදූ ජලය විකිණීමේ පනත ක්‍රියාත්මක කරලා අපේ ළිං ටිකටත් තට්ටු කරන්න යන්නෙ. මෙච්චර ජල අර්බුදයක් තියෙද්දී නේද අහවල් සමාගමට භූගත ජලය දෙන්න හදන්නෙ (නි)
ඔය ගමන්ම, එක්තරා පැණිබීම සමාගමත් අපේ රටේ ජල සම්පතට බැලුම් හෙළා තියෙනවා කියලා කතා පැතිරෙනවා. බැරිවෙලාවත් ඒ සමාගමට ඔවුන්ගේ නිෂ්පාදන කරන්න ඉඩදුන්නොත්, එය රට පාවාදෙනවා හා සමාන දෙයක්. රටේ සමස්ත ගොවි ජනතාවටම සියදිවි නසා ගන්නයි වෙන්නෙ ගොවිතැනට වතුර බිඳක් නැතුව. (නි)
ජල මුලාශ්‍ර ටිකත් හොයාගෙන ඇමරිකාවට හරි චිනෙට හරි විකුණන වැඩක්ද දන්නේ නැහැ. කමක් නැහැ, යහපාලනයනේ. (නි)
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ. නියඟයක් අාවොත් දේශපාලකයන් මැදිහත් වෙන්න ඕනෑ නැහැ. අපේ රටේ මිනිස්සු වතුර බෙදාගන්න දන්නවා. මේ එන්නේ අනාගතේ මිනිසුන්ගේ වතුර ටික විකුණන්න ක්‍රමයක්. (නි)
මේ එන්නේ හොඳකට නෙමෙයි වගේ. 2001 ආණ්ඩුව ගෙනා ජල කළමනාකරණ පනත මතකද? එ්කේ හැටියට සියලුම ජල මූලාශ්‍ර කළමනාකරණය කරන්නේ රජය හෝ පෞද්ගලික ආයතනයක්. එතකොට මගේ වත්තේ තියෙන ජල උල්පතෙන් මටත් වතුර ගන්න බැරි වෙනවා අවසරයක් නැතුව. (නි)
අපේ ගම මීගොඩ.මේ පැත්තේ තිබුණු කදු සේරම පස්වලට කපාගත්තා. කළුගල් සේරම කඩාගත්තා. සේරම ජල උල්පත් වේලිලා ගියා.මේ විනාශයට මුල මේ රට පාලනය කළ දේශපාලුවන්මයි (බ)
මේ තරම් ඉක්මනට පෞද්ගලික දේපලක් පවරාගන්න පුලුවන්ද? (නි)