තංගල්ලේ කාල්ටන් නිවසේ ධර්ම දේශනයක් අද (03) පැවැත්විණි. අරලියගහ මන්දිරයේ පෝදා පැවැත් වු ධර්ම දේශනය සෑම පසළොස්වක පොහෝය දිනකම එහි පැවැත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ ආරංචි කියයි.
ධර්ම දේශනය පැවැත්වුයේ ඔමාරේ කස්සප හිමියන් විසිනි.මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද බණ ඇසීමට එක්ව සිටියහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දවසේ අරලියගහ මන්දිරයේ බණ 132ක් පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ අසා නිවන් යමු (නදී)
බෞද්ධ නායකයෙකුගේ සැබෑ බෞද්ධකම. අපේ ආචාරය (නදී)
ජනපතිතුමනි, ඔබ තුමාට තෙරුවන් සරණයි (නදී)
ඔබට ජයවේවා (නදී)
ඔබ තුමාට තෙරුවන් සරණයි (නදී)
දැන් පිනක් දහමක් කරගෙන ඉන්න ඕනේ කාලේ.(හේ)
ඔබට තෙරුවන්සරනයී මාගේ ජනපති තුමනි (නදී)
අපට මේ බන බලන්න විදියක් ඕනේ.(හේ)
හරි සිංහල බෞද්ධයා කොතන ගියත් බුදු සිරිත් වෙනස් කරන්නේ නෑ. (නදී)
සැමදාම අපි ඔබ තුමා සමගයි (නදී)
"තණ්හාය ජායති සෝකෝ" මහින්ද මහත්තයෝ. අවරුදු 70 කියන්නේ පිනක් දහමක් කරගෙන යන තැනක් ගැන හිතන කාලේ.ඔන්න ඔහේ ගෙදරට වෙලා බණක් අහලා පිනක් කරගන්න. (හේ)
බන අසනවා සේම අසන බනෙහි විදියට ජිවත් වීමත් කරා නම් ඔබ තුමා තවමත් රටේ ජනාදිපති. (නදී)
එහෙම තමා සිංහලයේ සැබෑ නායකයින්. අරලියගහ මන්දිරයෙත් පසළොස්වක පෝයට මෙම වැඩසටහන කලේ මෙතුමා. යහපාලන නායකයෝ ඕව කරන්න යන එකක් නෑ. (නදී)
නවන් පුන් පොහොදිනේ බුදු දහමක් දෙසුවා මහින්ද මැතිදුන් හා ජනයා කුසල් ඉපදුවා කාලගුණ නොදත් සිංහලයින් නරකම දුටුවා දහමට මෙන්ම එතුමාටද අවමන් කෙරුවා'(හේ)
අපේ ජනපතිතුමනි, ශ්‍රේෂ්ඨයි ඔබ. දැනෙනවා හිතට අපි තනිවෙලා වගේ. සෑම පසලොස්වක පොහෝදා දිනකම අරලියගහ මන්දිරයේ ඔබ තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු ධර්ම දේශනයට රූපවාහිනියෙන් සවන්දුන් අයෙක්මි මා. එහෙත් අද ...? තෙරුවන් සරණයි ඔබ තුමාට. (හේ)
මිත්‍යා දෘෂ්ටිය හා සිංහල ජාතියට වින කිරීම සුළු ජාතීන්ට රට අල්ලා ගන්න දීම පව් බව මේ හාමුදුරු වරු කියල දෙන්න ඕනේ බය නැතිව ? (නදී)
ජනපතිතුමනි, ඔබතුමාට සැමදාම හොද කෙලෙහි ගුන දන්න මිනිසුන්ගෙන් සුභාශිංසනය ලැබේවා. අපේ රටේ බඩ ගැන හිතපු අයට ඉස්සරහට බඩ යයි . රටට දෙවියන්ගේම පිහිටයි. හරිම දුකයි රට ගැන. (නදී)
දැන්වත් ජීවිතය තේරුන් ගත්තොත් හොඳයි. සියලු දේ අනිත්‍යයි. අපි කවදා හරි මැරෙනවා. එතකන් ජීවත් වෙන්නයි ඕනේ. හොරකන් මැරකන් වැඩක් නෑ (නදී)
මහින්ද මැතිතුමා සැමදා අමරණීය වේවා. මේ තරම් විවේචන මැද නොසැලුණු ඔබතුමා අපිට ආදර්ශයක්. ඔබතුමාට සම කළහැකි නායකයෙක් පෙනෙන තෙක් මායිමකවත් නැත. ඇතැමුන් ඔබට දොස් පවරන්නේ ඔබ වැරදි කළනිසා නොව, ඔවුන්ගේ ඉරිසියාව සහ නොහැකියාව වසා ගන්නටය. මේ තාවකාලික විවේකය ඔබට ශක්තියක් වනු ඇත. (නදී)
ආගමික සිරිත් විරිත් පිළිපැදීම හොඳයි.නමුත් පුද්ගලිකව මහජන මුදල් නාස්ති කරල කරන පින්කම් වලින් සිද්ද වෙන්නේ පව්. බොරුවට ප්‍රචාරය කරන්න අවශ්‍ය නැහැ. ප්‍රචාරයටත් මහජන බදු මුදල් නාස්ති කරන එක තමයි කලේ. (නදී)
