නව රජයේ අතුරු අයවැයෙන් පෞද්ගලික අංශයට රුපියල් 2500ක වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස බල කරමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (12) පැවැත්විණි.
රජයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් වන තමන්ටද සහන ලබා ගැනීමේ අයිතියක් ඇති බවත් වහාම එම සහනය ලබා දෙන ලෙස ඉල්ලා හාම්පුතුන්ට බල කරන නීතී ගෙන එන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිල අඩුකළ දේවල් ගැන හැමෝටම සතුටුද? මිනිස්සු බත් වෙනුවට පාන්,රොටි පිට්ටු වගේ කයි. ගොවියාට මොකද වෙන්නේ?කන්න දෙන දේ ගැනම හිතන්න පුරුදුවෙන අය රට ගැනත් හිතන්න. (නි)
නුවන් , පුද්ගලික අංශයේ පඩි වැඩිවෙන්නේ ඒ මිනිස්සු කාර්යක්ෂමව වැඩකරමින් ආයතනයට ලාභ ලබාදෙන නිසා. උදේ 10 ට වැඩට ඇවිල්ලා කොයිවෙලාවේ බැලුවත් සේවා කාලයේ පුද්ගලික ගමන් වල යෙදෙන ගමන්, මහජනයාටත් සේවාකාලයේ ගොරවාගෙන ඉන්න එකට රජයේ අයට පඩි වැඩියෙන්ම තමයි දෙන්න ඕනෑ. (නි)
නුවන්, බහුතරයක් හරියට වැඩක් නොකරනකොට රජයේ සේවකයන්ට පඩි වැඩියෙන් දෙන එක සාධාරණද ? කොයිවෙලේ බැලුවත් එක්කෝ නිවාඩු. නැත්නම් පොඩ්ඩකට එළියට ගිහින්. එහෙමත් නැත්නම් වැඩකරන්නේ ඈනුම් යවමින් (නි)
එහෙම කරනවනම් ඇත්තටම හොඳයි (බ)
පුද්ගලික සේවයේ යෙදනෙ සේවකයෝ ගොඩක් අය නිසයි මේ අය දිනුවේ.ඒක නිසා මේ අයට සාධාරණයක් සිදු කරන එක ඒ අයගේ යුතුකම.(හේ)
ගයන්, ඔයා හරියටම හරි. උන්ටත්, මුන්ටත් දෙගොල්ලන්ටම අපිව වටින්නේ නැහැ. අඩුම තරමේ ජීවිතේට එකම වාහන පෙර්මිට් එකක් දෙන්න. පැන්ෂන් යන කාලය 60 කරන්න බැරිනම් 58 වත් කරන්න. පරිපාලන විබාගෙට ලියන්න,ක්‍රමවත් රක්ෂන ක්‍රමයක් නියම කරන්න. අඩුම තරමේ උපයනවිට ගෙවන බදු ගැන හිතලවත් නියමයක් කරන්න. (නදී)
මම ලඟදී ගියා කම්කරු කාර්යාලයට මගේ වැඩකට. අපි මොනතරම් බදු ගෙව්වත්, අපේ අර්ථ සාදක මුදල් වලින් රජයේ සේවකයන්ට පඩි ගෙව්වත්, අපිට හදිස්සියකට යන්න වැසිකිලියක් තියෙනවද කියල කව්රු හරි ගිහින් බලනවද. (නදී)
වැඩක් වෙන්නේ නෑ ඕක ලැබෙන්නේ නෑ.(හේ)
ජවිපේ ලොක්කනේ මොකට පෙළපාලි යනවද. ගිහින් විධායක සභාවෙන් අනුමත කරගන්නකෝ.(හේ)
ලක්ෂ 13 රාජ්‍ය සේවකයන්ට විතරද පඩි වැඩි වෙන්න ඕනේ.? ලක්ෂ 70 ක පෞද්ගලික සේවකයෝ මේ රටේ මිනිස්සු නෙවෙයිද.? (ර)
අනේ මන්දා! ජීවන වියදම කියන තරම් පහළ ගියා නම් මේ මොකද? (නි)
රජයේ සේවකයින්ට විතරද හැම දේම.? (ර)
පුද්ගලික අංශයේ සේවකයන්ට රු.2500/=වැටුප් වැඩිවීම ලබාදීම ලොකු ශක්තියක්. (නි)
රජයට පොද්ගලික ඡන්ද අමතකද? (ර)
මෙතනදී රජයට කල හැක්කේ පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන ලෙස අදාළ හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් විතරයි. අනිවාර්ය කර නීති පනවන්න බැහැ. පඩි පාලක සභා පනත යනාදිය ඔවුන්ගේ කෙලින්ම පාලනයෙන් දුරස්ථ නිසා. පෞද්ගලික අංශයේ අපිට, මේ රජයේ පඩි වැඩිවීම ගැන සඳහන් කර හාම්පුතුන්ගෙන් යම් ඇඟට දැනෙන ඉල්ලීමක් කල හැකියි. (ර)
වැටුප් වැඩිකිරීමට වහා නීති සකස් කරනු ! (නි)
ඔව්..ඔව්... ඔවුන්ටත් එම සහනය දියයුතුයි (නි)
