ආසියාවේ හා අප්‍රිකාවේ ගොඩ බෝගයක් වන කුරක්කන් යළි ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැරැසේ .
මාඩාටුඩුගම ගොවීනට නොමිලයේ බෙදා දුන් කුරක්කන් බීජ වලින් හොඳ අස්වැන්නක් ලබාගත හැකි වෙතියි ගොවිහු කියති.
ප්‍රෝටීන්,කාබෝහයිඩ්‍රේට්,මේද,ඛනිජ ,හා තන්තු අඩංගු කුරක්කන් දියවැඩියා රෝගින් අතරද ජනප්‍රිය ඖෂධිය ආහාරයකි.
අනුරාධපුර,හම්බන්තොට,මොනරාගල,කෑගල්ල ,රත්නපුර ,අම්පාර
,බදුල්ල හා යාපනයේ ද කුරක්න් වැවේ.
කුරක්කන් සිටුවා දින හැටකින් පමණ මල් පීදේ.දින සියයකින් පමණ කුරක්න් පැහේ.වියළි කලාපයේ ඇතැම් පෙදෙස්වල තවමත් ප්‍රධාන ආහාරය කුරහන් වේ.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ද කුරහන් ගෙන්වයි. කිලෝව රුපියල් 250-300 අතර වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී. කුරක්කන් පිට්ටුයි තිත්තයින් මල්ලුමයි මාර රසයිනේ, (ඕක අන්දරේට රජබිසව රහසින් කිව්වලු මට මෙහෙම දොළදුකක් තියෙනවා . කුරක්කන් පිට්ටු ටිකක් තිත්තයින් මැල්ලුමක් එක්ක පොඩ්ඩක් සොයා දෙන්න කියලා. පස්සේ මේ යකා මුළු ගමටම කියලා හෙට උදේ ඒවායින් කදක් රජවාසලට ගෙන්න කියලා.පහුවදා කත් පෙරහරක් ලු) මේ කතාව 1959 ඇල්. ඇස්. ඊ. අමරරත්න ගේ කුමාරොදය පොතේ තිබුනා මම 4 කැලාසියේ ඉන්න කොට...(අ)
විකුණන්නට බැරි වෙනකොට වේලි වේලි කුරක්කන් නොපිදුනා නම් කමක් නැත (නදී)
කුරක්කන් වලින් හදන හැලප මගේ ආසම කෑමයි (නදී)
දේශීය අහාර වලට මුල්තැන දෙන්නේ ලෙඩ උනාම තමයි. බුදුන් වහන්සේ පවා කියල තියෙනවා අපි ආහාරයට ගත යුක්තේ තම ප්‍රදේශයේ වැවෙන අහාර කියලා. අද ගොඩ දෙනෙක් පිට රටින් එන සැකසුම් කරනලද අහාර ගන්න පෙලඹෙනවා. ඒ තුලින් වෙන්නේ ඉතා කෙටි කලක් තුල රෝගාතුර වීමයි මගේ ලොකු අයිය ඉන්නේ ඇමරිකාවේ නිව් යෝර්ක් නගරේ නමුත් එයා ගන්නේ කඩල, මුන් මෑ වගේ දේවල්. ළගදි එයා දෙල් ගෙඩියක් මිලදී ගෙන තියනවා මිල ඩොලර් 10ක් ලංකාවේ මුදලින් 1300ක් අපි අපේ දේ රැකගෙන ඉදිරියට යමු (නදී)
පීදීගෙන එන කුරහන් කුමක් වැනී. අලුත් ළමිස්සියකගේ මල් හිනා වැනී. නොඉඳුල් හිනාවට මා සිත වසඟ වුණී : කුරහන් කපා ඔබ කැන්දන් යන්න එමී. (නදී)
අපේ රටේ මොනාද වගා නොකරන්න බැරි. ඉහල සිට පහලට ඉන්න ඇත්තෝ මේවා කෙරෙහි අවදානය යොමු කලානම් රට ස්වයන්පොෂිතයි. (නදී)
සියරට දේ සිරිසැප දේ. වගාකරන ඇත්තන්ට මගේ ප්‍රණාමය. (නදී)
දැන් කුරහන් කන කට්ටිය කොළඹ පැතිවල නැද්ද? (නි)
කුරක්කන් හැලපයි හොඳට ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියි ඉතාමත් රසවත් කෑමකි. රාත්‍රී ආහාරයෙන් පසු බුක්ති විදීමෙන් පසු දින උදෑසන ශරීරකෘතිය පහසු කරවන බව වැඩිමහල්ලන් අත්දුටු සත්‍යයක් බව අසා තිබේ. (නදී)
පිටිගල, මේක තමයි අපේ සිංහල ගැමි සංස්කෘතියේ නොබිදෙන, නොකැඩෙන, නොසැලෙන, සහ නොනවතින අනන්න්‍යතාවයේ සුන්දරම වූ පැතිකඩ. ගැමි සුවඳ විදහාපාන කෙටි කතාවක් ලිවීමට කදිමට ගැලපෙන අනුභූතියක් තමා ඔබ ඉදිරිපත් කර තිබෙන්නේ. බොහොම ස්තුතියි. (නදී)