යහ පාලනයක් ගැන බලාරොත්තු තියං හිටිය එකේ නම් වරදක් නෑ. හැබැයි බටහිර බලපෑමෙන් රටට වෙන්න යන දේ තාම තේරෙන්නෙ නැති එකනෙ පුදුම. තේරෙනකොට පරක්කු වැඩියි කියල හිතුවට මොකද මේ අයට පමා වෙලාවත් අවබෝධ වෙන්නෙ නෑ වගේ. දින 100 අවසානයෙදිවත් තේරුම් අරන් වෙච්ච වැරැද්ද හදාගමු. හිටපු ජනපතිගෙන් උන සුළු වැරදි දැන් ඔහු අවබෝධ කරං ඇති. පාලනය යහ වෙලා මොකටද රටෙන් කෑල්ලකට විතරනං. තිබුණ පාලනේ මොකක් උනත් මුළු රටටමනෙ.(නදී)
ඉස්සර වගේ මිනිස්සු පිරිලල නැහැනේ බලය තියෙනකම් එහෙම තමයි (නදී)
මෛත්‍රිපාල ජනාධිපති තුමා නම් කවදාවත් බුද්ධාගම විකුණගෙන කන්නෙත් නැහැ. එතුමාගේ චන්ද දායකයෝ බුද්ධිමත්. (නදී)
ඔබ තුමාගේ නාමල් පුත්‍රයාගේ වැඩ පිළිවෙලත් ඔබගේ පරාජයට යම් තරමකට වත් හේතු උනා කියල හිතෙනවා. (නදී)
තෙරුවන් සරණයි. නැවත ඔබ එනතුරු අපි මග බලා සිටිනවා.(නදී)
අපට ඔබතුමා මෙසේ දකින්න ලැබීමත් සතුටක්. මෙවර ඔබතුමාගේ නිවසේ ධර්ර්ම දේශනාව පැවැත්වීම ගැන අපි හරිම සතුටෙන් සිටින්නේ. ඉදිරියටත් ඔබතුමා කරගෙන ආව සියලු වැඩ ඒ අයුරින්ම කරගෙන යන්න හැකියාව ලැබේවායි අපේ පැතුමයි. (නදී)
පරම්පරා ගණනක් රැවටුණා ඇති. දැන්වත් ජාති ආගම කුල අමතක කරලා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගමු. (නදී)
මෙතන තියෙන කමෙන්ට්ස් වලින් පේනවා බොහෝ අය දැන් සැබෑ තත්වය තේරුම් ගත්ත බව. හැම දෙයක් දිහාම හරි කෝණයෙන් බලන අයට මේ තත්වයන් තේරුම් ගැනීම අපහසු නැහැ. ගෙවූ කාලය නැවත ලබා ගැනීම ලේසි නැහැ. නැති වූ විශ්වාසයත් එසේමයි. බුදු බන නිවැරදිව තේරුම් ගෙන හදවතින්ම කටයුතු කලානම් මෙසේ වෙන්නේ නැහැ දැන්වත් හදවතට කතා කරන්න (නදී)
බන අහල විතරක් මදි. බුදු දහමට අනුව කටයුතු කලා නම්, බුදු දහමේ උගන්වන දේ පිලිපැද්දානම් අද ඔය ඉරණම අත් වෙන්නේ නැහැ කියල දැන්වත් තේරුම් ගත්තොත් තමයි හොඳ (නදී)
ඔබතුමා රජුන්ගේත් අවසන් රජු. නිහාල් ඔබ ගැන පුදුම කනගාටුවක් දැනෙන්නේ. එතුමා කරපු පාපයන් ඇත්නම් ඒවා ගෙවන්න යුද්දේ දිනලා අපිට ලබා දීපු නිදහසම ඇති. ඒ පිනම ඇති. මැරිල ඉපදුන මිනිහෙක් විදියට හිතන්න එපා. (නදී)
බන අහන්න නම් හරිම ලේසියි, ඒ අහන බන පිළිපදින එක තමයි අමාරු. (නදී)
අනේ අපේ හාමුදුරුවනේ, ඔය බණට කියල දෙන්න මෙන්න මේ ටිකත්. ඕනෑම රජෙක් සතු කුමන කුසලතා ඇතත් තම රාජධානියේ රාජ පුරුෂයන් රජයේ දනය සොරා කන්නේ නම් නාස්ති කරන්නේ නම් එම රජු රජකමට නුසුදුස්සෙක් වන බව...මෙය ගෞතම බුදුන්වහන්සේ වදාල සේක (නදී)
බැසිල් කියා සහෝදරයෙක් , නාමල් කියා පුතෙක් , සජින් , ජොන්ස්ටන් කියා ගෝලයෝ නොසිටිය නම් ඔබ අදත් අපේ ජනපති (නදී)
අර අරලිය ගහ මන්දිරයේ දුන්න වගේ දන්සලත් දෙනවද? එහෙම නම්, ලබන පෝයට අපිත් එනවා ඒ දන්සල වඳින්න. (නදී)
හරි හරි සමීර උපාසක මහත්තයෝ, උන්වහන්සේ එහෙම දහම් දෙසාවී. ඔබ තුමා ඔය බන මේ ඇමති මණ්ඩලයටත් අහන්න සලස්වන්න. (නදී)
ඔබට තෙරුවන් සරණියි ජනාදිපතිතුමනි. ඔබට නැවතත් රටට සේවය කරන්න ලැබේවා (නදී)
වැඩිකල් නොගිහින් මිනිස්සු ආපසු මහින්ද රාජපක්ෂව රටේ නායකයා කරනවා. එතුමාගේ ආණ්ඩුවේ තිබුණු සුළු සුළු වැරදි හදාගෙන නැවත මේ රට පාලනය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා. ඔය බොරුවට සිල් අරගෙන වගේ කතා කරන නායකයෝ රගපෑමක් කරන්නේ. කට්ටියට තේරෙයි රටට කෙලවෙලා යනකොට (නදී)
