හිටපු ආර්ථික සංවර්ධන ඇමැති මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා සභාපතිත්වය දරණ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
එම පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල් රාජපක්ෂය.
එම පෙරමුණේ නාම පුවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුජන පෙරමුණට ජයවේවා (ම)
විමල්ට, ගම්මන්පිලලට, බැසිල්ලට දේශපාලන අත්දැකීම් අඩුයි. ඉතින් පොඩි විරසකකම් තිබුනත් නව පක්ෂයෙන් මර්වින් මහත්තයාට නායකත්වයට ආරාධනා කළොත් ඔහු එය බාරගනීවි. එතුමා අවසන් වරට ඉදිරිපත්වුණ මැතිවරණයෙන් ගම්පහෙන් දෙවනියට වැඩිම මනාප ගත්තා (නි)
නිතිය සාධාරණ නම් ඔතන ඉන්න අය අද ඉන්න ඕනෑ බලු කූඩුවේ. නමුත් දෙපැත්ත කන නරුමයින් නිසා රජයත් නීතියත් කොහෙද කියලා දන්නේ නැහැ. (නි)
මොවුන්ට අවශ මොනම ක්‍රමයකින් හරි බලය ලබාගැනීම පමණි. මෙවැනි මින්සුන් පසුපස යන මිනිසුන් සිටිනවා දකිනකොට ඇතිවන්නේ කණගාටුවක්. (නි)
මෙයාව පළමු සාමාජිකයා කරගන්න, වෙන කවුරුවත් හිටියේම නැද්ද? (නි)
මර්වින් සිල්ව්වා මැතිදුන් "ඊලග කෑල්ල " පොත පලකිරීමේ දේශනයේදී කළ කතාව අහන්න . අපේ අනාගත නායකයාගේ කථිකත්වයට හොදම උදාහරණයක්. නියෝජ්‍ය නායකත්වය බැසිල්ට දෙන්න (බ)
මෙන්න එක කට්ටියකට එකතු වෙන්න හොඳ පක්ෂයක් (බ)
මේක මහා පුදුම රටක්. ජතාවගේ මුදල්, රටේ සම්පත් තමන්ගේ බූදලයක් ලෙස අවභාවිතා කරපු කට්ටිය අායෙත් රට හදන්න හදනවා. මේ දෙගොල්ලෝ පස්සේ යන එක තමා රටේ ජනතාවගේ මහා කරුමය (නි)
මේ ආණ්ඩුව ගෙදර යවන්න ශක්තිය ලැබේවා! (නි)
වැරදි කෙනානේ ඇවිල්ලා ඉන්නේ (නි)
ඇත්තටම මොහු ජනතාව ප්‍රතික්ෂේප කළානේ. එහෙම කළේ හේතු ඇතුවනේ. ඕගොල්ලෝ බලය තිබුණ කාලේ ජීවත්වුණ හැටි කවුරුත් දන්නවා. දැන්වත් අනුන්ගෙන් කාලා ජීවත්වෙන්න හිතන්න එපා. (නි)
දැන්වත් ඔය හොරු කියන එක නවත්තන්න. ලොකු ලොකු හොරු කවුද කියලා ජනතාව දැනගෙන ඉවරයි....... (නි)
ජයවේවා! (නි)
අර ගෙවල් වලට අයිතිකාරයෝ නැතිවුණා වගේ, බැසිල් මහත්තයා පස්සේ කියයි සාමාජිකත්වය මගේ නෙමෙයි, කාගෙද දන්නේ නැහැ කියලා (නි)
පළමු සාමාජිකයාට කාඩ් එක දෙන්නවත් සභාපතිතුමා සහභාගිවෙලා නැහැනෙ. ඒකෙන්ම තේරෙනවා මේ පක්ෂයේ අයිතිකාරයො කවුද, හැදුවෙ ඇයි කියලා. (නි)
ජයවේවා! ජයවේවා! අපි දිනුවා එහෙනම් (නි)
පක්ෂය ආරම්භක අවස්ථාවේම කඩාවැටීමට මෙය හේතුවක්. මහින්ද මහතාගේ පරාජය! (නි)
රටට පුදුමාකාර ආදරයක් තියන මේ වගේ මිනිස්සු බිහිවෙලාම නැතුව ඇති මම හිතන්නේ. මොවුන් හිතාගෙන ඇති මිනිස්සු මැරිලා ඉපදිලා කියලා. කොහොමත් හොරුන්ට හොරුන් එකතු වෙනවා. (නි)
