ආණ්ඩුව විවෘතව ක්‍රියාකරන්නේ නම් ව්‍යවස්ථා වෙනසකට මෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනයට වුවද තමන් පක්ෂ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පොදු එකඟතාවයකට ඒමට ප්‍රධාන පක්ෂ දෙකට හැකි නම් එය ජයග්‍රහණයක් වන නමුත් එම දෙපාර්ශ්වයේ වුවමනා එපාකම් අනුව පමණක් එම ක්‍රියාවලිය සිදුකිරීමට ගියහොත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි නොවනු ඇතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා කියයි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හා ඒකීයභාවය ආදී කාරණා මතුකරමින් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමට ඇතැමුන් උත්සාහ දරන බවට චෝදනා කළ හෙතෙම මෙම ජාතික කාර්යේදී ගැටුම් අවම වන පරිදි හැසිරීමට ජනමාධ්‍යට ද වගකීමක් ඇතැයි අවධාරණය කරයි.

පොදු විපක්ෂයේ තවත් පිරිසක් කීවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එකඟ නොවන බවයි.