අපේ රටේ අනුවනයන්ට වැඩි කල් නොගොස්ම නුවන පෑදේවා. එතෙක් අපි ඉවසා සිටිමු. ඔබ තුමාට තෙරුවන් සරණ පතමි. (නදී)
සමහර කොමෙන්ට් දකිද්දී ලංකාවේ ඉන්නේ මොනතරම් ලේසියන් රවටන්න පුළුවන් මෝඩ මිනිස්සුද කියල පේනවා. සිංහලයෝ මේ තරම් දීන මෝඩ ජාතියක් උනේ කවද ඉදලද කියල තේරුම් ගන්න බැහැ. ඕන හොරකමක් දුෂණයක් කරලා බණක් කිව්වම උපාසකයෙක් කියල පිළිගන්න තරම් අපේ මිනිස්සු හරක්ද. ලැජ්ජයි මේ වගේ ජාතියක් ඉන්න රටක ඉපදිච්ච එක ගැන. වැරදි කරපුවම වැරදි කියන්න බැරි කොන්ද පණනැති දීන මිනිස්සු වෙන්න එපා. (නදී)
බන අහල විතරක් මදි. බුදු දහමට අනුව කටයුතු කලා නම් ? (නදී)
රුසියානු චිංචි මානවිකාවන් ගෙනල්ල දළදා මාලිගාව වටේ නටවල නයිට් රේස් තියල ඔබ තුමා කළ පුණ්‍ය කර්මවල ප්‍රතිඵල තමයි මේ. (නදී)
අසරණ ජනතාව අන්ත දුක් විදිද්දී බදු පිට බදු ගහල ලෝකයේ සතර දික්බාගයේ තිබෙන බැංකු පුරවල දැන් බන අහනවා. අනේද කියන්නේ? (නදී)
මෙහි තියන සමහර කොමෙන්ට් දුටු විට පුදුමයි. මෙතුමාට චෝදනා ගේනවා පලියට වරදකරුවෙක් කරලත් ඉවරයි. යුද්දේ ඉවර කරලා බේරපු ජීවිත ටිකම ඇති ඔබතුමාට. ඔබට තෙරුවන් සරනයි. දීර්ගායුෂ! (නදී)
ටික කාලෙකින් තේරේවි හැමෝටම රැවටුණේ කවුද කියලා (දිල්)
ජයසේකර මාමේ, මෙතුමා රජුන්ගේත් අවසන් රජු ,කීවේ කොසොල්මහ රජා ගැන හිතලද? මුවෙක් පස්සේ දුවපු තිස්ස ගැන හිතිලද කියන්ඩ කෝ. (නදී)
රටේ අසරණ මිනිසුන්ට එදා වේල කන්න නැති වුනාට හිටපු ජනාධිපතිගේ වත්කම රුපියල් කෝටි වලින් ලක්ෂ 120ක් කියා අන්තර්ජාලයේ පෙන්වා තිබුනා (නදී)
ඔබට සදා ජය (නදී)
මේ වගේ දේවල් කොහේ කවුරු කලත් හොදයි (දිල්)
දේශපාලනයේ පොඩි එකත් පටන් ගන්නේ රුපියල් ලක්ෂ 66,500 කින්. දැන් රටේ මිනිසුන් හොදටම දැනුවත්. (නදී)
අරලියගහ මන්දිරේ බණ වාර 132 ක් කියල තියෙනවා. ඒත් ඒව ළමයි හුරතල් කරනව වගේ සංදර්ශන විතරක් වෙච්ච එකයි වැරැද්ද. අඩුම ගානෙ ජනාධිපතිවත් ඒ බණ අහල , ටිකක් හරි පිළිපැද්ද නම් මෙහෙම වෙයිද. ගොපල්ලෙක් ගවරැල පාලනය කළයුතු විදිහ පිළිබඳ උපමා කරමින් මීට කාලෙකට ඉස්සර අපූරු බණක් කිව්ව එතන. හැබැයි ඊටපස්සෙ නාගවිහාරෙ සෝභිත හැමුදුරුවන්ට අරලියගහ මන්දිරේ බණට නම් ආරාධනා කළේ නෑ මම දන්න විදිහට. (නදී)
නිහාල්, මානුෂිය මෙහෙයුමෙන් ජයග්‍රහණය කලත් තවම මොළ හෝදපු මිනිසුන් ටිකක් ඉන්නවා. මම හිතන්නේ පුනුරුත්තාපනය කරලවත් හදන්න බැලුවොත් හොදයි. (නදී)
තුවාන් බබා, තව මාස දෙකක් මොකටද දහවෙනිදා වෙනකොට තේරිලා තියෙයි. පැරදුනේ මන්,- නැති උනේ මන් -,උඹලට නම්.- මොකද ඉතින්" කියලා. (නදී)
ඔබ තුමාට දළදා සමිදුගේ සරණ ලැබේවා. නුවර අපිට ඔබ තුමා වෙනුවෙන් පැතිය හැකි ඉහලම පැතුම දළදා පිහිට පමණි (නදී)
හොඳ දේ හොඳයි කියන්න ඕනා. එ්ත් ජයසේකරලා වගේ අය හිතන විදියට යම් හොඳක් කරලා ගොඩාක් වැරදි කලාම ඒ කල එක හොඳ දෙයින් අනික් කල සියලු පව් අහෝසි වෙනවද? ඔබ වගේ අඳ බාලයින් ඉන්නා තාක් මේ රට නැවතත් ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාරණයක් නොවනු ඇත (නදී)