පළමු සාමාජිකයාම මෙහෙම නම් පස්සෙ එන අය ගැන හිතාගන්න පුළුවන්නේ (නි)
ආරම්භය නම් කියලා වැඩක් නැහැ (නි)
ඕකේ සාමාජිකයන්ට ව්‍යාඝ්‍රා නොමිලේ දෙනවා කියලයි ආරංචි . ජාති ආලය කරන්න ඉස්සරවෙලා ගෙදර දොරේ ප්‍රශ්න විසදගෙන හිටියොත් නේද හොද ? (බ)
පුද්ගලයන්ට වඩා වැදගත් පක්ෂයේ ප්‍රතිපත්ති. ඒවත් විස්තර සහිතව එලි දක්වන්න. කොහොම වුනත් මගේ සුබ පැතුම් (බ)
ඕකේ නායකත්වය ට සුදුසුම කෙනා මර්වින් සිල්වා මැතිතුමා .(බ)
පළමු සාමාජිකයා ඉතිහාසයේ සුවිසාලතම මූල්‍ය අවබාවිතවලට වංචාවලට චූදිතයෙක්. එතකොට මේ පක්ෂය තුලින් රටට දෙන ආදර්ශය කුමක්ද. (බ)
බලමු මොකද වෙන්නේ කියල.රටට හොඳක් වුනොත් අපිට ඇති. (බ)
පැරදුණ මොහොතේ ඡන්දදායකයාවත් අනාථ කර ඇමරිකාවට පැන ගිය ඔබේ පක්ෂය ගැන විලි ලැජ්ජයි. අප්පිරියයි (බ)
ඡන්ද පැරදිච්ච විගස රටින් පලා ගිය මෙයාද පළමු සාමාජික. (බ)
පළමු සාමාජිකයා මෙයාද? පක්ෂයත් ඉවරයි පක්ෂය ආරම්භක අවස්ථාවේම කඩාවැටීමට මෙය හේතුවක්. මහින්ද මහතාගේ පරාජය! (බ)
ඇයි බැසිල් විතරක් ,හැමෝම කොමිසන් ගන්නවා ,මේ ආණ්ඩුවේ අය වැඩක් නොකරම හොරකම් කරනවා .(බ)
මෙහි රාජපක්සලට, විමල්ලට විරුද්ධව කතා කරන අය ආණ්ඩුව අමු අමුවේ කරපු හොරකම් ගැනත් ලියන්න (බ)
පළමුවෙනියා වගේම අවසාන සාමාජිකයා, ඡන්ද පැරදිච්ච විගස රටින් පලා යන මෙයා පව් (බ)
අත කඩා පුටුව හදා - පුටුව කඩා බුලත හදා - බුලත කඩා පොහොට්ටු හදා - නටුවෙන් මල පරවේ වැලිකඩ ගියදා (ම)
පක්ෂයේ ජය ප්‍රාර්ථිනා කරනවා (ම)
දුරකථන ඇමතුමේ ඉඳලා හැමදෙයකටම යුද්ධ කාලේවත් නැති විදියට බදු ගහලා ඇමතිවරු රොත්තක් පෝෂණය කරන මේ ආණ්ඩුවට එරෙහිවන්නට ඔබලාට ශක්තියක් ලැබේවා! (නි)
අත්දැකීම් බහුල මර්වින් මැතිඳුන් අපේ නායකයා කරගනිමුද? (නි)
ඔබට ජය වේවා!! මේ රට මේ නරාවළෙන් ගොඩගැනීමට ශක්තිය ලැබේවා! (නි)
පළමු සාමාජිකයා මෙයාද? පක්ෂයත් ඉවරයි. (නි)
ජය නියතයි. ඔහොම යමු (නි)
මටත් කියන්න තියෙන්නේ සමන්ත කී දෙයම තමා. ඔබලාට ජය වේවා! (නි)
කවදාද දන්නේ නැහැ ආපහු ඇමෙරිකාව පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ (නි)
ජයවේවා! ලංකාවෙත් ළඟදීම බහු ජාතියට බහුතර බලය ලැබේවා! (නි)
වත්මන් පාදඩ දේශපාලනය හමුවේ රටේ ජනයා ගොනාට ඇන්දවීම දැන්වත් නැවතිය යුතුය. අන්දවන්න එන අය හඳුනාගන්නට නොහැකිවීම ඊටත් වඩා අභාග්‍යයකි. රටේ හෙට කලදවස ගැන දුක්වෙනවා ඇරෙන්නට අපට කළහැකි කිසිවක් නොමැත. කළකම් පළදෙනවා බලන්නට ඇර වෙන කුමක් කරන්නද? (නි)
අපේ සුභ පැතුම් (ර)
එතකොට ඔය ළඟ ඉඳගෙන අත්පුඩි ගන්නේ සාමාජිකයෝ නෙමේද (ර)
