සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ප්‍රකාශිත පොදු සමා කාලය උපයෝගී කැර ගනිමින් සිය මව් බිමට යාමට සුදානමින් සිටින අවතැන් වු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පසුගිය14 වැනිදා දමාම් ඇස්ටුන් රෝහල ඉදිරිපිට පිහිටි යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැලේදී පැවැත් වු විශේෂී ජංගම පරීක්ෂාවට පැමිණ සිටියහ.
සෞදියේ නව ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමුර්ත්‍රී මහතා සෞදි අරාබියට පැමිණ සති දෙකක් ගත වීමටත් ප්‍රථම වෙන වරටත් නැගෙනහිර කළාප තානාපති ජංගම සේවයට පැමිණ අවතැන් වු ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඕනෑ එපා කම් සොයා බැලීය.
ජුලි මස 3 වැනි දිනට අවසන් වන පොදු සමා කාලයට සමගාමීව නව ගමන් බලපත්‍ර හා තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමද මෙදින සිදු වු අතර නැගෙනහිර පළාත් තුළ ශ්‍රී ලාංකිකයින් දහදාහකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව බලා යාම පිණිස ලහි ලහියේ සිය ලිපි ලේඛන සුදානම් කරමින් සිටින අයුරු දකින්නට ලැබිණි.
කෙසේ වුවද පැමිණ සිටි අවතැන් වුවන්ගෙන් ඉතා සුළුතරයක් නැවත සෞදි අරාබියේ රැදී සිටීමෙන් වෙනත් ආයතනයකට හෝ හාම්පුතුන් වෙත මාරු කැර ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් දැනගන්නට හැකි විය.
මේ අතර නැවත වෙනත් ස්ථාන වෙත මාරුකරමින් රැකියාවක් කිරීමට උත්සාහ දරණ ශ්‍රී ලාංකික කතුන් වෙත තානාපති කාර්යාල බලධාරීන් අවවාද කරමින් ප්‍රකාශ කැර සිටියේ මෙවැනි පොදු සමා කාලය මගින් ශ්‍රී ලාංකිකයින් හට උපරිම ප්‍රයෝජන ගතයුතු බවත් ශ්‍රී ලංකාවට නොගොස් වෙනත් ස්ථානයකට මාරුකැර ගැනීමට ප්‍රථම දෙවරක් සිතා බැලිය යුතු බවත් කබලෙන් ලිපට වැටීමේ ඇති හැකියාව ඉතා වැඩි බවත් නැවත කුමනහෝ ගැටළුවක් මත අවතැන් වුහොත් ඒ පිළිබඳව තානාපති කාර්යාලයයට නීතිමය කටයුතු කිරීමට ඇති හැකියාව ඉතා අල්ප බවත් පැවැසීය.
වැඩි දුරටත් කරුණු දැක්වු තැනාපති කාර්යාලයයේ උසස් නිලධාරියකු පැවැසුවේ යම් යම් කණ්ඩායම් හෝ පුද්ගලයින් විසින් ශ්‍රී ලාංකික කතුන් විවිධ විවිධ පුද්ගලයින් වෙත බලහත්කාරයෙන් තව දුරටත් රැකියාව යෙදවීමේ සුදානමක් පිළිබඳව ආරංචි ලැබී ඇති බැවින් එවැනි කූට උපක්‍රම වලට හසු නොවී තමා සුදානම් වු ගමන යාමට උනන්දුවීම නුවණට හුරු බවත් යම් කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකිකයින් විවිධ පුද්ගලයින් වෙත භාර දීමත් බලහත්කාරයෙන් රැකියාවේ යෙදවීමට කටයුතු කිරීම නීතී විරෝධි බවත් එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබද ව තානාපති කාර්යාලයය දැනුම්වත් කරන ලෙසද ඉල්ලා සිටින ලදී.
කෙසේ වුවද දැනටමත් විශාල පිරිසක් දිගු පෝලීම් වල හිදිමින් ආගමන විගමන කාර්යාලය වල රැදී සිටිමින් පිටවිමේ විසා බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කලින් කව්වා වගේ තානාපති කාර්යාලයේ අය දැන් තමයි වැඩක් කරන්නේ මේ පොදු සමා කාලය නිසා. නැත්නම් මේ අය කිසිම වැඩක් නොකරපු අය මේ ගැන අපි ඉතා වගකීමකින් කියන්නේ. මේ ලඟදි දවසක අවශ්‍ය උවමනාවකට දුරකතනයෙන් කතා කරපු විගස අපේ ඇඟට ගොඩ උනා. තොපිට වෙන වැඩ නැද්ද යකෝ කියලා. වඳුරන්ට කන්නාඩි ලබුනමත් ඕක වෙනවා. දැන් මේ අයගේ පින්තුර දමාගෙන ප්‍රසිද්ද කරනවා හරියට වැඩ කරන පුද්ගලයන් කියා.(නදී)
ඕෂන්, මේකට සෞදි රජයට ස්තුති කරන්න (නි)
ලන්ඩන් නුවර අපේ එක මීට වැඩිය ටිකක් හොඳයි. කවුද මේ අය තෝරාගෙන යවන්නේ? (නි)
දැන්වත් වැරදි වැඩ කරන්න එපා (දී)
රුපියල් 11860 ක් කියන්නේ කජු ඇට කොස් ඇට නෙමෙයිනෙ.ගෙවල් දොරවල් උගස් කරලා 20% පොලියට රට යන අයට නම් දෙවියන්ගේම පිහිටයි. (නි)
මේ සල්ලි වලට වෙනස් වුන අයද? නැත්තං එහේදි මරණවා කියල බලහත්කාරෙන් වෙනස් කරපු අයද?(නදී)
අපි ඊයේ ඩුබායි ආවේ විදේෂ සේවා රුපියල් 11,860 ක් දොළ පිදේනි දීලයි. අවරුදු 10 ක් තිස්සේ අපි අවරුදු දෙකකට සැරයක් රුපියල් 3600 ක් දොළ පිදේනි දෙනවා. අරක මදි නිසා නීති වෙනස් කරලා රුපියල් 11860ක් ගසා කෑවා. ගුවන්තොටුපොළේ අසරණ මිනිසුන් මොන තරම් දෙස් දෙවොල් දෙනවද කියලා බලන්න. ගසා කනවා කියලා මෙහෙමත් ගසා කෑමක්නම් මගේ අම්මා මුත්තා කාලෙදිවත් දැකලා නැහැ. අපි අසරණ වෙලා යන්න සිද්ද වුනොත් විදේශ සේවා එකෙන් කරන එකම සේවය තමයි කටුනායක ඉදලා ගමට යන්න බස් එකට කීයක් හරි දෙන එක. දැන් අපි රට යනකොට ලක්ෂයක් විතර අරන් යන්නයි සිද්ද වෙලා තියෙන්නේ. සුබ අනාගතයක්.(නදී)
හොද වැඩක්. අපි රංජන් රාමනායක මහත්තයට අගය කළ යුතුයි මේ මිනිසුන් ගේනවට.(නදී)
අපේ හෝටල් වලට සෙනග මදි වෙලා ඉන්නේ. කාර් එකක් ගතහොත් සංචාරක කර්මාන්තයට එන්ඩත් පුළුවන්.(නදී)
මේක නම් ලොකු සහනයක් දුප්පත් අහිංසක අසරණයනට කරපු . කවුරු හෝ මැදිහත් වී මේ කරපු දෙයට ඔවුන්ට බොහෝ ස්තුතියි.(නදී)