දේශය දිනා දුන් නායකයාණෙනි, ඔබ තුමා ඇතුළු පව්ලේ සැමට තෙරුවන් සරණයි (නදී)
අනේ බන්ඩෝ පව් කරපු කෙනෙකුට දෙවරක් ජනාධිපති වෙන්න පුලුවන්ද? බණ්ඩාගේ ටිකිරි මොලේ (නදී)
මේ වගේ දේවල් අගය කළ යුතුයි කවුරුන් කළත් කොහේ කළත් දැහැමි සිතින් කරන දේවල් මේවා (දිල්)
කොයි තරම් කළත් වැඩක් නෑ (දිල්)
මෙතැන තියෙන සිංහල නම්වලින් වැටිලා තියෙන කොමෙන්ට් දැක්කම කලකිරෙනවා. ඔය කළා කළා කියන හොරකම් ඔප්පු කරලා පෙන්නන්න ඔය කියන කාටවත් බැහැනේ. 2005 දි මිනිස්සුන්ගේ තිබ්බ මරණ බිය තුරන් කරපු පිනම ඇති මෙතුමාට. සිංහල දෙමල මුස්ලිම් කතෝලික හැමෝගෙම මරණ බය. අනික කෝ ඔය හම්බු කරපු දේවල් (නදී)
මේකේ ප්‍රතිචාර දක්වන හැමෝම කියන්නේ එක්සත් ජාතික පක්ෂේ ඉන්නේ බොහොම හොඳ මහත්වරු කියලා. ලංකාවේ මිනිස්සුන්ටත් ජනතා විමුක්ති පෙරමුණේ අයටත් 88 89 මතක නැහැ. කාටද කියන්න පුළුවන් අාපහු එහෙම නොවෙයි කියලා. මහජන දේපොළ කුනුකොල්ලෙට විකුනපු හැටි මතක නැහැ. දැන් මේ මෝඩයන්ට පේන්නේ ලෝකේ ඉන්න ලොකුම අපරාදකාරය මහින්ද කියලා (නදී)
බලය ගන්න හිතාගෙන ගොතපු බොරු වලට අපේ මෝඩ සිංහල මිනිස්සු කොපමණ රැවටිලාද හිතෙනවා සමහර ප්‍රතිචාර දැක්කම (නදී)
හැම පෝයටම බන අහලා මිනීමරන එකම රට ලංකාව බව අමතක කරන්න එපා. (නදී)
ගෙදර බන අහන්න එන හැමෝටම දවල් දානේ දීලම යවනවා නම් වැඩේ අව්‍යාජ බව පෙනෙනවා. (නදී)
මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නම් ඔච්චර බණ ඇහුවේ නැතත්, අයවැයෙන් බඩුමිල අඩු කල එකම ඇති එතුමාට නිවන් යන්න. මෛත්‍රී මහත්තයට පින්සිද්ධ වෙන්න අපිට දැන් දන්සල් වලින් කන්න ඕන නැහැ. (නදී)
හරි හොඳයි (නදී)
මෛත්‍රී ගැන මතක් වෙද්දි හිත එකලස් වෙන්නෙම නෑ නේද ජනාධිපතිතුමනි.
බන අහන එක නම් හොඳ දෙයක් (නදී)
බිය නොවනු ඔබ රටට ආදරය කරන මනුස්සයෙක් ඊලග අගමැති (නදී)
රටේ ජනතාව ඔබට කියපු බන ඇහුවා නම් ඔබ අදටත් මේ රටේ නායකයා. ගෝලයෝ ටික කරපු අමන වැඩ වලට දඬුවම් කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. අන් මතයට ගරු කළා නම් ඔබට තව දිගු ගමනක් යන්න තිබුනා. (නදී)
"සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා...." දැන්වත් වටහා ගත්තොත් පරලොවටවත් හොඳ වේවි. (නදී)
පිටරට වල සිට කමෙන්ට්ස් දාන අයට වඩා කොළඹ ජිවත්වන අපියි ඇත්ත තත්වයට සැබෑ ලෙස මුහුණ දෙන්නේ, සත්‍ය දකින්නේ. මාධ්‍ය වල දැක්කේ රජය මෙහෙයවන අාකාරයින්. මහින්ද මහත්තයට ඡන්දය දුන්න අය ලොකු විශ්වාසයකින් එතනට ගෙනාවේ. කතා කරන මමත්. එහෙත් පසුව ධනය බලය හමුවේ මාර්ගය වෙනස් වූ හැටි අපි අත් දැක්කා. ඇත්ත තත්වය ඔය සියල්ලන්ම හොදාකාරව දන්නවා. නීතියේ යාන්ත්‍රනය බලල අත්වලින් මිදී නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන දාකට සැවොමට සත්‍ය කුමක්දැයි විනිවිද දකින්න පුළුවන් වෙයි. එතෙක් ඉවසා සත්‍ය දකින්න. (නදී)
මෙි පින්තූර වලින් පෙනෙන විදිහට ඔබ රජෙක්. තවමත් ඔබේ රජකම මැකී නෑ. (නදී)
ජයසේකර, ලංකාව අන්තිමට රජ කෙනෙක් විසින් පාලනය කලේ දැනට වසර 200 කට විතර පෙර බවවත් දන්නේ නැත්ද ? (නදී)
බණ අහ අහ ඉන්නේ නැතුව මෛත්‍රීට අභියෝක කරන්න ක්‍රමයක් හෙව්වොත් නරකද?