අපි හැමෝම දන්නවා මේ අලුත් පක්ෂයේ සාමාජිකයෝ වෙන්න ඉන්නේ කව්රුද කියලා. එ්ත් මෙයා මුලින්ම සාමාජිකත්වය ගැනීමෙන් කාට කාටත් තේරුම් ගන්න පුළුවන් අලුත් පක්ෂය යන්නේ කොහාටද කියලා. ඇත්තටම වෙන කෙනෙක් හිටියෙම නැද්ද? (නි)
අපරාදේ පොහොට්ටුව පිපෙන්නෙ නැතුවම පරවෙනවා (ර)
මෙන්න මේවා පොරොන්දු වෙනවනම් ඡන්දෙ දෙනවා. සියලුම මැති අැමති වරුන්ට පඩියට අමතරව එක් නිල රථයක් සහ එක් අාරක්ෂකයෙක් පමණයි. මාදින්නාගොඩ නිවාස සංකීර්නය තවත් පුලුල්කර සියලුම මැති අැතිවරුන්ට එකම නිවාස සංකීර්නයක නිලනිවාස සපයාදිය යුතුයි. සියලුම අමාත්‍යංශ බත්තරමුල්ල ප්‍රදේශයේ පමණක් පිහිට විය යුතුයි. නිල වාහනය ලක්ෂ දෙසීයට අඩුවිය යුතුයි. පරිසරය විනාශකරණ අය දුටුතැන වෙඩිතැබීමට හැකිලෙස නීති සකස්කල යුතුයි. එල්ලුම් ගස ක්‍රියාත්මක කල යුතුයි. ව්‍යවස්තාවට පටහැනිව ක්‍රියා කරන සියලුම අයගේ ප්‍රජාඅයිතිය අහෝසිකළ යුතුයි. මේ රටේ සියලු පුරවැසියන්ට ඕනෙම තැනක නිදහසේ ජීවත් වීමට හැකි එ්කීය රටක් වියයුතුයි. (ර)
නම තිබුනට මේක එයාගේ නෙමෙයි. අර එයාගේ දේපල වගේ (නි)
අත වෙව්ලනවා, අලියා වයස්ගත වෙලා, සීනුවේ හඬ බාලවෙලා. මේ අලුත් පක්ෂයත් පරණ වීණාවම නොගැහුවොත් අපි ඡන්දෙ දෙනවා. අපිට ෆෙඩරල් එපා. සියලු ජාතීන්ට තමන්ගේ අාගම් අදහාගෙන රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වෙන්න පුලුවන් එ්කීය බෞද්ධ රටක් අපිට අවශ්‍යයි. (නි)
හොරුන්ට නැවත බලය ගැනීම සිහිනයකි. (නි)
ජනිත්, මොකද්ද ඔය කතාව. මට ඕක කීපදෙනෙක්ම කියනවා ඇහිලා තියෙනවා. (නි)
මෙයාලා හින්දා තමයි කලින් වතාවේ පැරදුනේ කියලා අමතක වෙලාද කොහෙද (නි)
අනේ ලොකු දෙයක්. ඔය පොදු විපක්ෂයේ සෙට් එකම ඕකට ගියාම හොරු ඔක්කොම ඕකට යාවි. එතකොට මේ සෙට් එක පාර්ලිමේන්තුවට යාම ගැන මහජනතාව බලා ගනියි. පළමු සාමාජිකයා තමන්ගේ ඉඩමක් රජයට බාර දීපු සත්ගුණවත් මහත්මයෙක්. අනේ සාදු ඔය පක්ෂයට. (නි)
නියමයි. දැන් අපිට හොරු සෙට් එක, එකම තැනකදී බලාගන්න පුළුවන් වෙයි. (නි)
මහින්ද මහත්තයා පරාදයි. මන්ද බැසිල් පළමු සාමාජිකයනේ. පව්! බැසිල් පක්ෂයෙන් ගිය දවසට මහින්ද මහත්තයාට දිනන්න පුළුවන් (නි)
ආදර්ශ පාඨය "රට විකුණමු අපි ගොඩයමු" ද? (නි)
මේ අය අල්ලා හිරේ නොදැම්මාට ආණ්ඩුවට හොඳ වැඩේ කියලයි කියන්න තියෙන්නේ. (නි)
රටේ මහජන මුදල් කෝටි ගණනක අවභාවිතාව සම්බන්දධ නඩුවක චුදිතයෙක් ඇපපිට සමාජයේ ඉන්නේ. තව නඩු කීපයකට සම්බන්ධයි. නමුත් අලුත් පක්ෂයේ ආරම්භක සාමාජිකයා! ඉතින් මෙවැනි පක්ෂ වලින් රටට සෙතක් වෙයිද? (නි)
එතකොට පෙරමුණේ සභාපති වුණ ජීඇල් එ්කේ සාමාජිකත්වයත් නැතුවද සභාපති වෙලා ඉන්නේ? මාර වැඩක්නේ... (නි)
ලක්ෂී, ඔබ අප වැඩි දෙනාම කියන්න හදන දෙය කිවුවා. ඔබට ස්තුතියි. (නි)
හැමෝම මතක තියාගන්න. පක්ෂය අලුත් වුණාට ඉන්නේ පරණ හොරු ටිකමයි. බැසිල්ලා ගහපු ගැහිලි දන්නෝ දනිති. දෙගොල්ලොම එකතුවෙලා මිනිස්සු ගොනාට අන්දනවා. රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්නයක් තියෙද්දී ඇයි මොවුන්ට බැරි පාර්ලිමේන්තුවේ කථාවෙලා තමන්ගේ වියදම් අඩුකරගන්න ටික කලකට හරි. (නි)
මෙයාලා අත ගැහුවොත් ඉවරයි. ආයේ දෙකක් නැහැ මේ පක්ෂෙත් කම්මුතුයි (නි)
පුදනකොටම කාපි යකා කිවුවලු! (නි)
ජේ.ආර්.ගේ කාලෙත් මුල්කිරිගල අතුරු මැතිවරණය දිනාගන්න බැසිල් ජේ.ආර්.ට පක්ෂව මේ වගේ වැඩ කළා අපිට මතකයි. අද ඒ දෙය රනිල්ට දිනන්න පාර හදනවා. (නි)
නියම සාමාජිකයා! හරි පින්වතෙක්. කෝටි ගණන් ගෙවල් දොරවල් තමන්ට අයිති නැහැ කියන දානපතියෙක් (නි)
බලය ගන්න ඕනෑම පොරොන්දුවක් දෙයි. බලය ලැබුනට පසු කිසිම දේශපාලකයකු ඒ පොරොන්දු වලට කැමති වෙන්නේ නැහැ (නි)
මෙයා අාවා කියන්නෙ නැවත ගෙදර තමා.කාව පත්කළත් මල්ල තරවෙන්නේ බලයට එන අයගේ. හැබෑවටම මේ අය වෙහෙසෙන්නේ ජනතාව වෙනුවෙන්ද? (නි)
ලක්ෂිගේ පොරොන්දු යෝජනාවට මටත් "පාද සටහනක්" සඳහා ඉඩදෙන්න. පරිසරය විනාශ කරන අයට සහ රාජ්‍ය දේපළ අවභාවිතා කරන අයටද වෙඩි තැබීමට හෝ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට හැකි වන පරිදි නීති සකස් කළයුතුය (නි)
පුදනකොටම කාපි යකා... එහෙනම් මේ පාරත් ඉවරයි (නි)
මේ පක්ෂයේ හැටි සහ ක්‍රියාකාරිත්වය හිතාගන්න පුළුවන් පළමු සාමජිකයාගෙන්ම. (නි)
වෙන කවුරුවත් එයාව ගන්නේ නැහැ. මහින්ද ජනාධිපතිතුමාට ඉක්මනට විශ්‍රාම යන්න පුළුවන්. (නි)
ජයවේවා! අපි හොරුන්ට, හොරුන් අපිට! (නි)
මෙයාට කොහොමත් එක තැනක් නැහැ. අත්තෙන් අත්තට යන කෙනානේ. තාම හොරකම් කරපු ඒවාට නඩු ඉවර නැහැ හොඳේ (නි)
අනේ හැබෑට ඒකෙත් හැටි! (නි)
ෂා නියමයිනේ. දැන් ඉතින් පක්ෂයේ ජය ෂුවර්! (නි)
පවු. මොවුන්ට අනුකම්පා කරමු. (නි)
හැමෝම හිතා ඉන්නේ මෙයා රටට දැයට පුදුම ආදරය තියෙන මිනිහෙක් කියලයි. අනේ ඇත්තමයි මිනිසුනේ, මේ හොර දේශපාලුවන්ගෙන් දැන්වත් පාඩමක් ඉගෙනගන්න. මෙයාලා කවදාහරි පඩි නැතුව වැඩ කරන්නම් කිවුවොත් විතරක් ඡන්දෙ දෙන්න (නි)
මෙයා අාවොත් වැඩේ දෙල්. පොහොට්ටුව සදහටම මිලිනවේවි. රටට සේවය කරන්න බැසිල් නම් හරියන්නෙම නැහැ .මහින්ද ජනාධිපතිතුමා පරදින්න පරදන හේතුව මෙයා තමයි. වෙනත් අලුත් පක්ෂයක් අපිවත් හදමු (නි)
ඡන්දෙට පහුවදා සාටකෙත් නැතුව සූට්කේස් එකකුත් ඇදගෙන දුවපු දිවිල්ල තවමත් අන්තර්ජාලයේ තියෙනවා. (නි)
මේක නම් ෂුවර් එකටම බටහිර කුමන්ත්‍රණයක්..... (නි)