මෝල්ටාවේ පැවැත්වෙන 24 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සඳහා සිය වල්ලභ කුමාරයා වන පිලිප් කුමරු සමග මෝල්ටාවට සම්ප්‍රාප්ත වූ එළිසබෙත් මහ රැජන (89) මෝල්ටා අගනුවර දී මහත් හරසරින් පිළිගත් ගැණිනි.
පොදු රාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහි සිටින රාජ්‍ය නායකයන් 35 දෙනා අතර වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය නායිකාව වන මහ රැජනගේ ප්‍රධානත්වයෙන් අද සමුළුව ඇරැඹේ. ‘ ජගත් හරය එකතු කිරීම‘ මෙම සමුළුවේ තේමා පාඨයයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන අද සමුළු සභාපති ධුරය මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් මහතාට පැවරීමට නියමිතය.
මේල්ටාවේ වේලාව දැන ගැනීමට ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට පැයක් එකතු කළ යුතුවේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 17 සිට 22 දක්වා උෂ්ණත්වයක් මෝල්ටාවේ මේ දිනවල පවතී.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනුකි ඔබගේ දැනුමේ තරම ගැන අපට කනගාටුයි (බ)
සනුකි වගේ අයද මහින්ද මහත්තය වටේ හිටියේ (බ)
සනුකි මෝඩද (බ)
මහින්ද මහත්තය ලංකාවට අරගෙන දීපු සභාපතිකමවත් රැක ගත්තේ නැහැ. (බ)
තව කොහෙද බඩු මිල අඩු කරන්නේ ? (බ)
මෙවර සිදුවෙන දේ පිළිබඳව අපි බලාසිටිමු (නි)
ජයවේවා! (නි)
සනුකි,ඔබේ දැනුමේ ප්‍රමාණය ලොවට ප්‍රදර්ශනය කරන්න එපා. මහින්ද මහත්තයාටයි සභාපතිකම රැක ගන්න බැරි වුනේ.මොකද එයා ලංකාවේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ නිසා.පොදු රාජය මණ්ඩල සභාපති කම කාටවත් සදාකල් තියා ගන්න බෑ.ඒක රොටේටින් සිස්ටම් එකකට ලැබෙන්නේ. ලංකාවේ නියමිත කාලය අවසන් නිසා එය මෝල්ටාවට හිමිවන්නේ. (බ)
මොන මහත්තයා අරගෙන දුන්නත් හැමදාම තියාගන්න බැහැ සනුකි. මෝල්ටා මහත්තයාටත් අවුරුදු 4යි (නි)
සනුකි, සභාපතිකම හැමදාම තියාගන්න එකක් නෙමෙයි. එය ඊළඟ සමුළුව තිබෙන රටට හිමිවෙනවා (නි)
සනුකිට නම් බොහොම තරහා ගිහින් වගෙයි (නි)
සනුකි, නොදන්නා දේවල් කතාකරලා ඇයි අමාරුවේ වැටෙන්න හදන්නේ? (නි)
මහින්දගෙ චෝගම් එකට මහරැජිණ ඇතුළු බලවත් නායකයන් සියලු දෙනා ආවේ නැහැ. ඔන්න ඒ කාලේ අපිට තිබුණ පිළිගැනීම. සනුකිට මතකද දන්නෙ නැහැ, බෙන්ස් කාර්, බස් ගෙනවිත් කළ වියදම්... (නි)
මගේ රට ගැන හිතට ආඩම්බරයි (නි)
දිල්ශාන් හරියටම හරි (නි)