ඉකුත් ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයට සාපේක්ෂව ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය ඉතාම පිරිසිදු එකක් බව පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.
මේ දක්වා කාලය තුළ මැතිවරණයට තරඟ කරන සියලු පාර්ශවයන් අගයන වාතාවරණයක් නිර්මාණය වී තිබෙන අතරම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පරිසරයක් දක්නට ලැබෙන බව එම පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී,මෝල්ටා රාජ්‍යයේ හිටපු ජනාධිපති අචාර්ය ජෝර්ජ් අබේලා මහතා කියා සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝර්ජ් අබේලා මහතා කියා සිටින්නේ 17 පැවැත්වෙන මහමැතිවරණය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් නිරීක්ෂණය කරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා ඉතාම ස්වාධීන ආකාරයෙන් කටයුතු කරන බවත්ය. එසේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශක්තිමත් කරමින් ඡන්දය පාවිච්චි කරන්නැයි තමා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි පරම්පරාව සතුටු වෙයි මේ වෙනස ගැන. සතුටුයි වෙනසක් කරගන්න පුළුවන් වුණ එක ගැන. රටක් දියුණු වෙනවා කියන්නේ පාරවල් හදන එක විතරක්ම නෙමෙයි.(ම)
අපිටත් හරිම සතුටුයි (නි)
ඔන්න යහපාලනයේ ප්‍රතිඵල. කවදාද මේ රෙට් මේ වගේ ඡන්දයක් තිබුණේ? මහින්ද හිටියා නම් දන්සල් ගොඩයි. කටවුට් ගොඩයි. දෙවියන්ට පින්සිද්ධ වෙන්න මහින්ද 8 වෙනිදා පැරදුවේ. (නි)