වික්ටර් අයිවන් ලිව්වේ එක පොතක් විතරයි. මට පොත් 100 ක් ලියන්න ෆොටෝ සහිතවම කරුණු කාරණා තියෙනවා. මෝඩ මිනිස්සු ඉන්න රටක මොනවද කරන්න බැරි. (නදී)
ඔය විදිහට බන අහන රට "කුඩු රාජ්‍යක් වුනේ කොහොමද? (නදී)
ධර්මය අසන්න - ධර්මයෙහි හැසිරෙන්න! (නදී)
අර ඡන්දෙ දවසේ මෛත්‍රිපාල මහත්තය වගේ විකට නළුවෙක් මෙතුමා ලඟින්ම හිටිය නේද? එයා කෝ? එ්කත් මේ බණ පදවල තිබුන සංකල්පයක්ද? නොදන්නා නිසයි අහන්නේ? (නදී)
අදහස් වලින් රටේ අසරණ මිනිසුන්ගේ මොළ පාදපු පිනම මට නම් ඇති. නැති නම් කෝටි ප්‍රකෝටි ගණනින් රටේ මහජන මුදල් ගසා කන කම්බා හොරුන්ට තවමත් රැවටෙනවනේ. (නදී)
ප්‍රසිද්ධියේ බණ නොඅසන මෛත්‍රී කිට්ටුවෙන් වත් යන සීලයක් තබා ගත්තානම් ඔබ තවමත් ලංකාවේ ජනාධිපති. (නදී)
තමාගේ සීලය ගැන දන්නේ තමා පමණි. (නදී)
රොහාන් මහත්තයගෙන් දෙයක් අහන්න කැමැතියි. ඔබතුමාගේ බිරිඳ දියේ ගිලෙන්න යනවා. වෙන කෙනෙක් පැනල බේරාගන්නවා. එයා ඔබගේ බිරිඳ අරගෙන යන්න හැදුවොත් දෙනවද ? රට බෙරගත්ත කියල රට කන්න දෙන්නේ නැහැ දැන් ඉන්න කොල්ලෝ. (නදී)
දහමට කුසලට පුරුදු පුහුණු වූ අයට එයින් ඇත්වී සිටීමට නොහැක. .ඔවුන් කරනුයේ පවතින කුසල් වැඩි දියුණු කිරීමයි. (නදී)
හොඳ දෙය හොඳයි කියන්න. නරක දෙය නරකයි කියන්න පුරුදු වෙයල්ලා මිනිසුනේ. කුහක වෙන්නේ නැතුව. වැරදි කරපු හැමෝටම බුදු දහමෙන් දඬුවම් ලැබෙයි. (නදී)
මාදුළුවාවේ සෝභිත හිමි වරක් අරලිය මැදුරේදී කියපු 'ගව රැල දක්කන ගොපල්ලාගේ' බණ මතකද? මතක තිබුනා නම් අදත් ඔය බණ තියෙන්නේ අරලියගහ මැදුරේ නේද? (නදී)
අපේ පන්සලේ හාමුදුරුවෝ නම් අද අපට වදාළ බණ පදය තමයි " තන්හාය ජායති ශෝකෝ" කියන බණ පදය. (නදී)
කවුරු මොනවා කීවත්, පසුගිය ජනාදිපති මැතිවරණයේදී කල කී දේවල්, ඡන්ද ව්‍යාපාරයට රටේ ජනතාවගේ බදු මුදල් වැය කල ආකාරය, රජයේ දේපල, රාජ්‍ය සේවකයින් තම මැතිවරණ කටයුතු යොදාගෙන තිබු නීති විරෝධී ආකාරය, රාජ්‍ය මාද්‍ය ආයතන නින්දිත ලෙස තම ප්‍රචාරණ කටයුතු වලට භාවිතා කර තිබු ආකාරය, ලංගම බස්රථ අයතා ලෙස භාවිතා කර තිබු ආකාරය සහ ඇමති දැසි දස්සන් කල කී දේ ඔහුගේ 10 හැවිරිදි පාලන කාලය අතැබුලක් සේ විදහා දක්වන්නේය. මේ කොමෙන්ට් දමන කිසිම කෙනෙක් මෙය අනුමත කරනවද? (නදී)
බලාගෙන ගියාම අපේ රටේ තරම් ආගම දහමට ලැදි, දහම අනුවම හැසිරෙන, ක්‍රියාකරන දේශපාලකයින් සිටින ලෝකයේ එකම රට මේ ශ්‍රී ලංකාව විතරයි නේද? අපේම පින තමයි ඉතින් වෙන මොකක්ද? (නදී)
බොරු අවලාද නොනගා මෙතුමාට ඇති චෝදනා සාදාරන විදියට ඔප්පු කරන්න. (නදී)
සමහර සිංහලයා ගුණමකුයි. ඔවුන් කවදාකවත් පන්සලකටවත් ගිහින් නැහැ (නදී)
ඔබතුමාට හොරා කියන්නේ 88/89 මිනිමරුවන්ට කඩේ යන අයයි. ඔබතුමාට ජය නියතයි (නදී)
ඇස් කන්නාඩි ලක්ෂ ගානකුත්, සිල් රෙදීම ලක්ෂ 8 ක් බෙදලත් කෙලෙහි ගුණ නැති මිනිස්සු ඉන්න රටක්. (නදී)
මම නම් "මම දහදිය මහන්සියෙන් හරි හම්බ කර ගත්තු මුදලින්" සෑම අවුරුද්දකම දුෂ්කර ප්‍රදේශයක තියෙන අාරන්නයක වැඩ වෙසෙන මෙහෙණින් වහන්සේලාට වියලි අාහාර දානයක් දෙනවා. බොරු සෝබන ඕනේ නැහැ. ප්‍රසිද්දියක් ඕනේ නැහැ. (නදී)
ලෝකෙට පරකාසේ කියන්නේ මේවට තමා (නදී)
මහජන මුදල් ඩොලර් ත්‍රිලියන ගණනින් ගසා කාපු අය ලෝකයේ හිටිය කියල මම නම් අහලවත් නැහැ. (නදී)
කැමති අකමැති හැමෝම අද උඩ පනින්නේ මෙතුමා නිසා.(නදී)
