ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවරදී 2014 ජුලි 23 වෙනිදා ආරම්භ වන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ‘රැජිනගේ යෂ්ටිය‘ අද සවස ශ‍්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.
මෙය පොදු රාජය මන්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් හරහා ගෙන යන දුත පිරිසේ ප්‍රධානියා වන ලුයිස් රෝසා මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් දි සිල්වා මහතා වෙක බාර දෙනු ලැබීය.
ක‍්‍රීඩා උළෙල ඇරඹීමට පෙර දින 248 ක් පුරා මෙම යෂ්ටිය සියළු පොදු රාජ්‍ය මන්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් 70 ක් හරහා රැගෙන යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජනී, මමත් කල්පනා කළේ එයයි. මෙය රටවල් සමුහයක් අතර පවතින මිතුදමක් සනිටුහන් කරන අවස්ථාවක් බව බොහෝ දෙනෙක් නොදන්නා බවක් හැඟෙයි. මෙය අපේ ක්‍රීඩකයන්ට කරනු ලබන ඇරයුමකි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් ලෙස සළකා මෙම සංකේතය ( යෂ්ටිය ) ලංකාවට එවීම ගැන අපි ආඩම්බර විය යුතුය. නැත්නම් අපි කොන් වූ ජාතියක් බවට පත් වනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවද එවැන්නකි. (නි)
රට ගිනි තියන එකක් නැහැ නේද? (අ)
ලෝක රාජ්ජ නායක සමුළුවක් ලංකාවේ පවත්වන්නට ලැබීම ගැන නම් සතුටුයි .ඒත් මේ අධිරාජ්‍ය හෙවනැලි වලට නම් කැමති නැහැ. (නදී)
කට්ටිය කවුරුවත් කියලා දෙන්නේ නැද්ද යෂ්ටිය කියන්නේ මොකක්ද අනේ? මේක මහා බල සම්පන්න දෙයක්ද? යගදාව කියන්නෙත් මේකටමද? (නි)
අචිනි, පේනවා! පේනවා!! ඉතින් මොකක්ද කරන්න කියන්නේ?ඕව ගැන කතා කරලා අම්ම අප්පා දූ දරුවෝ අහිමි කර ගෙන ඉන්න රට කුත් නැතුව ගියා නම් මොකද වෙන කරන්න තියෙන්නේ. රැජිනගේ කට්ටිය යනකොට බාරදීල ගියා කට්ටිය ඒකම කරනවා ඊට වැඩිය හොඳට. ඔයාට හරි පුදුමයි නේද අචිනි?.(නදී)
මහ රැජින නොපැමිණියත් යෂ්ටිය ලංකාවට එව්වනේ,ඒක ලංකාවට ආඩම්බරයක්. (නි)
රංජනී, ලුම්බිණි, සම්ළුවලට ලොකු වියදමක් යනවා නේද? කොහොමද අපි වගේ පුංචි රටක් ඒක දරාගන්නේ? (නදී)
ඔය සැණකෙළියෙන් පස්සේ තවත් කෝටි ප්‍රකෝටිපතියෝ බිහි වේවී.ගිය වියදම් වලට හරියන්න පාන් කෑල්ලට,පරිප්පු ටිකට,බත් ටිකට තවත් බදු ගහලා අසරණ මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. (නි)
ඩිල්ෂාන්, ඔය වගේ සමුළුවක් ලංකාවේ තියෙන්න ලැබුණ එකත් අපේ පුංචි රටට ලොකු ආඩම්බරයක්. ලංකාවේ පාරක යන්න බැරි ගිනි ඇවිලුන කාලය අමතක කරන්න එපා. යුධ ගිනි නිවලා කෙටි කාලයකට පස්සේ මෙවන් සමුළුවක් තියන්න ලැබීමත් අපේ වාසනාවක්. ලෝකයේම අවධානය අපේ පුංචි රටට ලැබෙනවා. යුද්ධයක් නිසා මොන වියදමක් දරාගත්තද....? (නි)
ඔය යෂ්ටිය අයිති අය අපේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය,දේපල. කොල්ල කෑවා අවුරුදු සිය ගණනක්. රැජින දැන් අපේ රටේ නායිකාව නෙවෙයි. (නදී)
මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ?මෝඩකමට බෙහෙත් නැතිලුනේ. රට අල්ලන්න නෙවේ යෂ්ටිය ගේන්නේ හොදින් තේරුම් ගන්න. අපේ රටට ආඩම්බරයක්! මින් පෙර නොව්න දේවල් ජනාධිපතිතුමා කරන්නේ.ලුම්බිණි කියල තියන දේම තමා කියන්න තියන්නේ.(නදී)
යෂ්ටිය කියන්නේ මොකක්ද අනේ?(නදී)
‘රැජිනගේ යෂ්ටිය‘ පරිස්සන් කර ගන්න. (නදී)
මෙම පොදු රාජ්‍ය මන්ඩලයේ පැවැත්වෙන සැණකෙළියට පස්සේ මහජන මුදලින් ගත් කෝටි ගණනින් වටිනා අදි සුඛෝප භෝගී කාර් වලට මොකද වෙන්නේ? කට්ටිය බෙදා හදා ගන්නවද?නැතිනම් ප්‍රසිද්ද වෙන්දීසියේ දානවද?(නදී)
හැබෑටම ඕක රත්තරන්ද?ගොඩාක් වටිනා එකක්ද? පරිස්සමින්.(නදී)
බිම්බිසාර, ඔයාගේ අදහස ගැන හරිම පුදුමයි. දැන් ඉන්න සමහර අය රටේම තියන සම්පත් කොල්ල කනවා. නීතිය ගැනත් හිතන්නේ නැහැ. ඒවා පෙන්නේ නැද්ද ?(නදී)
යස්ටිය තියන්න ආදාරකයක් වත් ලෑස්ති කරලා නැහැ. පුටු සැටිය උඩ තියලා තියෙන්නේ. පුදුම නිලදාරීන් පිරිසක්. ලැජ්ජාවේ බෑ (නදී)
ටිකිරි බණ්ඩා, ඒවා ඉතින් කාගේ "යෂ්ටිය" බවට පත් වෙයිද කියල හිතාගන්න බැරිද? . (නදී)
ආහාර නොමැතිව කුසගින්නේ ලක්ෂ ගණන් මියයන ලෝකයට දැනට තියෙන අඩුව ඔය වගේ යෂ්ටියක් තමයි. (නදී)
රංජනී, ඔයා ප්‍රදර්ශනය කරන්නේ ඔය බෙහෙත් නැති රෝග ලක්ෂණයම තමයි. (නි)
මේ අදහස් ලියපු බොහෝ අය ගැන දැනෙන්නේ ඉතාම කණගාටුවක්. (නදී)
තව ඉදිරියට රටට මොන මොන ගිනි සිළු ඒවිද දන්නේ නැහැ නේද? (අ)