තව දින පහකින් අවසන් වන පොදු සමා කාලය තවත් දීර්ඝ කරන මෙන් විදේශිය තානාපති කාර්යාල කහිපයක් ඉල්ලීම් කැර ඇතැයි සෞදි ගැසට් පුවත්පත කියයි.
මෙම ඉල්ලීම් කැර ඇති රටවල් අතර ඉන්දුනීසියාව,පිලිපීනය හා ශ්‍රී ලංකාවද සිටී.
කෙසේ වුවද සෞදි අරාබියේ අභයන්තර ආරංචිමාර්ග අනුව තමන් විවිධ රටවල අයත් විශාල විදේශිකයන් පිරිසක් තම ලියැවිලි නිත්‍යානුකූල කැර ගැනීමට හෝ පෙරලා මව් රටට යාමට නොහැකිව සිටින බවද වාර්තා වේ.
මේ අතර සෞදි රියාද් ශ්‍රී ලංකා තානාපති නිලධාරියකු ප්‍රකාශ කළේ පසුගිය මාස හයක කාලය තුල දොළොස්දහසක් පමණ වු ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ වන විට ඉතිරිව ඇත්තේ ඉතාම සුළු පිරිසක් පමණක් බවත් දැනට ඉතිරිව ඇති සියළුම දෙනා ආගමන විගමන කාර්යාලය මගින් ඇගිලි සලකුණූ ලබා ගැනීමේදී විගමනිකයන්ගේ දත්ත පරිගණක ගත නොවු හෝ අනිකුත් ගැටළු මත හරවා යැවු බවයි.
දැනටමත් මෙම පිරිස පිළිබදව සෞදි රජය සමග සාකච්ඡා කරමින් සිටින බවද එම නිලධාරීයා පැවසීය.
මෙ අතර සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සහ සෞදි කම්කරු අමාත්‍යංශය පවසනුයේ නොවැම්බර් 3 වැනිදා පොදුසමා කාලය අවසන් වීමත් සමග නියමිත නේවාසික බලපත්‍ර සහ අනෙකුත් ලියකියැවිලි නොමැතිව සෞදි අරාබියේ රැදී සිටින සියළුම විදේශිකයන් වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.
ඒ සදහා විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් යතුරුපැදි බලකාය ඇතුළු විශාල සිරිසක් පරීක්ෂා කිරීමට යොදවා ඇති බවත් සියළු විදේශිකයන්සතු හැදුනුම්පත් රැකියාව ආයතනය ඇතුළු සියළු ලියකියවිලි සසදා බලමින් නිතී විරෝධි සියළුම විදේශිකයන් අත්අඩංගුවට ගන්නා බවද පුවත්පත පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ හරි ලොකු රට, බලෙන් හරි ඉන්න ඕන. (ස)
ඇමරිකාවට පසුව වැඩිම විදේශිකයන් ජීවත් වෙන එකම රට සෞදි අරාබියාවයි. සෞදි අරාබියාවේ ජනගහනයට වඩා වැඩියෙන් විදේශිකයන් රැකියා කරන නිසාත් රජය තීරණය කරලා තියනවලු මිලියන 5 ක් පමණ විදේශිකයන් සෞදි අරාබියාවෙන් පිටුවහල් කරන්න. 30% කගේ විතරයිලු කම්කරු අමාත්‍යාංශය වැඩ කටයුතු කරලා දීලා තියෙන්නේ 70% ට ආපහු තම තමන්ගේ රටවල් වලට යන්න වෙයි. (ස)
ලොකු රටක් නිසා තමයි රටවල් 124 අය සෞදියේ රැකියාවල් වල නිරතවී තමුන්ගේ ජීවිතේ හදා ගන්නේ. 2012 දී ලංකාවට ආපු වැඩිම විදේශ විනිමය ආවේ සෞදි අරාබියෙන් ඩොලර් කෝටි 200 ක්. අර සේනාව වගේ පණ්ඩිත කතා නම් තියෙනවා ඒ වුනාට සිංහලයන් වැඩියෙන්ම වැඩ කරන්නේ මැදපෙරදිග මුස්ලිම් රටවල් වල මිසක් වෙන රටවල් වල නොවෙයි. ඔය අරාබියෙන් එන විදේශ විනිමය නැත්නම් ලංකවටම දෙයියන්ගේම පිහිට තමයි. දෙයිය්නගේ පිහිටත් ලැබෙන්නේ නැහැ. තව ටික කලක් යනකොට තේරේවි. (නදී)
ඉක්මනට අත්අඩංගුවට ගන්න. (ස)
ඇයි ජෝන් ඔයාට මොකද තියෙන හදිස්සිය? (නදී)