මොන තරම් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑවත් යනකොට ගෙනියන්න බැහැ. බඩට හරියන ප්‍රමාණයට වඩා කන්නත් නැහැ. ගෙනියන්න පුළුවන් එකම දෙය තමන් රැස් කරන කුසල් පමණයි. එ්ක තමයි මම නම් දන්නා ධර්මය. (නදී)
මෙතන තියෙන අදහස් ටික දැක්කානම් ආයේ ප්‍රසිද්දියේ බනනම් අහන එකක් නැහැ. (නදී)
පසුගිය සෙනසුරාදා රුපවාහිනියේ මෛත්‍රිපාල ජනාධිපති තුමා කල ඒ හරවත් සංවාදයම අපිට නම් ඇහුනේ මහා බණක් විදිහටයි. එතුමා තුල තිබු ඒ යහපත් නැවුම් ආකල්ප, විනාශ වෙමින් තිබුන මේ ලාංකික ජන සමාජයේ විශාල වෙනසකට මුලපුරයි කියල අපිට හිතෙනවා. චාටු කතාවෙන් නොවේ ක්‍රියාවෙනුත් ඒ බව එතුමා ඔප්පු කළා. (නදී)
හාමුදුරුවනේ ඔය බන වලින් සැමදේ පැහැදිලි කරලා දෙන්න (නදී)
දේශපාලනයට එන්නේ අපේ සේවකයෝ. ඔවුන් අපි වෙනුවෙන් නියෝජන කරන්නයි අපි පත් කරන්නේ. බෙදන්නේ වැඩ කරන්නේ විය පැහැදම් කරන්නේ පඩි ගන්නේ අපේ සල්ලි වලින්. රට වෙනුවෙන් මේ කව්රුත් තමන්ගේ සල්ලි වියදම් කරලා නැහැ. එහෙනම් අපේ සල්ලි යොදවන ආකාරය ගැන අපි බලන්න ඕනේ. මේ අන්ධ බක්තිය දැන්වත් අමතක කරන්න. අපිට වැරදුනෙත් එතනම තමයි. (නදී)
ධර්මයයේ හැසිරීමට සැමට අයිතිය ඇත.ධර්මය සහ ජතිකත්වයත්, රාජ්‍ය දේපළත් බලය ලබා ගැනීමට යොදාගත යුතු නැත.ධර්මය ඇත්තේ ධර්මිෂ්ඨ වීමට නොවේද?(හේ)
ෂි ෂෙල් රටේ විදේශ ඇමති කියල තිබුනා එ් රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ආයෝජනය කරපු තොරතුරු ලංකා රජයෙන් ඉල්ලීමක් කලොත් දෙන්න පුළුවන් කියලා. ලෝකයේ තිබෙන ස්විස් බැංකුව, සෙන් ෆ්රැන්සිස්කෝ වල තිබෙන බැංකු සතු මුදල් දනස්කන්දය ගැනත් තොරතුරු දෙන්න පුළුවන් කියල තිබුනා. (නදී)
නව ජනාධිපති තුමා නම් රජෙක් වෙන්න හීනෙකින් වත් හිතන පාටක් පේන්න නැහැ. එතුමා කියන්නේ මේ රටේ ප්‍රධාන සේවකයා එතුමා කියලනේ. ඇති යන්තන් සිංහලේ අන්තිම රජතුමාටත් ජනතාවගේ කැමැත්තෙන් ගෙදර යන්න උනා. නැත්නම් ඉතින් අපි තවමත් යටත් වැසියෝ. (නදී)
ජනාධිපති මෛත්‍රී මහත්තයෝ පරිස්සන් වෙන්න. (නදී)
බන හොදින් ශ්‍රවනය කරන්න (නදී)
මෙතන ඉන්න සමහර පාට කන්නාඩි දාගත්ත අයට මෙතුමා රට වෙනුවෙන් නිර්බීතව ගත්ත තීරණාත්මක දේවල් අමතකවෙලා. ලැජ්ජා නැති සිංහලයෝ රජ කාලෙත් හිටිය අදත් ඉන්නවා. (නදී)
ඔබතුමා අසම සම නායකයෙක්. ඔබතුමා සතු ශ්‍රේෂ්ටත්වයට ලගාවිමට කිසිවෙක් පෙනෙන තෙක්මානයක නැත. (නදී)
ඇත්තටම වටිනවා මේක. ලෝකේ තියෙන එකම සිහල රට රැක ගන්න එක අපේ වගකීම. එ්කේ කොටසක් මෙතුමා කරන එක ගැන සතුටු වෙනවා ඇත්තටම. අවවාදයට වැඩ්ය ආදර්ශය උතුම් කියනවනේ. (නදී)
ඔබ තවමත් අපේ ජනපතිමයි. ඔබට තෙරුවන් සරණයි (නදී)
අනේ මන්දා මට මේක හීනයක් වගේ....(නදී)
සෝබනා, ඔය ඇස් කන්නාඩි යි සිල්රෙදියි මහාජනයාගේ සල්ලි. බොරුවට පච පතුරවන්න එපා. (නදී)
ටිකිරි බන්ඩා මහත්තයෝ, වික්ටර් අයිවන්ගේ අලුත් පොත අප්‍රේල් මාසේ පිටවෙනවාලු. පිටපත් සිමිතයිලු. දැන්ම වෙන්කරගන්න පුළුවනි. (නදී)
බණ අහන්නත් ලේසියි බණ කියන්නත් ලේසියි බණ පිළිපැදීම සහ ක්‍රියාවට නැංවීම තමයි අමාරුම කාර්යය. ඔබ මෙය ඔප්පුකර මහජනතාවට පෙන්වාදී ඇත. (නදී)
යුද්දෙන් පසු ජාතන්තර ඔබට තිබු පීඩනය ලංකාවේ අයට දැනුනේ නෑ. දැක්කේ නෑ. පසුවට තේරේවි. නමුත් පරක්කු වැඩියි. (නදී)
