(යොහාන් භාසුර)
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය කිරීමේ සහ ලියාපදිංචිය අලුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක් පළමු වරට ලියාපදිංචි කිරීමේ පැවැති රුපියල් 15,000 ගාස්තුව රුපියල් 50,000 ක් දක්වා ඉහළ දමා තිබේ.
පවතින පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ දමා තිබේ.
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක බලපත්‍රය කල්ඉකුත් වී පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 10,000 ක් ද, බලපත්‍රය කල්ඉකුත් වී දින 31 ත් 90 ත් අතර කාලය සඳහා ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000 ක් ද, ලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ලියාපදිංචිය කල්ඉකුත් වී දින 90 කට වැඩි වුවහොත් ප්‍රමාද ගාස්තුව රුපියල් 35,000 ක් බවට පත්කර ඇති අතර මෙම ගාස්තු සංශෝධන පසුගිය පෙබරවාරි මස 20 වැනිදා දින සිට බලපැවැත්වේ.
2025 දෙසැම්බර් මස 30
10
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෞද්ගලික ආරක්ෂක අංශ ලියාපදිංචි ගාස්තු වෙනස් වෙයි