පොදු රාජ්‍ය මණ්ඩලයේ නව මහ ලේකම් ලෙස බ්‍රිතාන්‍යයේ බරොනස් පැට්‍රිෂියා තේරීපත්ව සිටින්නීය. හිටපු මහ ලේකම් කමලේෂ් ෂර්මාගේ වසර හතරක සේවා කාලය මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් අසන් විය. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් තනතුරට කාන්තාවක් පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඩොමිනාකාවේ උපත ලබා ඇති බරොනස් පැට්‍රිෂියා නීතිඥවරියකි. ඇය දැන් 60 වැනි වියේ පසුවන්නීය. මාධ්‍ය හමුවකට එක්වෙමින් නව මහ ලේකම්වරිය කියා සිටියේ එම තනතුරට පත්වූ ලොව ප්‍රථම කාන්තාව වීමට හැකියා ලැබීම ගැන ආඩම්බරයක් ඇති බවයි. ගෝලීය වටිනාකමට නව ශක්තියක් එක්කරමු යන පොදු රාජ්‍ය මණ්ඩලීය තේමාව වඩාත් අර්ථවත් කිරීමට තමන් කැප වන බව ද ඇය කියා සිටියාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd