
(යොහාන් භාසුර)
ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රට පුරා ඇති වූ කළහකාරී සිද්ධීන්වලින් පොදු ප්‍රවාහන බස් රථ 40 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රහාරයට ලක්ව ඇති බවත් එම බස්වලින් වැඩි සංඛ්‍යාවක් ගිනිතබා විනාශ කර ඇති බවත් බස් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
මෙම බස් රථවලින් 30 කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික බස් රථ බව ද වෘත්තිය සමිති නියෝජිතයෙක් කීය.
විනාශ වූ පස් රථ වැඩිම සංඛ්‍යාවක් කොළඹ 02 පෙරහැර මාවත බේරේවැව ප්‍රදේශයේ සහ පිත්තල හන්දිය ප්‍රදේශයේ ඇති බවත් එම ප්‍රදේශයේ බස් රථ 10 ක් පමණ විනාශ කර ඇති බව බස් වෘත්තිය සමිති කියයි.
පෙරහැර මාවත බේරේවැවේ බස් රථ පහක් පමණ ගිල්වා ඇති අතර එම බස් රථ නැරත ධාවනයට ගතනොහැකි ලෙස විනාශ වී තිබේ.
කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන අසළ සහ බම්බලපිටිය මුම්මුල්ල යන ප්‍රදේශවල ද පෞද්ගලික බස් රථ කීපයක් ගිනිතබා විනාශ කර තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) උසස් නිලධාරියෙක් පැවසුවේ අරලිය ගහ මන්දිරයේ රැස්වීමට ජනතාව ප්‍රවාහන කළ ලංගම බස්රථවලට අමතරව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථ කීපයක් ද ප්‍රහාරයට ලක්ව ඇති බවත්ය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරලිය ගහ මන්දියේ රැස්වීමෙන් පසු සාමකාමීව විසිර ගියා නම් මේ විනාශය ඇතිවන්නේ නෑ. කොහෙද අගමැතිකම බේරගන්න මැර වැඩකුත් කරන්න සංවිධානය වෙලානේ ආවේ... මැරවැඩ කළොත් මෙවැනි විපාක ඇතිවන බව නිකමටවත් හිතුවේ නෑ... බස්රථ විනාශයේ පාඩුව විඳින්නේ මගී ජනතාවමයි...