රජවාසල බිසඋන්නාන්සේට කුරක්කන් පිට්ටුයි ,තිත්තයින් මාළු හොදියි කන්න දොළදුකක් වැළඳී ඇති බව ගම්මුන්ට පවසා අන්දරේ ගියාලු. පසුදින පිට්ටුයි,තිත්තයින් හොදියි කත් බැඳගෙන පෝලිමක් ආවලු රජවාසලට (නි)
මේ කුරක්කන් හේන දකිනකොට මම ගියා වසර 50 කට එහා අතීතයේ අපේ කුරහන් හේනේ ගහ උඩ පැලට. අප්පච්චි, එයාගේ බේත් කොටන තුවක්කුව, තේ උණුකරන ඇලුමිනියම් මුට්ටිය, මිට දිග කැත්ත, කුරහන් කපන පිහි, මිල්ල ගහ මුල කුරක්කන් ගලේ කුරක්කන් අඹරන අක්කා, තලප ගුලි. කොච්චි දාලා හදපු කායම් හොද්ද, බත් පෙට්ටිය අරන් එන අම්මා, කැටපෝලයක් ඉනේ ගහගත්ත බෙල්ල වටේ දාඩිය දාපු හීන් අයියා, කුරක්කන් හේනේ තැන් තැන්වල තිබුන මහා වට්ටක්කා ගෙඩි.... පස්සේ ඇස් දෙකට කඳුළු ආවා.ආයෙත් ඒ අතීතයට යන්න ඇත්නම්. මොකක්ද මේ ජීවිතේ? (නි)
ශීලා නගා ඇමෙරිකාවේ තියෙන මොනවා ගැනද මේ කියන්නේ? (නි)
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කිහිප දෙනෙකු සමග මා වසර කිහිපයක් එකට සේවය කර ඇත. කුරක්කන් පිටි උණු වතුරේ දිය කර කිරි සමඟ මිශ්‍ර කර ළදරුවනට පෙවීම ඔවුන්ගේ සිරිතය. එය එහි දොස්තර වරුන්ගේ නියමයකි. එයින් ළදරුවන්ගේ බුද්ධිය වර්ධනය වන බව ඔවුන් කියති. ඒ කුමන විටමිනය හෝ මිනරලය නිසා දැයි මම නොදනිමි. මාස හයයක එම ළදරුවන්ගේ පළමු ඝන ආහාරය එයයි. කේරලා ජාතිකයින්ද බුද්ධියෙන් ඉහළ බව (කපටි කම්ද ඇතුළුව) මම ඇත දැක ඇත්තෙමි. මමද දැන් මගේ දරුවනට හැකි විටම කුරක්කන් පිටි වලින් නිෂ්පාදිත ඕනෑම දෙයක් කන ලෙස දන්වා ඇත. (නදී)
ශීලා ඔයා වලිගෙ පාගාගෙන !! මම අදහස් කලේ දේශීය දේවල් වල තියෙන වටිනාකම ගැන. ඇමරිකාවට අවේනික කෑම තමයි හොට්ඩෝග්, බෙගඑර්, ස්ටේච්ක් , ටස් මස් ෆූඩ් ෆ්‍රෙන්ච් ෆ්‍රයි,ශීලා ඕනිනම් මම ලෝකේ තියන අාහාර සහ ඒ වායේ ඉතිහාසය ගැන හොද පැහදිළි කිරීමක් කරන්නම් ඇත්තටම ඇමරිකාවේ අාවේනිකම කෑම නැහැ බටහිරට හොදම කෑම හැදුවා දුන්නේ ෆ්රන්සේ රටෙන් සහ ඉතාලිය වැනි රටවලින් ඔය කියන මේ එළවළු ලෝකේ හැමතැනම තියනවා මමත් ඇමරිකාවේ ඉදල මට ඒ රට ගැන හොඳ අවබෝධයක් තියනවා දැනට මම රටවල් 17ක වැඩ කරලා තියෙනවා සම්මන්ත්‍රණ කරලා තියෙනවා!! (අ)
ශීලා බොන්නේ ඔටු කිරිද ?? මොනවද ඔය කියවන්නේ ඔයා කින්නේ එළවළුනේ නුවර එළියේ ඔක්කොම තියෙන්නේ හරිම අඩුවට ???(අ)
දුරුතු මගේ සීතල සුලග එනවා. කුරහන් හේනේ ගත කළ දින සිහිවෙනවා. දුප්පත් පැල්පතම අස්වැන්නෙන් පිරුනා. එදා විදි සතුට අද මගේ සිත නැතුවා (නදී)
පැසුණු කරල් අත වනන්නෙ අපිට නොවේද නෑනො දෑකැත්තෙන් හොඳට බලා කපාපන්කෝ නෑනෝ අපේ කුරක්කන් පිටි අඹරන්නා සොඳා නොවේද දැන් පිටි අර ගන්ටා පිට්ටු රොටියි හැලප තලප අගෙයි නොවේද නෑනෝ බුදුසරණින් අපිට මෙදා ජයයි නොවේද නෑනෝ. (නදී)
සිල්වා ඇමරිකාවේ දේශීය අහාරේ දෙල්ද. අැයි ඇමරිකාවට උරුම දේශීය අහාර නැද්ද. මන් දන්නා තරමින් නම් ඇමරිකාවට උරුම දේශීය ආහාර ලංකාවේ සුපිරි වෙළඳසල් වල තියනවා. මන් කිවේ ඔය බ්රෝකලි,කොලිෆ්ලර්, ඇපල්, ලීක්ස්, බ්‍රසල් ස්ප්‍රවුට් වගේ දේවල් ඇමරිකාවේ හරි ලාබයි. (නදී)