පඩි වැඩිකරන්නේ කොහොමද? එය ව්‍යාපාර වියදම් වැඩිවීමට හේතුවක් වෙනවා (නි)
රජයේ සේවකයින්ට තමයි ඔක්කොම ලැබෙන්නේ. වාහන පර්මිට්, පෙන්ෂන්, රජයේ උසස් පාසල්, හැම අයවැයකින්ම පඩි වැඩිවීම්... මේක හරිම අසාධාරණයි.අලුත් ක්‍රමයක් හදන්න ඕනෑ. මීටපස්සේ අයවැයෙන් වැඩිකරන ගාන අනිවාර්යයෙන්ම පුද්ගලික අංශයටත් ආණ්ඩුවෙන් ගෙවන්න ඕනෑ.මොකද රජයේ සේවකයෝ විතරක් නෙමෙයි ජාතික ආදායමට, නිෂ්පාදනයට දායක වෙන්නේ. (නි)
එඩ්වඩ්, ඔයාගේ කතාව ඇත්ත. නමුත් රජයේ සේවක පඩිය වැඩිවෙනකොට බඩුමිලත් නිකම්ම ඉහළ යනවා. බඩුමිල රජයේ සේවකයාටද පුද්ගලික සේවකයාටද කියලා වෙනසක් නැහැ. දෙගොල්ලන්ම ගෙවන්න ඕනෑ එකම ගණන. එනිසා මේ ඉල්ලීම සාධාරණයි. රටේ ආණ්ඩුවත් පාලකයනුත් දැනගන්න ඕනෑ මේ ප්‍රශ්න මුලින්ම සාකච්ඡා කරන්න. (නි)
විවෘත ආර්ථිකය හැමදෙනාටම එක හැන්දෙන් බෙදන්නේ නැත. නමුත් බඩුමිල බෙදන්නේ එකම හැන්දෙනි. පාන් නැත්නම් කේක් කාපල්ලා නොකියා රටේ හැමදෙනාටම පාන් කෑල්ලක් කන්න පුළුවන් ක්‍රමයක් සළස්වන මෙන් රජයෙනුත් මුදල් ඇමතිතුමාගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ ගමන්ම විශ්‍රාමිකයන්ටත් ටිකක් සළකන්න. (නි)
2,500 මදි. 10,000 ක්ම ඉල්ලන්න. එතකොට දෙයි. (නි)
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න පෞද්ගලික සේවකයන් ගෙවන බදුමුදල් ඉවහල්වන බැවින් පෞද්ගලික අංශයේ සේවකයන්ටත් සාධාරණයක් ඉටුවිය යුතුය (නි)
රජයේ මිනිසුන් විතරද ඡන්දය දුන්නේ? (නි)
සේවක ඵලදායිතාවය සළකා බැලුවා නම් ඔය රුපියල් 10000 දෙන්න ඕනෑ පුද්ගලික අංශයට. එක මනුස්සයෙක් පස්දෙනෙකුගේ විතර වැඩ කරනවා. නිවාඩු අඩුවෙන් ගන්නේ. . කලට වෙලාවට රාජකාරි ඉටුකරනවා. පාරිභෝගික සේවාවේ ගුණාත්මක බව ඉහළයි.ආයතනයට ලාභ ලබාදෙනවා. ඒත් ඉතින්? (නි)
අනේ මන්දා මේවා! (නි)
පඩි වැඩිකිරීම නොව කළයුතු වන්නේ භාණ්ඩ මිල අඩුකිරීමයි. මන්දයත් පඩි වැඩිකිරීමෙන් මුදලේ අගය අඩුවන නිසාය. භාණ්ඩ මිල අඩුවීමෙන් කිසියම් මුදලකට ගතහැකි භාණ්ඩ වැඩිවීමෙන් මුදලට වැඩි අගයක් ලැබේ. (නි)
රජයේ සේවයට වඩා වැඩි ශ්‍රමයක් ලබාදෙන්නේ පෞද්ගලික අංශය. මම එහෙම කියන්නේ රජයේ සේවකයෝ හරිම අලසව වැඩ කරන්නේ. ඒ වුණාට පෞද්ගලික අංශය එහෙම නැහැ.ඉතාම කඩිසරව තම සේවය ලබාදෙනවා.එසේනම් අනිවාර්යයෙන්ම පුද්ගලිය අංශය ගැන විශාල අවධානයක් සෑම රජයකින්ම යොමුවිය යුතුයි (නි)
පඩි වැඩිකිරීම නම් හොඳ දෙයක් තමා. එහෙත් රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ පඩි හොඳ මට්ටමක තිබෙනවනේ. ඒ නිසා තමා සැමවිටම රාජ්‍ය සේවය ඉහළට ගෙනයන්න හදන්නේ. (නි)
මේවා කාගෙ වැඩද කියලා පේනවනේ දැන්වීම් වලින්ම (නි)
රජයේ සේවකයින් අලස බව නිකන් කටට එනවාට කියනවා.නමුත් මැතිවරණයක් වගේ දේවල් එච්චර කාර්යක්ෂමව කරන්නේ කොහොමද කියලා බලන්න.සේවකයාගේ තියෙන වැරැද්ද නෙමෙයි මෙතන තියෙන්නේ. නිවැරදිව වැඩ නොගැනීමයි.පඩි වැඩිවුණ එකට ඊර්ෂ්‍යා නොකර ඉල්ලලා ගන්න. කිසිදෙයක් නිකන් ලැබෙන්නේ නැහැ (නි)
නුවන්,ඔයාගේ ඔලුව හොඳ නැද්ද? රජයේ හැම වරප්‍රසාදයක්ම ලැබෙන්නේ රජයේ සේවකයන්ටනේ. අනෙක් අය මිනිස්සු නෙමෙයිද? රජයේ අය විතරද කන්නේ බොන්නේ? (නි)