හැම ෂෝ එකම මහජන මුදලින්ම තමා. මේ මොනවා කලත් රටේ මහජන මුදල් විනාශ වෙන බව බව නොවැටහේ (නදී)
මෙතුමට හොරා හොරා කිවුවට තාම මොකුත් අල්ලලාවත් නෑ. මහා ලොකු දවස් 100. එදා හිටපු ජනාදිපති තුමා තමා තවම ඉන්නේ. නුඹලා බඩ ගැන සිතා වෙනස් වුනාට එතුමා වෙනස් වෙන්නේ නෑ. චිරන් ජයතු මහින්ද මහත්තයෝ (නදී)
ඇත්තට කලත්, බොරුවට කලත් හොඳ වැඩේට, හොඳයි කියන්න ඕනේ. ඒත් ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න ඔබ තුමා මුලින්ම ආශිර්වාද ගන්න ගියේ ඉන්දියාවේ කෝවිලකට. අපේ දළදා මාලිගාව තියෙද්ද්දීත්. පෝයට බන කියවපු එක ඇත්ත. ඉතා හොඳ දෙයක්. වෙන අදහසක් පෙර දැරි කරගෙන කලත් පින පිනම තමයි. (නදී)
රට බේරාගත් ඔබට ත්‍රිවිධ රත්නයේ සරණයි ! (නදී)
සමීරට බණ අහනකොට හිනා යන්නේ පස්ස පැත්තෙන්ද (නදී)
ජයන්ත මහත්තයෝ, මෙතුමාගේ ජීවිතය අනතුරේ දමාගෙන නුඹලාට බයක් සැකක් නැතිව ජිවත් වීමේ අයිතිය ලබා දී තිබෙනවා. ඉදිරියටත් එය රැක ගැනීමට විමසිලිමත් වන්න. (නදී)
හැමදාමත් අපේ ජනපති (නදී)
ආගමේ වැඩ කරන එක ඉතා හොඳයි. නමුත් ඒකට ඇයි ප්‍රසිද්ධියක් ? මම හොඳ බෞද්ධයෙක් කියන්න අමුතුවෙන් අවශ්‍ය නැහැ නේද ? (නදී)
ඇයි කල්ප මෙතුමා අලුතෙන් තනියම විශේෂයෙන් මොකක් හරි වීරකමක් කරලා ද ? අනෙක් අයගේ සහයෝගය එක්ක රට බේරා ගත්තා කියල නම් අපි දන්නවා. (නදී)
පරම්පරා ගණනකට දෙමල මිනිසුන් විනාශ කරපු , එහෙත් තමන්ගේ දරුවෝ හුරතල් කරපු ප්‍රබාකරන්ට බනින එක දෙමළ ජාතිකයෙක් සෙවීම ඉතාම අමාරු උනාට තම ජාතිය නිදහස් කරගත්ත මහින්දට බනින මිනිස්සු කොයිතරම්ද ? එ්ක තමයි ජාතින් දෙක අතර වෙනස (නදී)
තිලක් ඩුබාහි, ඔටු කිරි බිලද මොලේ අප්සට් එක. රට ඉදි වැඩි පුර කන්න එවිට ඔය මොලයේ කොලොප්පම් ගතිය නැති වෙයි. (නදී)
කුරිරු යුද්ධයකින් මව් බිම රැකදුන් ගරු මහින්ද මැතිදුන් ඇතුළු සියලූම දෙනාටත් ඒ වගේම ඔබ තුමාගේ සිය පව්ලටම තුනුරුවන්ගේ පිහිට ලැබේවා (නදී)
ආගම් වුනත් අවංකව අදහනවා නම් තමයි හොඳ ප්‍රතිපල ලැබෙන්නේ. වෙනත් වාසි තකා එය කිරීම හරි නැහැ. මේක අපි හැමෝටම අදාලයි. (නදී)
අපිට නම් කටවුට් පෝස්ටර් දැකලම ඇතිවෙලයි හිටියේ. බෙලිඅත්තේ පැත්තේ ජීවත්වෙන මිනිස්සුන්ට වඩා ලංකාවේ අනිත් පැතිවල ජිවත් වෙන මිනිස්සුන්ගේ අදහස් හා සිතුම් පැතුම් ගොඩක් වෙනස් හිටපු ජනාධිපති තුමනි. කොහොම හිතුවත් ඔබ තුමා ඒ ටික තේරුම් ගත්තේ නැහැ කියල තමයි අපිට නම් අවබෝධ උනේ. "ආඥානයන්ගේ ප්‍රසංසාවට වඩා ප්‍රඥාවන්තයින්ගේ තරවටුව හොඳයි" යැයි සිතුවා නම් අදටත් ඔබ තුමා ශ්‍රී ලංකාවේ ජනාධිපති! (නදී)
මෙතුමාට හොරා හොරා කියනවා තමයි. නමුත් තවම කරපු කිසි හොරකමක් ඔප්පු කරලා නෑ. කෙරුවයි කියපු හොරකන් බාගෙට බාගයක් කෙප්ප කෙබර බව දවස් කීපයකින්ම ඔප්පු උනා. ජාතියක් ගොනාට අන්දන්න අන්තර්ජාලයට පුළුවන් උනා. (නදී)
ජයසේකර ,නොදන්නා, මිනිසෙකුගේ චරිතය ඔහුගේ ඉරණමයි. මන්දිරයේ තිබී හමුවූ රුපියල් කෝටි 1,500, සුරතලයට ඇති කළ සුඛෝපභෝගී බලු සේනාව, යන විට දමා ගිය සිය ගණන් පරිඝණක යනාදී බොහෝ දේ හැලී ගොස් ය (නදී)
ඩුබායි තිලක් ප්‍රසිද්දිය ඕන නෑ කිව්වට දැන් ඔයාම ප්‍රසිද්ධිය ගත්ත නේද? ඉස්සර යුඑන්පී රජයේ හිටි ඒ ජේ රණසිංහ ඇමතිතුමා කිව්වා අපේ හොරනෑව අපි පිඹින්නේ නැත්නම් කවුද පිඹින්නේ කියලා. (නදී)
ඇතැමුන් ඔබට දොස් පවරන්නේ ඔබ වැරදි කළ නිසා නොව, ඔවුන්ගේ ඉරිසියාව සහ නොහැකියාව වසා ගන්නට. කැමති අකමැති හැමෝම අද උඩ පනින්නේ මෙතුමා නිසා (නදී)
යුද්ධ 100ක් දිනුවත් සංසාර සටනින් ජයගැනීමට සරණ වන්නේ, බුදුන්ගේ සරණ පමණයි. ඔබ සැමට බුදුසරණයි !(නදී)
මෛත්‍රී ජනාදිපති කියල මට තාම හිතා ගන්න බැහැ (නදී)
ඒක හොඳයි (නදී)
හිටපු ජනාදිපති තුමාට මඩ ගහන්න බලා ඉන්න කට්ටිය කොච්චර හොඳ වැඩක් කලත් එ්කේ වරදක් දකිනවා. හරියට නිකන් බන අහල ඒ විදිහට ජිවත් වෙන කට්ටිය වගේ උපදෙස් දීල තියෙන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ රට ගොඩ දාපු නායකයා. (නදී)
නියම සිංහල බෞද්ධයා කාටවත් පරාජය කරන්න බැහැ. මේක හොඳ උදාහරණයක් (නදී)
සිහලුනි, උඩ බලාගෙන කෙල ගහන්න එපා (නදී)
පෝයට බණ අහල විතරක් මදි මහත්තයෝ. ආගමානුකුලව මහජනතාවගේ දේවල් නාස්ති නොකර ජීවත් නොවුනොත් ඒ පව කවදා හෝ ගෙවන්න වේවි. (නදී)
බණ අහනව දකිනකොට හිනහ වෙන අයත් ඉන්නවා. කහවනු අසූ දහසක් ගන්න හිතාගෙන බණ අහපු සිටු පුතෙක් සසරින් එතෙර වූ බවවත් දන්නෙ නැත්තෙ බණ කියන වෙලාවෙත් හිනහ වෙවී හිටි නිසා වෙන්න ඇති. එතුමා මොන පදනමින් බණ අැහුවත් එහි ප්‍රතිඵල ඔහුට ලැබෙයි. වැරදි නොකළා වෙන්න බැහැ. එතුමා පුහුදුන් අයෙක් නිසා. මානව හිමිකම් විශ්ව ප්‍ර්‍රකාශනයට අනුව පුද්ගලයෙක් වැරදිකරුවකු කළ හැක්කේ විවෘත අධිකරණයකට පමණයි. එහෙම බැලුවොත් මේ කොමන්ට් දාන බොහෝ දෙනෙක් මානව හිමිකම් කඩලා. (නදී)
ඔබගේ අගේ තව මාස දෙකකින් තේරුන් ගනීවි. ඔබ රටට කරපු සේවය ඉතාමත් අගෙයි (නදී)
මේ වගේ හොඳ වැඩ කරන එක හොඳයි ..නවත්වන්න එපා බන කියන එක (නදී)
තණ්හාය ජායති සෝකෝ. දැන් ඉතින් පිනක් දහමක් කර ගෙන ඉමු අපි (නදී)
හැමදාම ඔබතුමා රටට හරිමග පෙන්නුවා. ඒක දන්නෝ දනිති. චිරං ජයතු ජනපතිතුමනි. (නදී)
දේශය දිනා දුන් නායකයාණෙනි, ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි. අපිට දැන් අහන්න බලන්න ඉතිරිවෙලා තිබෙන්නේ ඔබතුමාගේ රජය ලබාදුන් බෞද්ධයා සහ ශ්‍රද්ධා නාලිකා පමණි. (නදී)
ඇත්තටම බණ අහන්න නම් මේ කරන්නේ කමක් නැහැ. නමුත් ජනතාව රැස් කරන්න නම් මෙය තේරුමක් නැහැ. අන්ද විශ්වාස පස්සේ නොගිහින් ධර්මානුකූලව ජිවත් උනානම් අදටත් රටේ ජනාධිපති. (නදී)
සාදු, සාදු, සාදු. අතිගරු ජනාධිපතිතුමනි, ඔබගේ වත්පිලිවෙත් අතඅරින්න එපා. ඔය විදිහටම ඉදිරියටම යන්න. ඔබට සදා ජය (නදී)
රටේ සෑම දුප්පත්/පොහොසත් පුරවැසියෙකුටම සහන මිලට පුවත් පතක් මිලදී ගැනීමට සහන සලසන්න. පුවත් පත් ආයතන වලටත් පුවත් පත් සහන මිලට ලබා දීමට කටයුතු කරවන්න. එතකොට බොරුවෙන්,කපටි කමින්,ප්‍රෝඩාවෙන් අසරණ මිනිසුන් ගොන්නු කියල හිතල සුපිරි ජිවිත ගත කරන අයට වැඩි කල් පැවැත්මක් නැහැ. (නදී)
එදා ත්‍රෛියි මහා නිකාය වල හාමුදුරුවරු ලිඛිතවම ඉල්ලීමක් කල දළදා මාලිගාව වටේ කාර රේස් තරග තියන්න එපා. නලගණන් නටවන්න එපා කියල. කෝ අැහැව්වද? (නදී)
සමීර උඹ බෞද්ධයෙක්ද ? බන අහනකොට හිනා යන්නේ ? බණ කියන්නේ විහිළු කතාවක් නෙමෙයි. කොයි ආගමටවත් නිග්‍රහ කරන්න එපා (නදී)
සෝබිත හාමුදුරුවන්ට එක එක දේ කිව්වේ ඔය දැන් ඉන්න ආණ්ඩුවේ සමහර උදවිය. ඒ වගේම සමහර ලොකු තනතුරු දරපු අය නිධන් හෑරුවා. ඒවා දැන් සල්ලි කරලා ආපහු පන්සල්වලටම දෙනවා (නදී)
ඉතා උතුම් ආදර්ශමත් ක්‍රියාවක් (නදී)